විද්‍යුත්-චුම්බක ආවලිය
From Wikipedia, the free encyclopedia
විද්‍යුත් චුම්බක ආවලිය යනු විද්‍යුත් චුම්බක විකිරණවල සම්පූර්ණ පරාසය වේ. හැඳින්වෙන්නේ ලාක්ෂණික ව එම වස්තුව අවශෝෂණය හෝ විමෝචනය කරන සියලු පරාස වල විද්‍යුත් චුම්බක තරංග වල එකතුවයි. ඉතා පහල සංඛ්‍යාත වල ඇති රේඩියෝ තරංග වල සිට ඉහළ සංඛ්‍යාත සහිත ගැමා කිරණ දක්වා විද්‍යුත් චුම්බක වර්ණාවලිය විහිදෙයි. එහි තරංග ආයාමය කිලෝමීටර දහස් ගණනක් වන තරංග වල සිට පරමාණුවකටත් වඩා කුඩා තරංග ආයාමයක් ඇති තරංග ඇත. ඊට ගත හැකි උපරිම තරංග ආයාමය විශ්වයෙහි පළල වන අතර, කුඩාතම තරංග ආයාමය වන්නේ ප්ලාන්ක් දූරකය යි. කෙසේ වුව ද වර්ණාවලිය අනන්ත සහ සන්තතික බව සැලැකේ.
![කිරණ අනුව විද්‍යුත් වර්ණාවලිය](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f1/EM_spectrum.svg/640px-EM_spectrum.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/3/31/Spectrum.png)