![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Crimean_peninsula.svg/langsi-640px-Crimean_peninsula.svg.png&w=640&q=50)
2014 යුක්රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීම
From Wikipedia, the free encyclopedia
2014 පෙබරවාරි මස 27 දිනයෙන් අරඹමින්, රුසියානු හමුදා විසින්, යුක්රේනයේ අග්නිදිග ප්‍රදේශයේ ක්රිමියානු අර්ධද්වීපයේ බොහෝ කොටසක පාලනය නතු කර ගත්හ. යුක්රේනියානු විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රදේශයේ පැන නැගෙමින් පැවති අවිනිශ්චිතභාවය මධ්‍යයෙහි— සහ යුක්රේනයේ අළුතින් පිහිටුවනු ලැබූ රජය විසින් රුසියාව වෙතින් ඈත්වීම ඇරඹීම නිසාවෙන් — රුසියාව විසින් ක්රිමියාව වෙත තම හමුදා යවනු ලැබුවේ, ප්‍රදේශය තුල තම භූදේශපාලන අයිතිවාසිකම් රැක ගැනීමටය. [lower-alpha 1]වික්ටර් යනුකොවිච්ගේ රජය නීත්‍යානුකූල ලෙස පිළිගන්නා සහ ඔහුගේ බලයෙන් පහකිරීමෙන් අනතුරුව පිහිටවුනු නව රජය පිළිනොගන්නා රුසියාව, යුක්රේනයේ රුසියානු හමුදා කිසිවන් ඇතිබව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළහ. ජනාධිපති ව්ලැඩිමියර් පූටින් තදින්ම කියාසිටින්නේ රුසියානු හමුදා ක්‍රියාන්විත ගැන්වීම වනාහී, යුරෝපියානු සංගම්-හිතැති කියව්හී පිහිටවුනු රජයෙන් තර්ජනයට ලක්වී සිටි රුසියානු-බස කතා කරන යුක්රේනියානුවන් රැක ගැනුම සඳහා පමණක් බවයි.[7]
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2014 මාර්තු) |
![]() | මෙම ලිපිය හෝ ලිපි කොටස 2014 ක්රිමියානු අර්බුදය වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) මාර්තු 2014 සිට යෝජිතය. |
යුක්රේනයේ රුසියානු සන්නද්ධ එමුදා මැදිහත්වීම | |||||||
---|---|---|---|---|---|---|---|
2014 ක්රිමියානු අර්බුදයෙ හි කොටසකි | |||||||
![]() | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() |
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
![]() ![]() ![]() ![]() ![]() |
![]() ![]() ![]() ![]() |
යුක්රේනියානු ප්‍රතිචාරය නිශ්ශබ්ද එකක් වී ඇත්තේ, එහි නායකයන් විසින්, මෙතෙක් දුරට ඔවුන් වෙතින් හමුදාමය ප්‍රතික්‍රියාව යුක්රේනයේ සන්නද්ධ හමුදා සහ උප සේවා හමුදාක්රියාන්වික කිරීමකට පමණක් සීමාකොට, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීමට යුහුසුළු වන නිසාවෙනි. රුසියාව කෙසේවෙතත්, සපථ කර සිටියේ, දේශපාලන තත්ත්වය "සාමාන්‍යකරණය" වන තුරු එහි සේනාංකයන් රැඳී සිටින බවයි. දේශපාලන වශයෙන්, ක්රිමියාව විසින් 2014 මාර්තු 30 දිනදී ජනමතවිචාරණයක් පැවැත්වීමක් මගින්, "එකඟතා සහ සම්මුති පදනම් කොට ගෙන" යුක්රේනයෙහි කොටසක්ව පවතිිමින්, වැඩි ස්වයං-පාලනයක් ක්රිමියාව විසින් අත් කර ගන්නේද යන්න තීරණය කරනු ඇත. [පැහැදීම ඇවැසිය][8] ජාත්‍යන්තර තලයෙහිදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ යුරෝපියානු සංගමය විසින් රුසියාව හෙළාදකිමින්, එය විසින් ජාත්‍යන්තර නීතිය කඩ කළ බවටත් යුක්රේනියානු ස්වෛරීත්වය උල්ලංඝනය කළ බවටත් චෝදනා කළහ.[9][10][11][12][13][14][15]