සෘජු ප්රජාතන්ත්රවාදී උපක්‍රම යනු සෘජු ප්රරජාතන්ත්රවාදය ප්‍රායෝගිකව ක්‍රියා නංවන උපක්‍රම From Wikipedia, the free encyclopedia
ප්රජාතන්ත්රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාවගේ සාමුහික තීරණය මත ගොඩනගා ගනු ලබන පාලන තන්ත්රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
ප්රජාතන්ත්රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමාජයක දක්නට ලැබේ. මෙසේ පැවතීම රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය සංවර්ධනය සදහා බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්රජාතන්ත්රවාදය වෙනස් වේ. මේ අනුව ප්රජාතනත්රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.
ප්රජාතන්ත්රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්රජාතන්ත්රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්රජාතන්ත්රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්රජාතන්ත්රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්රජාතන්ත්රවාදයයි.
ප්රජාතන්ත්රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්රජාතන්ත්රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.