හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය
From Wikipedia, the free encyclopedia
හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය යනු සැහැල්ලු දුම්රිය මාර්ගයකි. මෙහි හිමිකම සහ මෙය පවත්වාගෙන යනු ලැබුවේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්ත සභාවෙනි. මෙය භාවිතා වූයේ හෙයිල්ෂම් නගරය ආසන්නයේ පිහිටා ඇති මානසික රෝහලක් වූ හෙලින්ග්ලි ආරෝග්‍යශාලාව වෙත එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ, හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොල දෙසට විහිදුනු කුකූ දුම්රිය මාර්ගය ඔස්සේ මඟීන් සහ ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහාය.
දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ 1899 දී වන අතර මඟින් සඳහා විවෘත වූයේ එහි විදුලි බලය යෙදීමෙන් පසුව 1903 දී ජූලි 20 වෙනිදාය. 1923දී ඇති වූ දුම්රිය මාර්ග සමූහනය සමඟ මඟීන් ගණන සංඛ්‍යාත්මකව සැලකිය යුතු ලෙස අඩු වූ අතර රෝහල් අධිකාරිය මඟීන් ප්‍රවාහනය සම්බන්ධයෙන් තව දුරටත් ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් මෙම සේවාව අතහැර දමන ලදී. එබැවින් 1959 වන විට මෙය භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙන් වූ අතර කලින් ප්‍රවාහනය කරන ලද ගල් අඟුරු වෙනුවට ආදේශකය වශයෙන් තෙල් යොදා ගැනිණි.
මෙම දුම්රිය මාර්ගයේ නැවතුම් පොළවල් වූ දකුණු හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොල, පැරණි ගොවිපොල සහ පාර්ක් නිවස පැති මග හන්දියෙන් පසු සෘජු මාර්ගයක් බවට පරිවර්තනය විය. මෙම දුම්රිය නැවතුම් පොළවල් රෝහලට අනුබද්ධිත ස්ථාන වූ අතර ඒවා බඩු පටවා ගැනීම, බඩු බෑම, නිෂ්පාදනය සහ සැපයීම සඳහා භාවිතා කරන ලදී. ඒ වන විට මෙම දුම්රිය මාර්ගය බොහෝ දුරට අඩි මාර්ගයක් බවට පරිවර්තනය වී ඇති අතර ඒ අවට පිහිටි ගොඩනැඟිලි මේ වන විට අතහැර දමා ඇත.