ෆලුඩා
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
ෆලූඩා යනු ඉන්දියානු උපමහාද්වීපියේ සීතල ජනප්‍රිය අතුරුපස විශේෂයකි. සම්ප්‍රදානුකුලව එය සාදනු ලබන්නේ රෝස සිරප් , හින් මුරුක්කු , පැණිරස කසකාසය ඇට , ජෙලි කැබලි , කිරි යොදාගන්නේය. තවද මිට බහුල වශයෙන් අයිස් ක්‍රීම් ස්වල්පයක්ද එකතු කරයි. මේ සදහා යොදාගන්නා හින් මුරුක්කු සාදනු ලබන්නේ තිරිගු පිටි, අරලුපිටි, ඉරිගු පිටි හෝ සව් යොදාගෙනය.
ෆලූඩාවල මුලාරම්භය පර්සියාව දක්වා විහිදේ. පර්සියාවෙහි ෆලූඩාවලට සමාන ෆාලූඩ්හ් නම් වු ජනප්‍රිය අතුරුපසක් ද විය.මෙම අතුරුපස ඉන්දියාවට පැමිණියේ මුස්ලිම් වෙළෙන්දුන් සහ දාසය වන සියවසේ සිට දහඅට වන සියවසේ දක්වා කාලය තුල වු ඉන්දියාවෙහි වාසයට පැමිණි අධිපතින් මගිනි. වර්තමාන ෆාලූඩ්හ්වල සුවරූපය මුගල් අධිරාජය විසින් ගොඩනගන ලද්දක් වන අතර එය විජයග්‍රහනයන් හරහා පැතිරුණි. විශේෂයෙන් වර්තමාන හයිද්‍රාබාද් සහ කර්ණාටක ජයක්ග්‍රහණ ලද මුස්ලිම් පාලකයන් මෙයට විවිධ දේ එක්කරමින් අනුග්‍රහය දැක්විය. මෙය අද වනවිට පකිස්ථානු සංස්කෘතියේ ප්‍රධාන අතුරුපසක් වන අතර විශේෂයෙන් මුස්ලිම් උත්සව වලදී භාවිත කරයි.
හින්දුස්ථානයේ මුල් අවදියේ ෆලූඩා “අඩුකොට/පහත් ලෙස” දක්වනලදී. එය හින් මුරුක්කු භාවිතය නිසා සිදුවන්නට ඇතැයි විස්වාස කෙරේ. උදාහරණයක් වශයෙන් ගත්කල අපකීර්තියට පත්වූ අයෙක් තමන්ගේ කීර්ති නාමය ෆලූඩා ඒකකට හැරවුණු බවට ප්රකාශකල යුතුයි. ඒනම් එය දළ වශයෙන් “මගේ කීර්තියට වෙඩි තබන ලදී” වශයෙන් අදහස් වේ.[1]
අද වනවිට ෆලූඩාවල ස්වරූපයන් විශාල ප්‍රමාණයක් දැකිය හැක. ඉන් සමහරක් හින් මුරුක්කු රහිතව පළතුරු මිශ්‍රකොට සාදනු ලැබේ.[තහවුරු කර නොමැත]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.