2004 මැඩ්රිඩ් නගරයේ දුම්රිය බෝම්බ ප්‍රහාරය
From Wikipedia, the free encyclopedia
2004 මාර්තු 11 දින මැඩ්රිඩ් නගරයේදී සිදු වූ දුම්රිය බෝම්බ ප්‍රහාරය එකිනෙකට සම්බන්ද බෝම්බ ප්‍රහාර මාලාවකි. එම ප්‍රහාරයයෙන් 191 ක් මිය ගිය අතර 1755ක් පමණ තුවාල ලැබීය. ස්පාඤ්ඤ අධිකරණ මණ්ඩලය පැවැත්වූ නිල පරීක්ෂනයට අනුව මෙම ප්‍රහාර මාලාව ‘අල්කයිඩා’ හි පෙලඹ වීම මත සිදු කල ප්‍රහාරයක් බවටද හෙලිවිය. නමුත් එහි සාමාජිකයින් කිසිවකු ප්‍රහාරය එල්ල කිරීමට නොසිටි බවත් එම පරීක්ෂනය වැඩි දුරටත් හෙලිකරයි. මෙම ප්‍රහාරය සිදු කල ත්රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය අලෙවි කල ස්පිඤ්ඤ ජාතිකයින් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත.
![]() | මෙම ලිපිය යාවත් කාලීන කිරීම අවශ්‍යයි. (2010 දෙසැම්බර්) |
මාර්තු 2004 මැඩ්රිඩ් දුම්රිය බෝම්බ ප්‍රහාර | |
---|---|
![]() මිය ගිය අය සිහිවීමට ඉටිපහන් දැල්වීම. | |
ස්ථානය | මැඩ්රිඩ්, ස්පාඤ්ඤය |
දිනය | 11 මාර්තු 2004 07:30 – 08:00 (UTC+1) |
ඉලක්කය | මැඩ්රිඩ් මගී දුම්රිය පද්ධතිය |
ප්‍රහාර මාදිලිය | ගමන්මළු බෝම්බ |
මරණ | 191 |
තුවාලකරුවන් | 2050 |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Estaci%C3%B3n_de_Atocha_%28Madrid%29_01.jpg/640px-Estaci%C3%B3n_de_Atocha_%28Madrid%29_01.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Estaci%C3%B3n_de_Atocha_%28Madrid%29_01.jpg/640px-Estaci%C3%B3n_de_Atocha_%28Madrid%29_01.jpg)
ස්පාඤ්ඤයේ ප්‍රධාන පක්ෂ 2ක් වන PSOE හා PP පක්ෂ 2 විසින් මෙම ප්‍රහාරය මෙහෙයවූ බවට එරට ආණ්ඩුව මගින් විවාද කරයි තවද ආණ්ඩුව කියා සිටින්නේ ඡන්දය පිළිබඳ වූ හේතු නිසා ප්‍රහාරය සම්බන්ද සාක්ෂි ඔවුන් විසින් ආවරණය කරන බවයි. බෝම්බ ප්‍රහාරයේ වගකිවයුත්තා කවුද යන ප්රශ්නය වාදයකට හැරවෙන්නේ එරට මහ මැතිවරණයයට දින 03කට පෙර ප්‍රහාරය එල්ලවීම හේතුවෙනි. විරුද්ධ පක්ෂයකට සතුටු දායක වන්නේ ඡන්ද ප්‍රතිඵලය අනුව ජෝස් මාරියා අන්සනාර් ගේ PP පක්ෂය වීමයි. ප්‍රහාරය සිදුවූ වහාම PP පක්ෂයේ නායකයන් සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනා කලේ ETA සංවිධානය මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි. මෙම චෝදනාව කිරීමෙන් PP පක්ෂය නැවත ඡන්ද විමසුමකට මගපාදා ගැනීමට බලාපොරොත්තු වූහ. මෙහිදී ඉස්ලාමීන් විරුද්ධ වීමක් සිදු විය හැකි නිසා PP ආණ්ඩුවකින් ඉරාක යුද්ධයට බලපෑම් කරන බව පෙන්වා සිටියහ. නමුත් මෙම මතය බොහෝ ස්පිඤ්ඤ ජාතිකයන් අකමැතිය. පරීක්ෂණ අරඹා මාස 21කට පසුව විනිසුරු ජුආන් ඩෙල් ඔල්මෝ නියම කලේ මොරොක්කෝ ජාතික ‘ජමාල් යෝගම්’ භෞතික වශයෙන් මෙම ප්‍රහාරය සිදු කිරීමේ වරදට චූදිතයා වන බවයි. නමුත් ඔහුට ETA හි සහායක් නොලැබුණු බවද සඳහන් කර සිටියේ 2007 සැප්තැම්බර් මසදී ප්‍රකාශ කල නඩු තීන්දු වෙනි. ප්‍රහාරයේ මහා මොළකරු හඳුනා නොගත් බවත් ප්‍රහාරයට ‘අල්කයිඩා’ හි සෘජු සබඳතාවක් නොමැති බවත් සඳහන්ය.ප්‍රහාරයෙන් අනතුරුව ස්පාඤ්ඤය පුරා විරෝධතා සහ පෙළපාලි ක්‍රියාත්මක විය. බොහෝ විශ්ලේෂකයන් එක ලෙස ප්‍රකාශ කලේ ‘අස්තාර්’ මෙම ඡන්ද විමසුමෙන් පරාජය වූයේ බෝම්බ ප්‍රහාරයට සහාය දැක්වූ නිසා බවයි.