![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/aa/Bhajji.jpg/640px-Bhajji.jpg&w=640&q=50)
හර්බජාන් සිං
From Wikipedia, the free encyclopedia
හර්බජන් සිං ප්ලාහා (උච්චාරණයⓘ, උපත: 1980 ජුලි මස 3 වනදා, පන්ජාබි, ජලන්දාර් හිදී) යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින විශේෂඥ පන්දු යවන්නෙකි. ලොව සිටින දඟ පන්දු යවන්නන් අතරින් දෙවනුව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ලබා සිටින ඔහු දෙවනි වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ට පමණයි.
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | හර්බජාන් සිං ප්ලාහා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | භජ්ජි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණත් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණත් පිට දඟ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | පන්දු යවන්නෙකි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1997–වර්තමානය | පන්ජාබ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2005 | Surrey | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2008–වර්තමානය | මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ESPNCricinfo, 2011 26 July |
1998 මුල් භාගයේදී හර්බජන් විසින් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් හා එක්දින වරම් හිමි කරගන්නා ලදී. ඔහුගේ ක්‍රිකට් ගමන ආරම්භයේදීම ඔහුට, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ නීත්‍යානුකූල භාවය පිලිබඳ ගැටළු සේම විනය ගැටළුද පැනනැගුණි. කෙසේහෝ 2001 වර්ෂයේ පැවති "බෝර්ඩර්-ගවස්කාර්" කුසලානය සඳහා, ඉන්දීය පිළේ ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දුයවන්නා වන අනිල් කුම්බ්ලේගේ ආබාධය හේතුවෙන්, හර්බජාන් සිං නැවත කණ්ඩායමට කැඳවන ලද්දේ ඉන්දීය නායක සව්රව් ගංගුලි විසිනි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති මෙම තරඟාවලිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ හර්බජාන් හට කඩුලු 32ක් හා කණ්ඩායම තුළ ස්ථාවරත්වයක්ද ලබා දෙමිනි. එමෙන්ම ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ඉන්දීය පන්දු යවන්නා බවට හර්බජන් සිං පත්වූයේ මෙම තරඟාවලියේදීය.
වර්ෂ 2003 මැද භාගයේදී ඔහුගේ ඇඟිල්ලක ආබාධයක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවීමත් සමග, නැවතත් තමන්ගේ ස්ථානයට පැමිණීමට කුම්බ්ලේ ට හැකිවිය. වර්ෂ 2004 අග භාගයේදී ඔහු නැවත කණ්ඩායමට ඇතුළත් වුණත්, ඉන්දීය උප මහද්වීපයෙන් පිටත පවත්වන ටෙස්ට් තරඟ සඳහා ඔහුට සහභාගි නොහැකි වූයේ, එවැනි අවස්ථාවන්වලදී සාමාන්‍යයෙන් එක දඟ පන්දු යවන්නෙකු පමණක් යොදා ගැනීම හා එම අවස්ථාව කුම්බ්ලේ හට ලැබීමත් නිසාය. 2006 හා 2007 වර්ෂවලදී හර්බජාන්ගේ කඩුලු ගැනීම අඩුවූ අතර ඒ සමග ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය වැඩිවීමත් නිසා ඔහුගේ පන්දු යැවීම දිගින් දිගටම විවේචනය වීමට පටන් ගත්තේය. 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී ඉන්දීය කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වීමෙන් පසු, ඉන්දීය ජාතික සංචිතයේ සිටි විවිධ දඟ පන්දු යවන්නන් හර්බජාන්ගේ ස්ථානය වෙනුවට ආදේශ කරනු ලැබීය. නමුත් 2007 වර්ෂයේම අවසන් භාගයේදී හර්බජාන්ට නැවතත් ඔහුගේ ස්ථානය ලැබුණු අතර එය මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණයක් විය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් හට ජාතිවාදී අපහාසයක් කිරීම යන ඡෝදනාව නිසා වර්ෂ 2008 මුල් කාලයේදී, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් හර්බජාන් ට ක්‍රිකට් තහනමක් ක්‍රියාත්මක කළේය. ඉන්පසු ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් එම තහනම ඉවත් කළ අතර නමුත් එම වසරේම අප්‍රේල් මාසයේදී ඔහු නැවත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක්දින-තරඟ තහනමකට ලක්වෙන්නේ, 2008 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟමාලාවේ එක් තරඟයක් අවසානයේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රීශාන්ත් හට පහර දීමක් හේතුවෙනි.
ඉන්දීයානුවෙක් සඳහා පිරිනමන සිව්වන උසස්ම ගෞරව සම්මානය වන "පද්ම ශ්‍රී" සම්මානය හර්බජාන්ට හිමිවූයේ වර්ෂ 2009 දීය.