![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/6/67/2018_FIFA_World_Cup.svg/langsi-640px-2018_FIFA_World_Cup.svg.png&w=640&q=50)
2018 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
From Wikipedia, the free encyclopedia
ෆීෆා සාමාජික සම්මේලනයන්හී පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙන සහ වසර සතරකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් වන 2018 ෆීෆා ලෝක කුසලාන යනු 21වන ෆීෆා ලෝක කුසලාන වනු ඇත. 2010 දෙසැම්බර් 2 දිනදී එරටට සත්කාරක හිමිකම් ප්රදානය කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙසින්, එය 2018 ජූනි 14 දින සිට ජූලි 15 දින දක්වා රුසියාවෙහි පැවැත්වීමට නියමිත වෙයි[1].
Чемпионат мира по футболу 2018 (චෙම්පියොනත් මීරා කෝ ෆුට්බෝලු 2018) | |
---|---|
![]() | |
තරගාවලියෙහි විස්තර | |
සත්කාරක රට | රුසියාව |
දින | 14 ජූනි – 15 ජූලි |
කණ්ඩායම් | 32 ( 5 කොන්ෆඩරේෂනයන් වෙතින්) |
ස්ථානය(න්) | 12 (11 සත්කාරක නගර තුල) |
අවසන් ස්ථාන | |
ශුරයා | සැකිල්ල:රටේ දත්ත France (2) |
තරගාවලියෙහි සංඛ්‍යාන | |
ක්‍රීඩා කල තරග | 64 |
රැස් කල ගෝල | 169 (2.64 එක් තරගයකට) |
← 2014 2022 → |
ජර්මනියෙහිදී පැවැත්වුණු 2006 තරගාවලියෙන් පසුව, යුරෝපයෙහි පැවැත්වෙන පළමුවන ලෝක කුසලාන මෙය වන අතර, නැගෙනහිර යුරෝපයෙහි පැවැත්වීමට නියමිත පළමුවැන්න වෙයි. ගමන් කාලය පරිපාලනය කරගැනුම පහසු වන පිණිස, සියළු ක්‍රීඩාංගණ ස්ථාන යුරෝපියානු රුසියාවෙහි පිහිටයි.
සුදුසුකම් ලැබීමේ තරගාවලියන් තුලින් තෝරාගැනෙන කණ්ඩායම් 31ක් සහ ස්වයංක්‍රීය ලෙසින් සුදුසුකම් ලබන සත්කාරක කණ්ඩායම ලෙසින් ජාතික කණ්ඩායම් 32ක් අවසන් තරගාවලියට සහභාගී වෙති. මෙම කණ්ඩායම් 32 අතුරින්, කුසලාන පිටස්තර කණ්ඩායමකට හිමි කර නොදෙමින් රැකගැනුමට ප්රයත්න දරන ශූරයන් වන ජර්මනිය ඇතුළු කණ්ඩායම් 20ක් 2014 අවසන් තරගාවලියටද සහභාගී වීම නිසාවෙන් පිට පිට ලෝක කුසලාන සඳහා සහභාගී වන අතර, අයිස්ලන්තය සහ පැනමාව යන කණ්ඩායම් දෙකම ෆීෆා ලෝක කුසලානය සඳහා පළමු සම්ප්‍රාප්තිය ලබති. නගර 11ක් තුල ක්‍රීඩා ස්ථාන 12කදී සමස්තයක් ලෙසින් තරග 64ක් පැවැත්වෙයි. ජූලි 15 දිනදී අවසන් තරගය පැවැත්වෙනු ඇත්තේ මොස්කව්හී ලූෂ්නීකි ක්රීඩාංගනයෙහිදීය. [2][3][4]
ලෝක කුසලානයෙහි ජයග්‍රාහකයෝ 2021 ෆීෆා කොන්ෆඩරේෂන්ස් කුසලාන සඳහා සුදුසුකම් ලබනු ඇත.