මහා යුද්ධය හෝ, සියළු යුද්ධ කෙළවර කිරීමට සිදුකෙරෙන යුද්ධය ලෙසින්ද හැඳින්වුණු, පළමුවන ලෝක යුද්ධය යනු, යුරෝපයෙහිදී ඇරඹුනු සහ 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 දින දක්වා පැවැති ගෝලීය යුද්ධයකි. යුරෝපීයයන් මිලියන 76 ක්ද ඇතුළු, මිලියන 70 කට වඩා වැඩි හමුදා සාමාජිකයන් ප්‍රමාණයක්, ඉතිහාසයෙහි විශාලතම යුද්ධ අතරින් එකක් වන මෙම යුද්ධය සඳහා චාලනය කෙරිණි. [1][2] සටන්කරුවන් මිලියන නවයකට වඩා වැඩි ගණනක් සහ සිවිල්වැසියන් මිලියන හතකට වැඩි ගණනක් යුද්ධය හේතුවෙන් මිය ගිය අතර ( වර්ග සංහාර ගණනාවක වින්දිතයන් ඇතුළුව), මෙම විශාල ආපතික අනුපාතිකයට හේතුකාරක වූයේ රණපත්හුන්ගේ තාක්ෂණික සහ කාර්මික විදග්ධතාව සහ, වෙහෙසකර අගල් යුද්ධකරණය නිසාවුණු උපායමාර්ගික හිරවීම් වූහ. එය ඉතිහාසයෙහි බිහිසුණුතම ගැටුම් කිහිපය අතුරින් එකක් වූ අතර, එයට සම්බන්ධ වූ බොහෝ දේශයන් තුල සිදුවූ විප්ලව ඇතුළුව විශාල දේශපාලන වෙනස්කම් එය නිසා සිදුවිය. ගැටුම අවසානයේ වුව විද්‍යාමානවූ හා එතෙකුදු නොවිසඳුනු ප්‍රතිවිරෝධයන් විසින් වසර විසිඑකක් තරම් කෙටි කාලයකට පසුව දෙවන ලෝක යුද්ධය ඇරඹීමට දායකත්වය සැපයීය.[3]

Quick Facts පළමුවන ලෝක යුද්ධය, දිනය ...
පළමුවන ලෝක යුද්ධය
Thumb
ඉහළ කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: සොම් සටන අතරතුරදී බෝම්බ හෙලීමෙන් පසුදසුන, මාක් V යුද්ධ ටැංකි විසින් හින්ඩන්බර්ග් රේඛාව පසු කල අයුරු, ඩාඩෙනෙල්ස් මෙහෙයුමෙහිදී බිම් බෝම්බයක් හා ගැටීමෙන් පසුව එච්එම්එස් ඉරෙසිස්ටබල් නෞකාව ගිලී ගිය අයුරු, සොම් සටන අතරතුරදී බ්‍රිතාන්‍ය විකර්ස් මැෂින් තුවක්කු කාර්ය මණ්ඩලයක් විසින් වායු වාරක පැළඳ සිටි අයුරු, ජාග්ස්ටොෆ්ල් 11 බල ගණයෙහි ඇල්බාටොස් ඩී.III සටන්කරුවන්
දිනය28 ජූලි 1914 – 11 නොවැම්බර් 1918
(4 years, 3 months and 2 weeks)
සාම ගිවිසුම්
  • වර්සායී ගිවිසුම
    අත්සන් තැබීම 1919 ජූනි 28
    (4 years and 11 months)[lower-alpha 1]
  • සන්-ජර්මාන්-ඔන්-ලයෙ ගිවිසුම
    1919 සැප්තැම්බර් 10 දිනදී අත්සන් තැබිණි
    (5 years, 1 month, 1 week and 6 days)
  • නුයී-සු-සෙයින් ගිවිසුම
    1919 නොවැම්බර් 27 දිනදී අත්සන් තැබිණි
    (4 years, 1 month, 1 week and 6 days)[lower-alpha 2]
  • ට්‍රියනෝ ගිවිසුම
    1920 ජූනි 4 දිනදී අත්සන් තැබිණි
    (5 years, 10 months and 1 week)
  • සේව්හ ගිවිසුම
    1920 අගෝස්තු 10 දිනදී අත්සන් තැබිණි
    (6 years, 1 week and 6 days)[lower-alpha 3]
  • එක්සත් ජනපදය–ඔස්ට්‍රියාව සාම ගිවිසුම
    1921 අගෝස්තු 24 දින අත්සන් තැබිණි
    (3 years, 8 months, 2 weeks and 3 days)[lower-alpha 4][lower-alpha 5]
  • එක්සත් ජනපදය–ජර්මනිය සාම ගිවිසුම
    1921 අගෝස්තු 25 දිනදී අත්සන් තැබිණි
    (4 years, 4 months, 2 weeks and 5 days)[lower-alpha 6]
  • එක්සත් ජනපදය–හන්ගේරියාව සාම ගිවිසුම
    1921 අගෝස්තු 29 දිනදී අත්සන් තැබිණි
    (3 years, 8 months, 3 weeks and 1 day)[lower-alpha 7]
  • ලොසාන් ගිිවිසුම
    1923 ජූලි 24 දිනදී අත්සන් තැබිණි
    (8 years, 8 months, 3 weeks and 4 days)[lower-alpha 8]
පිහිටුම
යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ශාන්තිකර දිවයින්, චීනය, ඉන්දියානු සාගරය සහ, දකුණු සහ උතුරු ඇමරිකාවෙහි වෙරළෙන් ඔබ්බෙහි
ප්‍රතිඵලය

මිත්‍ර පක්ෂ ජයග්‍රහණය

  • නැගෙනහිර පෙරමුණෙහි බලවතුන්ගේ ජයග්‍රහණය, බටහිර පෙරමුණෙහි පරාජයන් විසින් ශුන්‍යකරණය කෙරිණි
  • ජර්මානු, රුසියානු, ඔටෝමාන්, සහ ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යයන් බිඳ වැටීම
  • රුසියානු සිවිල් යුද්ධය සහ සෝවියට් සංගමය සංස්ථාපනය කෙරුම
  • යුරෝපයෙහි සහ මැද පෙරදිග නව රටවල් නිර්මාණය වීම
  • ජර්මානු යටත් විජිත සහ පූර්ව ඔටෝමාන් අධිරාජ්‍යයෙහි ප්‍රදේශ වෙනත් බලවතුන් වෙතට පවරාදීම
  • ජාතීන්ගේ සංගමය පිහිටුවීම. (තවත්...)
යුද්ධාවතීරයන්

මිත්‍ර පක්ෂය
 ප්‍රංශය
 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
 රුසියාව (1917 වනතුරු)
 සර්බියාව
 මොන්ටිනිග්‍රෝ
 බෙල්ජියම
 ජපානය
 ඉතාලිය (1915–18)
 පෘතුගාලය (1916–18)
 රුමේනියාව (1916–18)
හෙජෑස් (1916–18)
 එක්සත් ජනපදය (1917–18)
 ග්‍රීසිය (1917–18)
තායිලන්තය සියමය (1917–18)

...සහ අනෙකුන්

මධ්‍ය බලවතුන්
 ජර්මානු අධිරාජ්‍යය
 ඔස්ට්‍රියා-හන්ගේරිය
 ඔටෝමාන් අධිරාජ්‍යය
 බල්ගේරියාව (1915–18)

...සහ සහාය-යුද්ධාවතීරණයන්
ආඥාපතියන් සහ නායකයන්

මිත්‍ර පක්ෂ නායකයෝ
ප්‍රංශ තුන්වන ජනරජය ජෝර්ජ් ක්ලෙමන්සෝ
ප්‍රංශ තුන්වන ජනරජය රෙමොන් පොයින්කැරේ
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එච්. එච්. ඇස්කුයිත්
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ්
රුසියානු අධිරාජ්‍යය දෙවන නිකලස් රජ
ඉතාලි රාජධානිය විතෝරියෝ ඔර්ලැන්ඩෝ
ඉතාලි රාජධානිය තුන්වන වික්ටර් ඉම්මැනුවෙල් රජ
එක්සත් ජනපද වුඩ්රෝ විල්සන්
ජපාන අධිරාජ්‍යය යොෂිහිතෝ අධිරාජයා
සර්බියා රාජධානිය පළමුවන පීටර් රජ
රුමේනියානු රාජධානිය පළමුවන ෆර්ඩිනන්ඩ් රජ

...සහ අනෙකුන්

මධ්‍ය බලවතුන් නායකයෝ
ජර්මානු අධිරාජ්‍යය දෙවන විල්හෙල්ම් අධිරාජයා
ඔස්ට්‍රියා-හන්ගේරිය පළමුවන ෆ්‍රාන්ස් ජෝසප් රජ
ඔස්ට්‍රියා-හන්ගේරිය පළමුවන කාල් රජ

ජර්මානු අධිරාජ්‍යය පෝල් වොන් හිඩන්බර්ග්
ජර්මානු අධිරාජ්‍යය Erich Ludendorff
ඔස්ට්‍රියා-හංගේරියා I ප්‍රාන්ස් ජෝසෆ්
ඔස්ට්‍රියා-හංගේරියා I කාල්
ඔටෝමාන් අධිරාජ්‍යය İsmail Enver
බල්ගේරියානු රාජධානිය I ෆර්ඩිනන්ඩ්

සහ වෙනත්
හමුදාමය ප්‍රබලතාවය

මිත්‍ර පිල Russian Empire 15,000,000

ප්‍රංශය 8,317,000

ඉතාලි රාජධානිය 5,200,000

එක්සත් රාජධානිය 5,000,000+

එක්සත් ජනපද 4,000,000

Kingdom of Romania 660,000

සර්බියා රාජධානිය 420,000

බෙල්ජියම 267,000

Kingdom of Greece 250,000

Montenegro 40,000+

පෘතුගාලය 33,000

Total: 39,087,000+ (ඇස්තමේන්තු ගත)

මධ්‍යම බලවතුන්

ජර්මානු අධිරාජ්‍යය 13,000,000

ඔස්ට්‍රියා-හංගේරියා 7,800,000

ඔටෝමාන් අධිරාජ්‍යය 2,000,000+

බල්ගේරියානු රාජධානිය 1,200,000

Total: 24,000,000+ (ඇස්තමේන්තු ගත)
අපාතිකයන් සහ හානි
හමුදා මියයාම්:
5,525,000
හමුදා තුවාලවීම්:
12,831,500
හමුදා අතුරුදන්වීම්:
4,121,000
එකතුව:
22,477,500 KIA, WIA or MIA ...අමතර තොරතුරු.
හමුදා මියයාම්:
4,386,000
හමුදා තුවාලවීම්:
8,388,000
හමුදා අතුරුදන්වීම්:
3,629,000
එකතුව:
16,403,000 KIA, WIA or MIA ...අමතර තොරතුරු.
Close

යුද්ධයේ ආරම්භය

  1. යුද්ධය ආරම්භ වීමට හේතු:
  • ජර්මනිය එක්සේසත් කිරීමේදි ප්‍රංශය හා ජර්මනිය සතුරන් වීම.
  • ජර්මන් අධිරාජ්‍යයා වූ දෙවන විලියම්ගේ ක්‍රියා කලාපය
  • යටත් විජිත සදහා වු තරගය
  • අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.
  • ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය
Thumb
පළමු ලෝක යුඬයට සහභාගීවූ රටවල්

පළමු වන ලෝක සංග‍්‍රාමය ඇති වූයේ ක‍්‍රි. ව 1914 වන විට යුරෝපයේ ප‍්‍රධාන බලවතුන් විසින් ඇතිකරගෙන තිබු මිත‍්‍ර පිල හා මධ්‍යම බලවතුන්ගේ පිල යන දෙපාර්ශවය අතරයි

  • මිත‍්‍ර පිලේ රටවල්- මහා බ‍්‍රිතාන්‍යය, ප‍්‍රංශය, රුසියාව සහ ඇමෙරිකාව
  • මධ්‍යම බලවතුන්ගේ පිල- ජර්මනිය, ඔස්ට‍්‍රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව

පළමු වන ලෝක මහා සංග‍්‍රාමයේ ප‍්‍රථම ගැටුම සිදු වුයේ සර්බියාව හා ඔස්ට‍්‍රියාව අතරයි. ඉන් පසු එම දෙරටේ මිත‍්‍ර පක්ෂ ක‍්‍රමයෙන් යුද්ධයට අවතීර්ණ වුහ. ඒ අනුව ඕස්ට‍්‍රියාවට ආධාර පිණිස ජර්මනියත් සර්බියාවට ආධාර පිණිස රුසියාව හා ප‍්‍රංශයත් ප‍්‍රධාන පාර්ශවකරුවෝ ලෙස යුද්ධයට එකතු වුහ. ආරම්භයේදී බ‍්‍රිතාන්‍යය යුද්ධයට සම්බන්ධ නොවිය. එහෙත් ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වැදීම නිසා තවදුරටත් සංග‍්‍රාමයෙන් ඉවත්ව සිටීම බ‍්‍රිතාන්‍යයට කල නොහැකි විය. 1912 දී ප‍්‍රංශය හා බ‍්‍රිතාන්‍යය අතර ඇති කොට ගෙන තිබු ගිවිසුම අනුව උතුරු මුහුද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුනේ බ‍්‍රිතාන්‍යයටයි. ඒ අනුව ක‍්‍රි. ව 1914 අගෝස්තු 04 වන දින මහා බ‍්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප‍්‍රකාශ කරමින් යුද්දයේ පාර්ශව කරුවෙකු බවට පත්විය. අගෝස්තු 12 වන දින මහා බ‍්‍රිතාන්ය ,ඔස්ට‍්‍රියාව හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන ලදී. මෙසේ බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යය යුද්ධයට සම්බන්ධ වීම නිසා යුරෝපයේ යුද්ධ උණුසුම ලොව විසු ජාතීන්ගේ වැඩි කොටසකට ඍජුව මෙන්ම වක‍්‍රවද පැතිරී ගියේය.

යුද්ධයේ ව්‍යාප්තිය

බෙල්ජියම එල්ල කල බාධා මැඩ පැවැත්වූ ජර්මනිය පහසුවෙන්ම බෙල්ජියම හරහා ප‍්‍රංශයට ඇතුළු විය. ඔස්ට‍්‍රියාව ජර්මන් ආධාර ඇතිව රුසියාවට හා සයිබීරියාවට පහර දී එම රටවල් වල හමුදා

පසුබෑමට ලක් කළේය. සයිබීරියාවට ආධාර පිණිස මිත‍්‍ර පාක්ෂික හමුදාවන්ට එරටට ඇතුළු වීමට නොහැකි වුයේ ජ්ර්මනියේ පක්ෂය ගෙන සිටි ග‍්‍රීසිය විසින් එම මාර්ගය අවහිර කිරීම නිසාය. මුලදී මධ්‍යම බලවතුන්ගේ පිලේ සාමාජිකයෙකු වූ ඉතාලිය යුද්ධයේ ආරම්භයත් සමගම මධ්‍යස්තව සිටියේය. පසුව රහස් ගිවිසුමක් මගින් එරට මිත‍්‍ර පාක්ෂික පිලට එකතු විය. ඉතාලිය පසුව එසේ පිල් මාරු කොට යුද්ධයේ කොටස් කරුවෙකු වුයේ ප‍්‍රදේශ කීපයක් තම රට සතු කරගැනීමේ අරමුණ ඇතිවී. ඒ අනුව ක‍්‍රි. ව 1915 මැයි මාසයේ ඉතාලිය ඔස්ට‍්‍රිය හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුධ ප‍්‍රකාශ කරන ලදී. අති නවීන යුධ්ධායුද ප‍්‍රයෝජනයට ගනිමින් දීර්ග සටන්වල යෙදුනු ජර්මන් හමුදාවන්ටත් මිත‍්‍ර පාක්ෂික හමුදාවන්ටත් අපේක්ෂිත ජයග‍්‍රහණය ලැබිය නොහැකි වුවද දෙපාර්ශවයෙන්ම කලේ අලූත් මිත‍්‍රයන් දිනා ගැනීමේ උත්සාහයක නිරත වීමයි. ඒ අනුව ජර්මනිය තුර්කි අධිරාජ්යයත් බල්ගේරියාවත් සිය පක්ෂයට දිනාගත් අතර බ‍්‍රිතාන්‍යය ප‍්‍රමුඛ මිත‍්‍ර පාක්ෂිකයෝ ඉතාලිය අමතරව පෘතුගාලයත් ජපානයත් තම කඳවුරට එකතු කර ගත්හ. ජපන් නාවික හමුදා විසින් ජර්මනියට අයත්ව තිබු චීනයේ කියෝතෝ ප‍්‍රන්තයද ශැන්ටුන් අර්දධ්ද්වීපයද අත්පත් කරගත්හ දෙපාර්ශවය අතර ගොඩබිම සටන්ද මුහුදු සටන්ද ඇතිවිය. යුධ උපකරණ පමණක් නොව ආහාර ද‍්‍රව්‍ය ලබා ගැනීමේදී පවා ජර්මනිය විසින් බ‍්‍රිතාන්‍යයට අවහිර කරන ලදී. බ‍්‍රිතාන්‍යයට අවශ්‍ය ද‍්‍රව්‍ය ගෙන එන මිත‍්‍ර පාක්ෂික නැව්වලට අනතුරු නොඅඟ ව පහර දෙන බව නිවේදනය කල ජර්මනිය ඒ සමඟ නැව්වලට පහර දීම වේගවත් කළේය. ඒ හේතුවෙන් බ‍්‍රිතාන්‍යය වරායන්ගෙන් පිටත්වන සැම නැව් හතරෙන් එකක් වත් ජර්මනියේ සබ්මැරීන ප‍්‍රහාර වලට ගොදුරු විය. 

යුද්ධයේ ප්‍රතිඵල

  • මධ්‍යම බලවතුන් පරාජයවීම හා මිත්‍රපිල ජයගැනීම.
  • විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපල විනාශ වීම.
  • විද්‍යාත්මක හා තාක්‍ෂණික යුධෝපාය මාර්‍ග බෙහෙවින් භාවිතා වීම.
  • ලොව මහා බලවතා වීමට අවශ්‍ය ධනය, බලය හා ශක්තිය ඇමරිකාව විසින් ලබාගැනීම.
  • වරදකරු ලෙස ක්‍රි.ව. 1919 ජුනි 28 දින ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම පැනැවිණි.
  • යුරෝපයේ වූ ඒකාධිපති රාජ්‍ය බිඳවැටී ජාතිකත්‍ව මූලධර්‍මය පදනම්වූ නව රාජ්‍ය බිහිවිණි.
ඒවානම්, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, පින්ලන්තය, රුමේනියාව, යුගොස්ලෝවියාව

පළමු ලෝක යුඬයේ කාලතුවක්කු ප්‍රහාර

පලමු වතාවට කාලතුවක්කු ප්‍රහාර ආරම්භ වුයේ Loos සටනේදිය. මෙහිදි පලාබල හමුදාවක් ක්‍රියා කලේ නැත. Somme සටනේ දි ප්‍රථම විශාල කාලතුවක්කු දිස් වු අතර, මෙහිදි පාබල හමුදාව ද එයට සහය දැක්විය. පහලොස්වන (xv) බල ඇණියේ කාලතුවක්කු පෙර සකසා තිබුණේ විනාඩියකට යාර 50 කට එකගවිමට. අවාසනාවකට එම කාලතුවක්කු පාබල හමුදාව ආරක්ෂා කිරිමට අසමත් වුයේ, පාබල හමුදාව හමුදා දෙකට මැදි වු අර්බුදකාරි බිමක් තරණය කිරිමේදිය. තවද Somme පෙරමුණේදි පාබල හමුදාවට කාලතුවක්කු සමග පියවර තැබිමට අපහසු විය. 1916 සැප්තැම්බර් සිට පාබල හමුදාව ප්‍රහාර වලදි භාවිතා වු උපායශිලි මෙහෙයුම වුයේ බිම ඇනො කාලතුවක්කුය. එම උපක්‍රමය ප්‍රංශ හමුදාවට විහිදුනු අතර 1916 නොවැම්බර් මස verdun හි Vaux බලකොටුව ප්‍රංශය නැවත ජයග්‍රහණය කිරිමට මෙය උපකාරි විය. Somme සටන‍ේ අවසාන බාගය වන විට බ්‍රිතාන්‍ය හමුදාවන් කාලතුවක්කු අසල සිටිමේ අනිසංසා දැන ගත්හ. BEF Aerial නිරික්ෂකයෙකුගේ වාර්තාවක PERFECT WALL OF FIRE සංකල්පයට ප්‍රකාශනිය තොරතුරැ ඇතුලත් වි තිබිණ. එහිදි බ්‍රිතාන්‍ය හමුදාවේ 50 වන කණ්ඩයේ පාබල හමුදාවට කාලතුවක්කු වලට යාර 50 ක් සිට කටයුතු කිරිටෙමන්, ‍ගමක් අවම විරෝධ හමුවේ අත්පත් කර ගැනිමට හැකිවිය. වාර්තාවකට අනුව අත්දැකිම් තුලින් පිළිබිඹු වනුනේ, විශාල තුවාලකරැවන් ප්‍රමාණයන් බෝම්බ වරඑැසාවන් ගැන ‍සෝදිසි නොවිමෙන් තුවාල ලබන වඩා සුළු තුවාලකරැවන් ප්‍රමාණයක් ත.මන්ගේ කාලතුවක්කු වලින් ඉදහිට තුවාල ලැබිම උචිත බව පවසිණි.

ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය කාලතුවක්කු සමන්විත වනුයේ උණ්ඩ කැබලි වලිනි. පසුව සැම ප්‍රමාණයේ ගිලියම් ද යොදා ගැනිනි. පසුව සම‍හර අවස්ථාවලදි කොපුද යොදා ගැනිනි. මෙම ඇදි යන කාලතුව්ක්කු විනාඩියකින්. විනාඩි 6ක් අතර යාර 100 ක් ගමන් කළේය. එම වේගයට වම් පෙදෙස මෙන්ම එහි තත්වය ද බලපැවේය. විනාඩි 6 ක කාලයක් ඇතුලත මෙම දුර ගමන් කිරිම මන්දගාමි ලෙස සැළකිණි.

1917 වසරේ Arros සටන් සමයේ මෙම බිම ඇදියන කාලතුවක්කු ඉතා විශාල හා සංකිර්න විය. එහි වෙඩි තැබිම lines 5ක් ‍ෙ‍තා්රා ගන්නේ තිබු අතර එය යාර 200 ක ගැඹුරක් පාබල හමුදාවට ඉදිරියෙන් ආවරණය කළේය. සතුරා මිත්‍ර චේතනාවෙන් රැවටිමට හා ඔවුන්ගේ ස්ථානයේ ආනාවරණය කිරිමට වානිජ කාලතුවක්කු ප්‍රහාර යොදා ගැනිණි. බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර කැනඩා වැටිය ජයග්‍රහණය කිරිමට බොහෝ සේ උදව් විය.

Col george Bruchmuller නැගෙනහිර යුධ පෙරමුණෙහි ද්වන්ධ බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කල අතර එහි පළමු පෙළ සැකසි තිබුණේ වායුමය පටක වලිනි. ඔහුගේ අදහස් 1918 වසරේ ජර්මානු වසන්ත සමයේ ආක්‍රමණය වලදි භාවිතා කෙරිණි.

බටහිර ජාතින් අතර විශාල මුලික කාලතුවක්කු ප්‍රහාර බාවිතය පළමු ‍ෙ‍ලා්ක යුධ් සංග්‍රාමය සමග අවසන් වුයේ ඉස්තරම්ම ප්‍රතිඵල ලබා ගතක හැකි වනුයේ සතුරාට විවෘත රණකාමය පටන් ගැනිමේ බ්‍රිතාන්‍යන් එම දුවන කාලතුවක්කු වලින් එල්ල කල ප්‍රහාර අවම කල අතර වැඩිපුර‍ lifts සහ concentrations යොදා ගැණිනි.

යුධ ටැංකි මගින් ප්‍රහාර එල්ල කිරිමේදි සමාන තරම් කාලතුවක්කු හමුදාවක් අවශ්‍ය ‍නොවේ. 1917 cambrai සටන් දි එක් කාලතුවක්කු ප්‍රහාරයක හෝ මුළු ඉදිරි ආක්‍රමණයේ බාවිතයේදි අත්හරින ලදි. නවින වෙඩි තැබිමේ පාලන ක්‍රම මගින් පාබල හමුදාව, කාලතුවක්කු ප්‍රහාර වල සහාය ඍජුව ලබා ගැනිම අඩු කළ අතර එම බාගය හදුනාගත් සතුරැ ස්ථාන ඉලක්ක කිරිමේදි යොදා ගැනිමට ද අවම කෙරිනි.

එහෙත් කාලතුවක්කු මගින් නොනවත්තා වෙඩි තැබිම භාවිතයේ රැදි තිබින. 1918 අ‍ගෝස්තු 31 ප්‍රහාරයේද් ඇමරිකානු 32 වන හමුදාංශයේ පෙරමුණ ගත්තේ පදිංක කාලතුවක්කුය පළමුව ජර්මානු මග පසු කිරිමෙන් අනතුරැව කාලතුවක්කු දෙවතාවක් නැවත පැමිණියේ. හමුදා බිංගේ තලින් තම ප්‍රහාරක ස්ථාන වලට පැමිණෙන ප්‍රතිවිරැද්ධ ආරක්ෂකයන් අල්ලා ගැනිමට තැත් කිරිම හා ආරක්ෂකයන් නියම ප්‍රහාර ආරම්භයේදි පොලෙව යටම තැබිමටය

මේවාත් බලන්න

  1. දෙවන ලෝක යුද්ධය
  2. ඇඩොල්ෆ් හිට්ලර්

අධෝසටහන්

  1. පැරිස් සාම සම්මේලනයෙහිදී එකඟතාවයට එළඹුනු කිසිම ගිවිසුමක් එක්සත් ජනපදය විසින් බලාත්මක නොකෙරිණි.
  2. 1915 ඔක්තොම්බර් 14 දිනදී බල්ගේරියාව විසින් මධ්‍ය බලවතුන් හා එක් වුණි.
  3. ඔටෝමාන් අධිරාජ්‍යය විසින් 1914 අගෝස්තු 2 දිනදී ජර්මනිය සමගින් රහස් ගිවිසුමකට එකඟ විය. 1914 ඔක්තොම්බර් 29 දිනදී මධ්‍ය බලවතුන්ගේ පාර්ශවයෙන් එය යුද්ධයට එක් විය.
  4. 1917 දෙසැම්බර් 7 දිනදී එක්සත් ජනපදය විසින් ඔස්ට්‍රියා-හංගේරිය වෙත යුද්ධ ප්‍රකාශ කෙරිණි.
  5. ඔස්ට්‍රියා-හන්ගේරිය සඳහා අනුප්‍රාප්තික රාජ්‍යයන් අතරින් එකක් ලෙසින් ඔස්ට්‍රියාව සලකන ලදි.
  6. 1917 අප්‍රේල් 6 දිනදී, එක්සත් ජනපදය විසින් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කෙරිණි.
  7. ඔස්ට්‍රියා-හන්ගේරිය සඳහා අනුප්‍රාප්තික රාජ්‍යයන් අතරින් එකක් ලෙසින් හන්ගේරියාව සලකන ලදි.
  8. සේව්හ ගිවිසුම විසින් අදහස් කෙරුණේ මිත්‍ර පක්ෂය සහ ඔටෝමාන් අධිරාජ්‍යය අතර යුද්ධය අවසන් කෙරුම වුවද, මිත්‍ර පක්ෂය සහ ඔටෝමාන් අධිරාජ්‍යයෙහි අනුප්‍රාප්තික රාජ්‍යය වූ තුර්කි ජනරජය ලොසාන් ගිවිසුමට එකඟ වූහ.

පුස්තක නාමාවලිය

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.