හෙන්රි ෆොන්ඩා
From Wikipedia, the free encyclopedia
ඇමරිකානු චිත්‍රපට හා නාට්‍ය නළුවෙකු වූ හෙන්රි ෆොන්ඩා, ඔහුගේ සිනමාපටවල එන අව්‍යාජ විඥානවාදියාගේ චරිතයට ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු 1983 දී ජෝන් ටොම්ප්කින්ස් සමඟ නිව්යෝර්ක් වයිට්ප්ලේන්ස් හිදී රඟ දැක්වූ නාට්‍ය කිහිපයකටම පෙනී සිටියේය. ෆොන්ඩා වසර 1935 දී තම හොලිවුඩ් දිවිය ආරම්භ කළේය. 1940 දී තිරගත වූ "ගේප්ස් ඔෆ් ව්රැත් " (Grapes of Wrath) චිත්‍රපටයේ " ටොම් ජෝන්ගේ චරිතය ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශනය වීමෙන් ඔහුගේ සිනමා දිවිය නව මාවතකට යොමු විය. "ද ඔක්ස් බෝ ඉන්සිඩන්ට්" (The Ox-Bow Incident), "මිස්ටර් රොබර්ට්ස්" (Mister Roberts) සහ "12 ඇන්ග්රි මෙන්" (12 Angry Men) යන සම්භාවනීය චිත්‍රපටවල කළ අති විශිෂ්ඨ රංඟන හේතුවෙන් ඔහු තිරය තුල සිත් ඇදගන්නා චරිතයක් බවට පත්විය. පසුව මොහු සර්ගී ලියොන් ගේ "වන්ස් අපොන් අ ටයිම් ඉන් වෙස්ට්" (Once Upon a Time in the West) හි අභියොගී දුෂ්ඨ චරිතයක්ද, "යුවර්ස්, මයින් ඇන්ඩ් අවර්ස්" (Yours, Mine and Ours) හි සැහැල්ලු චරිතයක්ද නිරූපනය කරමින් ඔහුගේ රංඟන කුසලතාව පෙන්නුම් කළේය. ප්‍රසිද්ධ නළුවන් රැසක් බිහිකළ පවුලක පියා වූ ෆොන්ඩා,දියණිය ජේන් ෆොන්ඩා වන අතර පුත්‍රයා පීටර් ෆොන්ඩා වේ. ඔහුගේ මිණිබිරිය බ්‍රිජට් ෆොන්ඩා වන අතර මුණුබුරා ට්‍රෝයි ගැරිටි වේ. ඔහු "හෑන්ක්" යන සුරතල් නාමයෙන් මිතුරන් අතර ප්‍රසිද්ධ විය. ඇමෙරිකානු සිනමා ආයතනය විසින් 1999 වසරේදී, එතෙක් බිහිවූ හොඳම තරුව ලෙස හෙන්රි ෆොන්ඩාව නම් කළහ.