2015 ජනවාරි 7 වන දින මධ්‍යම යුරෝපීය වේලාවෙන් පැය 11:00 ට පමණ (10:00 UTC), මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින්, ප්‍රංශ උපහාසාත්මක සඟරාවක් වූ චාලි හෙබ්දෝ සඟරාවට අයත් පැරිස්හී ප්‍රධාන කාර්යාලය තුළ දී පුද්ගලයෝ දොළොස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදී.[3][4] ගොඩනැගිල්ලට ඇතුළු වූ තුවක්කුකරුවෝ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතයෙන් වෙඩි පහර පනහක් පමණ එල්ල කොට, මෝටර් රථයකින් පළා ගොස් තිබිණි.[5] 1989 වසරේ ක්‍රිස්ටියන් ඩෝනියර් විසින් සිදුකල සමූල ඝාතනයෙන් අනතුරුව සාමකාමී ප්‍රංශය තුල සිදුවූ දරුණුතම හා දෙවැනි මිලේච්ඡ ප්‍රහාරය ලෙස මෙය සඳහන් වේ.[5][6][7]

Quick Facts චාලි හෙබ්දෝ වෙඩි තැබීම, ස්ථානය ...
2015 චාලි හෙබ්දෝ වෙඩි තැබීම
ප්‍රහාරයෙන් අනතුරුව
ස්ථානය11th arrondissement of Paris, ප්‍රංශය[1]
ඛණ්ඩාංක48.859246°N 2.370258°E / 48.859246; 2.370258
දිනය7 ජනවාරි 2015
11:00 CET (UTC+01:00)
ඉලක්කයචාලි හෙබ්දෝ සේවකයින්
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම
ආයුධය(න්)
  • කැලෂ්නිකොෆ් රයිෆල
  • රොකට් විදින
  • පතොරම් තුවක්කු
[2]
මරණ12
තුවාලකරුවන්10
Close

සිදුවීම

2015 ජනවාරි 7 වන දින උදෑසන, මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් චාලි හෙබ්දෝ කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළුව එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලට ගොදුරු වීමෙන් පුද්ගලයෝ 12 දෙනෙකු ජීවිතක්ෂයට හා තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී.[3] මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද විය.[8] ප්‍රහාරක කණ්ඩායම රයිෆල, රොකට් විදින හා පතොරම් තුවක්කු වලින් සන්නද්ධව සිටි බවත්, ප්‍රහාරයෙන් අනතුරුව ඔවුහූ "අපි අපේ මුහම්මද් ශාස්තෘවරයා වෙනුවෙන් පලිය ගත්තා" යනුවෙන් කෑගැසූ බවද වාර්ථාවන්හී සඳහන් විය.[9]

ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවෝ, සිව්වැන්නෙකු විසින් පදවන ලද මෝටර් රථයකින් Porte de Pantin දක්වා ගමන් කොට, එතැන්හී තවත් කාරයක් පැහැරගනිමින් පලා යන ලදී.[3]

විපතට පත්වූවන්

ප්‍රහාරයෙන් 12 දෙනෙකු මරණයට පත්ව තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී. චාලි හෙබ්දෝ කාර්යාල ගොඩනැගිල්ල තුලදී 10 දෙනෙකුත්, පිටතදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් ඝාතනය විය.[3]

ප්‍රතිචාර

මෙම ප්‍රහාරය ප්‍රංශ ජනපති François Hollande, යුරෝපියානු කොමිෂන් සභාපති Jean-Claude Juncker, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, ඉතාලි අග්‍රාමාත්‍ය Matteo Renzi, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, රුසියානු ජනපති ව්ලැඩිමියර් පූටින්[10] ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,[11] සහ අමෙරිකා ජනපති බරාක් ඔබාමා යන අය විසින් හෙලා දකින ලදී.[5]

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.