From Wikipedia, the free encyclopedia
හෝමර් යනු පැරණි ග්‍රීක කවියෙකි. ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය වල රචකයා ලෙස සලකන්නේ මොහුයි. හෝමර් ගැන ජීව දත්ත කිසිවක් සොයාගැනීමට හැකිවී නැත. මාටින් වෙස්ට් පවසන ආකාරයට හෝමර් යනු ඇත්තටම ජීවත් වූ අයෙක් නොවන අතර ඒය ප්‍රබන්ධ කරන ලද චරිතයකි. මෙම කවි සමහරෙක් පවසන ආකාරයට එක් අයෙක් ලියූ ඒවා වන අතර මාටින් වෙස්ට් වැනි අය පවසන්නේ ඒවා කීප දෙනෙක් විසින් ලියන ලද ඒවා බවයි.
හෙරොඩොටුන් පවසන ආකාරයට හෝමර් ජීවත්ව සිටියේ තමන්ගේ යුගයට වඩා අවුරුදු 400ක් පමණ කලින්. ඒලෙස සැලකුවහොත් හෝමර් ක්‍රි.පූ. 850 පමණ කාලයේ ජීවත් වූ බවට ගැනෙයි. නමුත් අනෙත් ඓතිහාසික මූලාශ්‍ර ට්‍රොජන් යුද්ධයට ආසන්න දින වකවානු ලබාදෙයි. පඬිවරු එකඟවන්නේ ඉලියඩ් සහ ඔඩිසි ලියුවේ 9වන සහ 8වන ක්‍රි.පූ ශතවර්ෂ අතර කාලයේ බවයි.
හෝමර්ගේ නිර්මාණ විශ්වය පුරාව ඒවායේ අග්‍රගන්‍ය භාවය පිළිබඳ ප්‍රසිද්ධ අතර ග්‍රීක වරු ඔහු ඔවුන්ගේ උපදේශකයා ලෙස සලකති.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.