2010 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය
From Wikipedia, the free encyclopedia
20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවන තරගාවලිය 2010[1] අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පවත්වන ලදී. 2009 ලෝක කුසලානය පැවති ආකාරයෙන්ම මෙම තරගාවලියත් ටෙස්ට් කණ්ඩායම් 10ක් හා ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 2ක් ලෙස මුලු කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ තරග වදින ලදී. පෙර තරගාවලියේදී මෙන්ම කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලානයත් මේ හා සමගාමීව මැයි 5 සිට 16 කාලය තුර පැවැත්විය.
Quick Facts ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010, කාලය ...
ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010 | |
---|---|
කාලය | අප්‍රේල් 30 – මැයි 16 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | 20-20 ජ්‍යාතයන්තර තරඟ |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | බටහිර ඉන්දීය කොදෙව් |
ශූරයන් | එංගලන්තය (1 වන වරට) |
සහභාගීත්වය | 12 |
තරඟ | 27 |
තරඟාවලියේ වීරයා | කෙවින් පීට(ර්)සන් |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (302) |
වැඩිම කඩුලු | ඩි(ර්)ක් නැනස් (14) |
නිල වෙබ් අඩවිය | cricket.yahoo.com |
← 2009 2012 → |
Close