හරිතාගාර ආචරණය
From Wikipedia, the free encyclopedia
හරිතාගාර ආචරණය යනු යම් ග්‍රහලොවක හෝ උපග්‍රහලොවක වායුගෝලයේ අධෝරක්ත කිරණ රඳවා තබා ගැනීම නිසා සිදුවන තාප සමතුලිතතාවයේ වෙනස් වීමයි. පෘථිවි පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් විමෝචනය වන අධෝරක්ත විකිරණ උරාගන්නා හරිතාගාර වායුන් වායුගෝලය උණුසුම් කිරීම සිදු කරයි. වායු ගෝලය රත් වීමේ ප්රථිඵලයක් ලෙස පෘථිවිය මතු පිටට ඇතුළු සෑම දිශාවකටම අධෝරක්ත කිරණ විහිදුවයි. මෙමගින් නිපදවන තාපය පරිවර්තිගෝලයේ පවතින හරිතාගාර වායුන් විසින් රඳවා ගැනෙයි.
සාමාන්‍ය හරිතාගාරයකදි සිදුවනුයේ කුටීරයක සිරිකරන ලද වාතයෙහි පවතින තාපය සංවහනය හෝ සන්නයනය මගින් හානි වීම වැළැක්වීමයි.
හරිතාගාර ආචරණය ජෝසප් ෆූරියර් විසින් 1824 දී සොයාගන්නා ලද අතර පළමු සාර්ථක පරීක්ෂණය සිදු කරන ලද්දේ ජෝන් මිණ්ඩල් විසින් 1858 වසරෙහිය. මේ හා සබැඳුන පළමු ප්‍රමාණාත්මක වාර්ථාව වන්නේ 1896 දී ස්ටන්ටේ ආහිනියස් ගේ වාර්ථාවයි.
හරිතාගාර ආවරණය නොවන්නට පෘථිවිය මත සාමාන්‍ය උෂ්නත්වය - 18oC පවා වන්නට ඉඩ තිබුණි. (මෙම උෂ්ණත්වය පෘථිවියේ කෘෂ්ණ වස්තු උෂ්ණත්වයයි) නමුත් පෘථිවියේ පහල වායුගෝලයේ සිදුවන අසාමාන්‍ය උෂ්නත්ව වෙනස් වීම් වලට හේතුව වන්නේ මූලික වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ය. වායුගෝලයට හරිතාගාර වායුන් මුදා හැරීම , භුමිය යොදාගන්නා පිළිවෙලිහි පවතින අක්‍රමිකතා වැනි ක්‍රියාවන් නිසා සිදුවන මෙය , මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන හරිතාගාර ආචරණය, ලෙස හැඳින්වෙයි.
හරිතාගාර ආචරණය පෘථිවියේ උෂ්ණත්වය සදහා බලපාන එක් සාධකයක් පමණි. ධන හෝ සෘණ උත්ප්‍රේරක මගින් මෙහි ක්‍රියාකාරිත්වය වැඩි අඩු කිරීම සිදුකරයි.
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අගහරු, සිකුරු සහ ටයිටන් චන්ද්‍රයා මත හරිතාගාර ආචරණය දක්නට ලැබෙයි.