From Wikipedia, the free encyclopedia
2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ අගෝස්තු 18 වන දින සිට අගෝස්තු 28 දින දක්වා, ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ සුගතදාස ක්‍රීඩාංගනය හීදී පැවැත්විණි. තරග ඉසව් 20 ක් නියෝජනය කිරීම සඳහා රටවල් 8 ක, 1500 කට වඩා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊට සහභාගී වූහ.
10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | කොළඹ, ශ්‍රී ලංකාව |
සහභාගී වූ රටවල් | |
ක්‍රීඩක සංඛ්‍යාව | 1554 |
ඉසව් ප්‍රමාණය | 20 යි |
සමාරම්භක දිනය | 2006 අගෝස්තු 18 |
නිමා වූ දිනය | 2006 අගෝස්තු 28 |
නිල ආරම්භය සිදුකලේ | මහින්ද රාජපක්ෂ මහතා |
ප්‍රධාන ස්ථානය | සුගතදාස ක්‍රීඩාංගනය |
මේ සමයේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුධ ගැටුම් පැවති බැවින්, ක්‍රීඩා උළෙලට දැඩි ආරක්ෂාවක් ලබා දී තුබුණි.[1] ක්‍රීඩා උළෙල 2005 වසරේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කොට තිබුනත්, 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් තරගාවලිය 2006 වසරට කල් දැමුණි.[2]
පොර පොල් සහ වලි කුකුලා, 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය හා මංගල සංකේතය විය.
2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 20 ක් පැවැත්විණි.
වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට වලින් තරඟයට සහභාගී වූ ක්‍රීඩක සංඛ්‍යාවයි.[3]
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 118 | 59 | 37 | 214 |
2 | පාකිස්ථානය | 46 | 71 | 67 | 184 |
3 | ශ්‍රී ලංකාව | 37 | 63 | 78 | 178 |
4 | නේපාලය | 15 | 14 | 31 | 60 |
5 | ඇෆ්ගනිස්තානය | 6 | 7 | 18 | 31 |
6 | බංග්ලාදේශය | 3 | 15 | 32 | 50 |
7 | භූතානය | 0 | 3 | 10 | 13 |
8 | මාල දිවයින | 0 | 0 | 0 | 0 |
නේපාලයේ රාජේන්ද්‍ර බන්ඩාරි (Rajendra Bhandari), පාකිස්තානයේ Nauman Karim හා Mohammed Lassi සහ ශ්‍රී ලංකාවේ ජානි චතුරංගනී යන අයට තහනම් උත්තේජක චෝදනා එල්ල විය.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.