ෆීෆා ලෝක කුසලාන
From Wikipedia, the free encyclopedia
FIFA ලෝක කුසලානය හෝ සරල වශයෙන් ලෝක කුසලානය යනු, මෙම ක්‍රීඩාවෙහි ගෝලීය පාලන කායය වන්නාවූ සම්මේලන පාපන්දු පිළිබඳ ජාත්‍යන්තර ඒකාබද්ධ මණ්ඩලය Fédération Internationale de Football Association (FIFA) සාමාජිකයන්ගේ, ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙනු ලබන ජාත්‍යන්තර සම්මේලන පාපන්දු තරගාවලියකි. 1942 සහ 1946 දී දෙවන ලෝක යුද්ධය නිසාවෙන් එය නොපැවැත්වුනු අවස්ථාවන්හිදී හැර, 1930 ප්රාරම්භක තරගාවලියෙහි පටන්, සෑම සිව්වසරකට වරක්ම මෙම ශූරතාවය පිරිනමුනු ලැබ ඇත. වත්මන් ශූරයන් වන්නේ 2022 තරගාවලිය දිනූ [[ආජන්ටිනාව ජාතික පාපන්දු කණ්ඩායම|ආජන්ටිනාව] වෙති.
තරගාවලියෙහි සඳහා වර්තමානයෙහි පවතින තරග පැවැත්වීමේ ක්‍රමය අනුව මසක් පමණ කාලයක් තුල සත්කාරක ජාතියට (ජාතීන්ට) අයත් ස්ථාන තුල ශූරතා අභිධානය උදෙසා කණ්ඩායම් 32 ක් තරග වදිති – මෙම අවධිය බොහෝවිට හැඳින්වෙන්නේ ලෝක කුසලානය අවසන් තරග යනුවෙනි. සත්කාරක ජාතිය(න්) හා ඇතුළුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායම් දැයි තීරණය කරනු වස් වර්තමානයේ තරගාවලිය පැවතෙන ප්‍රකාරයට අනුව මෙම අවසන් අවධියට පෙරාතුව තුන් අවුරුදු කාලයක් පුරා සුදුසුකම් ලැබීමේ අවධියක් පැවැත්වෙයි.
දැනට පවත්වා ඇති ලෝක කුසලානය තරගාවලී 19 දිනා ඇත්තේ ප්‍රභින්න ජාතික කණ්ඩායම් අටක් විසිනි. බ්‍රසීලය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, සැම තරගාවලියකදීම තරග වැදුනු එකම කණ්ඩායම ඔවුහූ වෙති. ලෝක කුසලානයේ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ ජයග්‍රහණ සතරක් සමග වන ඉතාලිය; ජයග්‍රහණ තුනක් සමග වන ජර්මනිය; එකිනෙකා ජයග්‍රහණ දෙකක් සමග වන්නාවූ ආර්ජන්ටිනාව සහ එයට අමතරව ප්රාරම්භක ජයග්රාහකයන්ද වූ උරුගුවේ; සහ එකිනෙකා එක් ජයග්‍රහණයක් සමග වූ එංගලන්තය, ප්‍රංශය, සහ ස්පාඤ්ඤය වෙති.
ලෝකයේ වඩාත් පුළුල් ලෙසින් නරඹන්නාවූ ක්‍රීඩා ඉසව්ව ලෝක කුසලානය වෙයි; නිමානය කෙරුණු මිලියන 715.1 ක ජනකායක් ජර්මනියේ පැවැත්වූ 2006 FIFA ලෝක කුසලානයෙහි අවසන් තරගය නැරඹූහ.[1]
ඊලඟ ලෝක කුසලාන තුන සඳහා සත්කාරකත්වය සපයනු ලබනු ඇත්තේ 2014දී බ්‍රසීලය විසින්, 2018දී රුසියාව විසින් සහ, 2022දී කටාර් විසින් වෙති.