![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/50/Sept_2019_Global_Climate_Strike_logo_en.svg/langsi-640px-Sept_2019_Global_Climate_Strike_logo_en.svg.png&w=640&q=50)
2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්
From Wikipedia, the free encyclopedia
අනාගතය වෙනුවෙන් ගෝලීය සතිය ලෙසින්ද හැඳින්වෙන, 2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම් යනු, ගෝලීය තාපනය හේතුවෙන් දේශගුණය වෙනස් වීම පිළිබඳ පියවර ගැනීමට තරයේ ඉල්ලා සිටීම සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර වැඩ වැරීම් සහ විරෝධතා මාලාවකි. වැඩ වැරුවන්ගේ ප්‍රධාන දිනයන් අතර, එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ සම්මේලනයට දින තුනකට පෙර දිනයවූ සැප්තැම්බර් 20, සහ සැප්තැම්බර් 27,[2][3] මෙන්ම, පෘථිවි වැඩ වැරීම යනුවෙන් හැඳින්වුණු දේශගුණය පිළිබඳ ලෝකව්‍යාප්ත මහා වැඩ වැරීමක් සඳහා යෝජිත සැප්තැම්බර් 20 සිට 27 දක්වා සම්පූර්ණ සතියද විය. රටවල් 150ක් තුල සහ ස්ථාන 4,500ක විරෝධතා පැවැත්වෙයි. [4][5] මෙම සිද්ධිය, ස්වීඩන ජාතික දේශගුණ ක්‍රියාකාරී ගෙරේටා ටුන්බරී විසින් පොළඹවනු ලැබූ දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් ව්‍යාපාරයෙහි අංගයකි.[6][7]
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2019 සැප්තැම්බර්) |
2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම් | |||
---|---|---|---|
දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් හි කොටසකි | |||
![]() | |||
දිනය | 20–27 සැප්තැම්බර් 2019 | ||
ස්ථානය | ලෝක ව්‍යාප්ත | ||
හේතූන් | දේශගුණය වෙනස් වීම පිළිබඳ කණස්සල්ල | ||
ක්‍රම | විරෝධතා | ||
ප්‍රධන පුද්ගලයෝ | |||
| |||
සංඛ්‍යා | |||
මිලියන 4 (ගෝලීය)[1] |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/80/20%E2%80%9327_September_Climate_strikes_attendee_numbers.svg/640px-20%E2%80%9327_September_Climate_strikes_attendee_numbers.svg.png)
සැප්තැම්බර් 20 විරෝධතා බොහෝවිට ලෝක ඉතිහාසයෙහි විශාලතම දේශගුණය පිළිබඳ වැඩ වැරීම් වීමට ඉඩ ඇත.[1][8] සංවිධායකයන් වාර්තා කර තිබුණේ ලොව පුරා වැඩ වැරීම් සඳහා මිලියන 4 කට වැඩි ජනයා සහභාගි වූ අතර,[1] එම සංඛ්‍යාවට ජර්මනියෙහි සහභාගිත්වය වූ මිලියන 1.4 ද අයත් වූ බවයි.[9][10] ඕස්ට්‍රේලියානු වැඩ වැරීම් සඳහා ඇස්තමේන්තු ගත විරෝධතාකරුවන් 300,000 සහභාගි වූ අතර,[11] එක්සත් රාජධානියෙහි විරෝධතා සඳහා තවත් ජනයා 300,000 ක්ද [12] නිව්යෝර්ක්හි විරෝධතා සඳහා දළ වශයෙන් 250,000 දෙනෙක්ද එක් වූහ.[8] රටවල් 40 ක 2,000 සංඛ්‍යාවකට වැඩි විද්‍යාඥයින් ගණනක් වැඩ වැරීම් සඳහා සහයෝගය පල කලහ.[13]