![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a8/London.bankofengland.arp.jpg/640px-London.bankofengland.arp.jpg&w=640&q=50)
බැංකු
From Wikipedia, the free encyclopedia
බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාරවලදි මිනිසුන්ගේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා වෙළඳුන්ගෙන් බැංකු ක්‍රම වල ආරම්භය වශයෙන් පිලිගැනේ. එය ඉතාමත් ප්‍රාථමික වශයෙන් දියුණුවෙමින් පවතින යුගයක් බැවින් මූල්‍ය ක්‍රමවල වටිනාකම එදවස ඔවුනට නොතේරෙන්නට ඇති. නමුත් මේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා මෙම කණ්ඩායම් අද බිහි වී ඇති විශාල බැංකු සමාගම්වලට පාදම වැටුනු බව ඔබ විටෙක පිලි නොගන්නවා විය හැක. අද බිහිවී ඇති විශාල මූල්‍ය සමාගම් විසින් ලබා දෙන සේවා හා විශාල පරතරයක් එදා බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂටාචාර තුල දක්නට ලැබෙන මේ ධාන්‍ය වෙළඳුන් මිලට ගන්නා ධාන්‍ය අතර පවතී. ඒ ක්‍රිස්තු පූර්ව දෙදාහ වන විට ඇසිරියානු හා බැබිලෝනියානු ශිෂ්ටාචාරවල දක්නට ලැබෙන බංකු ක්‍රමයයි. නමුත් මීට වසර සියගණනකට පසුව බිහි වෙන ග්‍රීසිය තුල පොලියට ණය ලබා දෙන සේවයක් බිහි විය. එය පසුව විරාජමානව වැජබෙන රෝම අධිරාජ්‍ය තුලදීද මෙය දක්නට ලබේ. මෙම පොලියට ණය ලබා දෙන සේවා ආගමික ස්ථානවල ක්‍රියාත්මක විය. මොවුන් විසින් සමාජයේ ඉහල පැලැන්තියේ වෙසෙන ප්රභූන්ට මෙන්ම ඉහළ නිල තල ඇති ධනවත් පුද්ගලයන්ගේ ධනය එක්රැසි කොට එයට පොලී ගෙවීමක් සිදු කරනු ලැබූහ. මහජනයා හට එම එකරැස් කර ගත් මුදල් ලබා දී එකතු කරගන්න පොලියෙන් කිසියම් ප්‍රතිශතයක් එමමුදල් තැන්පත් කරුවන්ට ඔවුන් ලබා දෙයි. රෝම හා ග්‍රීසිය තුල දක්නට ලැබුනු ණයට ලබා දීම අතීතයේදී චීනය හා ඉන්දියාවේද දක්නට ලැබුනි. එය ඉතාමත් ප්‍රාථමික නමුත් බැබිලෝනියානු ශිෂ්ටාචාර ක්‍රමයට වඩා ඉතා ඉහල පිලි ගනීමක් ලැබුනි. නමුත් පුනරුද සමයේදී මූල්‍ය ක්‍රම ඉතාමත් ඉහලින් පැවතුනි. ඉතාලිය විසින් අද පවහින නවීන බැංකු වල ආරම්භය සනිටුවහන් වුනි. එකල යුරෝපයේ ධනවත් වෙළෙඳ නගර වූ ෆ්ලෝරන්ස්, වැනීසිය ජිනෝවා වැනි ඉතාලි වෙළෙඳ නගර තුල බැ\කු ක්‍රම දක්නට ලැබුනි. බාර්ඩි පෙරුසි පරම්පරාව විසින් මුලු යුරෝපය පුරාම ෆ්ලෝරන්ස් නගරය පදනම් කොට ගෙන බැංකු බිහි විය. නමුත් ඉතාමත් සුප්‍රසිද්ධ බැංකුවක් ලෙස ප්‍රසිද්ධ මෙඩිසි බැංකුව ගියෝවෙනි මෙඩිසි විසින් 1397දී අරම්භ කරන ලදී. බැංකු ක්‍රම වල ඉතාමත් දියුණු පරිචයක් ඈම්ස්ටර්ඩෑම් නගරය තුලදී දාහත්වන සියවසේදී ලන්දේසී පාලන යුගයේදී ඇති විය. අලුතින් නව සංකල්ප 17වන සියවසේදී මෙන්ම දහ අටවන සියවසේදී ලන්ඩනය නගරය මුල්කරගෙන බිහි වූ බැංකු ව්සින් ඉදිරිපත් කලහ. නමුත් විසිවන සියවසේදී අන්තර්ජාලය හා පරිගණක ගත මෙහෙයුම් නිසා ගණු දෙනු කරුවන් වෙත හා එම කාර්යය මණ්ඩලයන් වෙත ඉතාමත් පහසුවෙන් මෙම බැංකු සේවා ලබා දීමට හැකි විය.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Paolo_Monti_-_Serie_fotografica_-_BEIC_6336964.jpg/640px-Paolo_Monti_-_Serie_fotografica_-_BEIC_6336964.jpg)