4වන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය
From Wikipedia, the free encyclopedia
4වන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය යනු ආවර්තිතා වගුවේ ඇති මූල ද්‍රව්‍ය සමූහයකි. වර්තමාන IUPAC හි නාමකරණයට අනුව ආවර්තිතා වගුවේ 4වන කාණ්ඩය ටයිටේනියම්(Ti), සර්කෝනියම්(Zr), හැfප්නියම්(Hf) සහ රුදර්fපෝඩියම්(Rf) යන මූල ද්‍රව්‍ය වලින් සමන්විත වේ. මෙම කාණ්ඩය ආවර්තිතා වගුවේ d- block හි පිහිටයි. මෙම කාණ්ඩය ඔවුන් විසින් ම පොදු නාමයක් දිනාගෙන නොමැති අතර අන්තරික ලෝහ වල පුළුල් වර්ගීකරණයට අයත් වේ.
කාණ්ඩය → | 4 | ||||||
---|---|---|---|---|---|---|---|
↓ ආවර්තය | |||||||
4 | title="ආන්තරික ලෝහ; මූලාවස්ථිත; ඝණ" style="text-align:center; color:Black; background:#ffc0c0; border:සැකිල්ල:මූලද්‍රව්‍ය රාමුව/මූලාවස්ථිත;" | 22 Ti | ||||||
5 | title="ආන්තරික ලෝහ; මූලාවස්ථිත; ඝණ" style="text-align:center; color:Black; background:#ffc0c0; border:සැකිල්ල:මූලද්‍රව්‍ය රාමුව/මූලාවස්ථිත;" | 40 Zr | ||||||
6 | title="ආන්තරික ලෝහ; මූලාවස්ථිත; ඝණ" style="text-align:center; color:Black; background:#ffc0c0; border:සැකිල්ල:මූලද්‍රව්‍ය රාමුව/මූලාවස්ථිත;" | 72 Hf | ||||||
7 | 104 Rf | ||||||
|
4වන කාණ්ඩයේ ස්වාභාවයෙන් ම හට ගන්නා මූල ද්‍රව්‍ය තුන වනුයේ ටයිටේනියම්(Ti), සර්කෝනියම්(Zr) සහ හැfප්නියම්(Hf) ය. මෙම කාණ්ඩයේ පළමු සාමාජිකයන් තිදෙනා වන මොවුන් සමාන ගතිගුණ වලින් යුක්ත වෙයි. මේවා සම්මත තත්ව යටතේ ප්‍රතික්‍රියා නොදක්වන තද ලෝහ වේ. කෙසේ නමුත් සතර වන මූල ද්‍රව්‍යය වන රුදර්fපෝඩියම්(Rf) , පර්යේෂණාගාරයේ දී තනි ස්ථිතියකට ස්ංයෝජනය කරනු ලබන අතර ස්වාභාවික පරිසරයේ එහි කිසිඳු සමස්ථානිකයක් සොයා ගෙන නැත. රුදර්fපෝඩියම්(Rf) හි සියළුම විකිරණශීලී ය. කාණ්ඩයේ ඊළඟ සාමාජිකයාව, unpentquadium (Upq) හෝ unpenthexium (Uph) තනි ස්ථිතියකට ස්ංයෝජනය කිරීමට මෙතෙක් supercollider ක් තුළ කිසිඳු අත් හදා බැලීමක් මෙහෙයවා නැති අතර නුදුරු අනාගතයේ දී එසේ වේ යැයි අපේක්ෂා ද කළ නොහැක.