![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2a/SH-60B_helicopter_flies_over_Sendai.jpg/640px-SH-60B_helicopter_flies_over_Sendai.jpg&w=640&q=50)
2011 තෝහොකු භූමිකම්පාව හා සුනාමිය
From Wikipedia, the free encyclopedia
東北地方太平洋沖地震 [7] [8] [9] (කියවන්නේ:තෝහොකු චිහෝ තයිහෙයියෝ ඔකි ජිෂින්)යනු、2011 මාර්තු මස 11වන දින ප.ව 2:46 ට පමණ ජපානයේ 、ශාන්තිකර සාගර ප්‍රදේශයේ සන් රිකු අපිකේන්ද්‍රය කරගත් විශාල භූමිකම්පාවයි.
![]() නිපෝන් ඔයිල් සෙන්ඩයි තෙල් පිරිපහදුවෙන් කළු දුමාරය නිකුත් වීමද දක්වමින් සෙන්ඩයි පෙදෙසෙහි හානිය අහසින් පෙන්වන දසුනක් | |
![]() උච්ච සුනාමි තරංග උස මස්තකයන්, රතු වර්ණයෙන් අතිශයින් දරුණු ඒවා පෙන්වන පරිදී වර්ණ-කේත කරමින් | |
දිනය | 11 මාර්තු 2011 |
---|---|
සම්භව වේලාව | 14:46:23 JST (UTC+09:00) |
පැවතුම් කාලය | 6 විනාඩි[1] |
විශාලත්වය | 9.0 (Mw)[2][3] |
ගැඹුර | 32 කිමී (20 සැත) |
අපිකේන්ද්‍රය | 38.322°N 142.369°E / 38.322; 142.369 |
වර්ගය | මහෝතෙරපුම් භූමිකම්පාව |
රටවල් හෝ ප්‍රදේශ | ජපානය (ප්‍රාථමික) ශාන්තිකර ගැටිය (සුනාමි, ද්විතීයික) |
මුළු විනාශය | සුනාමි තරංගය, ජල ගැලීහ, නාය යෑම්, ගිනි ගැනීම්, ගොඩනැගිලි සහ යටිතල ව්‍යුහ හානි, විකිරණ නිකුතු සහිත න්‍යෂ්ටික සිද්ධි |
උපරිම තීව්‍රතාවය | IX |
උච්ච ත්වරණය | 2.99 g |
සුනාමි | දක්වා මියාගෝ, ඉවතේ, තෝහොකු හිදී 40.5 m (133 අඩි) |
නාය යෑම් | ඔව් |
පූර්ව කම්පන | 7 |
අපර කම්පන | 1,236 |
ආපතිකයන් | 15,870 මරණ,[4] 6,114 තුවාල ලද,[5] 2,814 ජනතාව ආගිය අතක් නැත[6] |
විපත ඇතිවූ මාර්තු 11 වන දින ජපාන කාලගුණ විද්‍යා කාර්යාංශය විසින්, මෙම භූමිකම්පාව 「平成23 年(2011 年)東北地方太平洋沖地震」ලෙස නම් කරන ලදී.එලෙසම, ඉංග්‍රීසි බසින් 「The 2011 off the Pacific coast of Tohoku Earthquake」ලෙස හැඳින්වේ[10].
භූමිකම්පාවේ පරිමාණය ලෙස 1923 වසරේ ඇතිවූ කන්තෝ භූමිකම්පාවෙහි හි M7.9 ඉක්මවාගිය, මෙතෙක් ජපානය තුල ඇතිවූ විශාලම භූමිකම්පාවයි.මෙතෙක් ඉතිහාසයේ ලෝකය තුල වාර්තාවූ 5 වැනි විශාලතම භූමිකම්පාවයි[11]。තෝහොකු ප්‍රදේශය තුල විශාල හානියක් වූ අතර, කන්තෝ ප්‍රදේශයෙහි ද ජීවිතහානි ඇතිවිය. භූමිකම්පාව නිසා ඇතිවූ විනාශයන්ට අමතරව සුනාමි රළ සහ ගිනිගැනීම් නිසාද හානි සිදුවිය.පූර්ව කම්පන සහ ප්‍රේරිත භූකම්පන ලෙස හැඳින්වෙන භූචලන ද ඇතිවිය.සුනාමි රළ තත්වය පිළිබඳව හොක්කයිදෝ සිට ෂිකොකු දක්වා ශාන්තිකර වෙරළ තීරයෙහි අනතුරු ඇඟවීම් කරන ලදී.
මෙම විපත සම්බන්ධයෙන් එදින , සන්කෙයි පුවත්පත, අසහි පුවත්පත, ක්යෝදෝ ප්රවෘත්ති සේවය, යොමිඋරි පුවත්පත, නිහොන් කෙයිzaයි පුවත්පත වැනි මාධ්‍යවල [නැගෙනහිර ජපානයේ විශාල භූමිකම්පාව] යන මාතෘකාව යටතේ පුවත් පළකරන ලදී.