![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/BolexH16.jpg/640px-BolexH16.jpg&w=640&q=50)
සිනමාව
From Wikipedia, the free encyclopedia
සිනමාව යන පදය මගින් චිත්‍රපටි, කලාවක් ලෙස චිත්‍රපටි ක්ෂේත්රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැඳින්විය හැක. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවි කරණ ක්‍රම භාවිතය මගින් රූපරාමු නිර්මාණය හෝ විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදුකෙරේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/BolexH16.jpg/320px-BolexH16.jpg)
චිත්‍රපට නිශ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණු සංස්කෘතිකමය මානවකෘතීන් ලෙස සැලකිය හැකි අතර පෙරලා ඒවා මගින් සංස්කෘතිය වෙත ද බලපෑම් ඇති වේ. ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක්, පුරවැසි අධ්‍යාපනය (හෝ අධිශික්ෂණය) සැපයීම සඳහා ප්‍රබල ක්‍රම වේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැලකිය හැක. සිනමාවෙහි දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සංනිවේදක හැකියාවක් පවතියි. ඇතැම් චිත්‍රපට හඬකැවීම් හෝ උපසිරැසි (මෙහිදි සංවාද පරිවර්තනය කොට ඉදිරිපත් කෙරෙයි) යෙදාගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්ධ නිර්මාණ බවට පත්ව ඇත.
සාම්ප්‍රදායික ක්‍රමයේදී චිත්‍ර පටයක් තනිතනි රූපරාමු රැසකින් යුක්ත වේ. මෙම රූපරාමුව එකදිගට වේගවත්ව ප්‍රදර්ශනය කරන විට නිරීක්ෂකයා හට චලනයක් සිදුවේ යැයි හැඟේ. මෙහිදී රූපරාමු මාරුවීම නිරීක්ෂකයා හට දැකිය නොහැකි අතර ඊට හේතුව ඇස තුළ අපට පෙනෙන යම් වස්තුවක රූපය එම වස්තුව මුල් පිහිටුමෙන් ඉවත් වු පසුව ද තත්පරයකින් කුඩා කාලයක් දක්වා ඇස තුළ පැවතීමේ ආචරණයයි. (Persistence of Vision) ඒ අනුව නිරීක්ෂකයන් චලනයක් සිදුවේ යැයි තීරණය කරන අතර ඒ සඳහා බීටා චලනය නම් මානසික ආචරණය හේතුවේ.
චිත්‍රපටි හැඳින්වීමටත් භාවිතා වන ඉංග්‍රීසි වචනය “Film” නම් වන අතර අතීතයේදී චිත්‍රපටි පටිගත කිරීම සහ ප්‍රදර්ශනය සඳහා භාවිතා කළ මූලික මාධ්‍ය වන ඡායාරූප පටල (Photographic film – Film Stock) හැදින්වීම සඳහා භාවිතා වූ ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ පදයකි. චිත්‍ර පටියක් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් විවිධ නම් භාවිතා කළ හැක. (picture, picture show, photo play, flick සහ වඩාත් පොදුවේ movie) මෙම ක්ෂේත්රය හැඳින්වීමට භාවිතා වන අනෙකුත් පදයන් අතරට රිදී තිරය වැනි යෙදුම් පෙන්වා දිය හැක. (the big screen, the silver screen, the cinema, the movies)