![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a2/Fibonacci.jpg/640px-Fibonacci.jpg&w=640&q=50)
ෆිබොනාච්චි
From Wikipedia, the free encyclopedia
සංඛ්‍යා අනුක්‍රමය සඳහා, ෆිබොනාච්චි සංඛ්‍යා බලන්න. සිපිරිගෙය බිඳ පලා ගිය තැනැත්තා සඳහා, ඔට්ටෝ ෆිබොනාච්චි බලන්න.
ලියොනාර්ඩෝ පීසා, ලියොනාර්ඩෝ පිසානෝ, ලියොනාර්ඩෝ බොනාච්චි, ලියොනාර්ඩෝ ෆිබොනාච්චි ලෙසින්, හෝ, බොහෝ සුලබ ලෙසින්, සරල වශයෙන් ෆිබොනාච්චි ලෙසින් හැඳින්වුනු, ලියොනාර්ඩෝ පිසානෝ බිගෝල්ලො (1170 පමණ – 1250 පමණ)[1] යනු, සමහරුන් විසින් විසින් " මධ්‍යතන යුගයන්හී විසූ වඩාත් නිපුණතා සහිතවූ බටහිර ගණිතඥයා" ලෙසින් සැලකෙන, ඉතාලියානු ගණිතඥයෙකු විය. [2]
Quick Facts ෆිබොනාච්චි, උපත ...
ෆිබොනාච්චි | |
---|---|
![]() නොදන්නා චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මිත ආලේඛ්‍ය චිත්‍රයක් | |
උපත | 1170 පමණ |
මියගිය දිනය | 1250 පමණ (වසර 80 පමණ වයසැතිව) |
ජාතිකත්වය | ඉතාලියානු |
ප්‍රසිද්ධව ඇත්තේ | ෆිබොනාච්චි සංඛ්‍යාව ෆිබොනාච්චි ප්‍රථමක බ්‍රහ්මගුප්ත–ෆිබොනාච්චි සර්වසාම්‍යය ෆිබොනාච්චි බහුපද ෆිබොනාච්චි ව්‍යාජ ප්‍රථමක ෆිබොනාච්චි වදන ප්‍රතිලෝම ෆිබොනාච්චි නියතය ඩිජිටල් අංකනය යුරෝපයට හඳුන්වා දීම පිසානෝ යුගය ප්‍රායෝගික සංඛ්‍යාව |
දෙමව්පියන්(s) | ගුයිලෙයිමෝ බොනාච්චි |
ආගම | කතෝලික |
Close
නූතන ලෝකය තුල ෆිබොනාච්චි ප්‍රචලිත වන්නේ [3] ප්‍රාථමික ලෙසින් ඔහුගේ 1206 ප්‍රකාශය ලිබර් ඇබකයි (ගණනය කිරීමේ පොත) තුලින්, හින්දු–අරාබි සංඛ්‍යාංක පද්ධතිය යුරෝපය තුල පැතිරවීම සහ, ඔහු විසින් සොයා නොගත්, නමුක් ලිබර් ඇබකයි තුල නිදසුන් වශයෙන් භාවිතා කෙරුණු, ඔහු අනුව යමින් ෆිබොනාච්චි සංඛ්‍යා ලෙසින් නම් කෙරුණු, සංඛ්‍යා අනුක්රමයක් වෙනුවෙනි. [4]