![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/Manchester_Natural_History_Museum.jpg/640px-Manchester_Natural_History_Museum.jpg&w=640&q=50)
මැන්චෙස්ටර් හි මමිය
From Wikipedia, the free encyclopedia
හැනා බෙස්වික් (1688 - පෙබරවාරි 1758) එංගලන්තයේ, බ්‍රිචින් බවර්, හොලින්වූඩ්, ඕල්ඩ්හැම් හි පදිංචිව සිටි ධනවත් කාන්තාවකි. ඇය යම් දිනක තමා අකල්හි භූමිදානයකට ලක්වෙතැයි නිරන්තර අනියත බියකින් පෙලෙන්නියක වුවාය. එය එක්තරා අන්දමක මානසික ව්‍යාධියක ස්වභාවය ගත් බියක් විය. 1758 දී ඇය මිය ගිය විට, කල් තබා ගැනීමට සකසන ලද ඇගේ මෘත ශරීරය මිහිදන් නොකර තබා ගන්නා ලද අතර විටින් විට ජීවය පිළිබඳ සලකුණු ඇත්දැයි පරීක්ෂාවට ද ලක්කරන ලදී.
![Black and white drawing of a large three-storey building fronted by a four-column portico. A man on a light-coloured horse is riding down the wide empty street in front of the building.](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/Manchester_Natural_History_Museum.jpg/320px-Manchester_Natural_History_Museum.jpg)
හැනාගේ මෘත ශරීරය කල් තබා ගන්නට භාවිතා කරන ලද ක්‍රම වේදය පිළිබඳ කිසිදු තැනක සටහන් කොට නොතිබිණ. බොහෝ විට එය මෘත ශරීරයේ වූ රුධිරය ඉවත්කොට ඒ වෙනුවට ටර්පන්ටයින් සහ සාදිලිංගම් එන්නත් කිරීමෙන් සිදුකරන ලද බවට විශ්වාස කෙරේ. ඉන්පසුව ඇගේ දේහය පැරණි ඔරලෝසු ආවරණයක බහා බෙස්වික් පවුලේ වෛද්‍යවරයා වූ වෛද්‍ය චාර්ල්ස් වයිට් මහතාගේ නිවසේ තැන්පත් කර තබන ලදී. පැහැදිලිවම බෙස්වික්ගේ මේ විකාර හැසිරීම ඇය සිය ප්‍රදේශය තුල ඉතා ප්‍රසිද්ධියට පත් කාන්තාවක් බවට පත් කිරීමට සමත්විය. එපමණක් නොව අමුත්තන්ට ඇගේ මෘත ශරීරය දැක ගැනීමේ පහසුකම ද වෛද්‍ය වයිට්ගේ නිවසේ දී ලබා දී තිබිණ.
අවසානයේ බෙස්වික් මහත්මියගේ මමිකරණය කරන ලද මෘත ශරීරය ස්වාභාවික ඉතිහාසය පිළිබද මැන්චෙස්ටර් සංගමයට අයත් කෞතුකාගාරය වෙත භාරදිමට කටයුතු කරන ලදී.බෙස්වික් මහත්මියගේ සිරුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන ලද අතර කෙටිකලකින්ම එය වෙත මැන්චෙස්ටර් හි මමිය යන සුරතල් නාමය පටබැදින. මීට අමතරව බ්‍රිචින් බවර් හි මමිය යන නාමයෙන්ද එය අමතන ලදී. පසුකලක ස්වාභාවික ඉතිහාසය පිළිබඳ මැන්චෙස්ටර් සංගමයට අයත් කෞතුකාගාරය සතු කෞතුක භාණ්ඩ එකතුව මුලුමනින්ම මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයට භාරදෙන ලදී. ඉන්ඉක්බිති මැන්චෙස්ටර් හි බිෂොප්වරයාගේ අවසරයද ඇතිව බෙස්වික් මහත්මියගේ මෘත ශරීරය මිහිදන් කරන්නට යෙදුනි. 1868 ජුලි 22 වැනි දින ඇගේ අවමංගල උත්සවය හාපර්හේ සුසානභූමියේ දී පවත්වන ලද අතර ඒ වන විට ඇය අභාවයට පත්වී වසර 110 ක් පමණ ඉක්ම ගොස් තිබිණ. ඇයගේසොහොන සළකුණු කිරීමට කිසිදු සිහිවටනයක් හෝ ඉදිනොකරන ලදී.