![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ea/Conscription_map_of_the_world.svg/langsi-640px-Conscription_map_of_the_world.svg.png&w=640&q=50)
හමුදා සේවය
From Wikipedia, the free encyclopedia
හමුදා සේවය යනු, පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ විසින් (ස්වෙච්ඡාවෙන්) වෘත්තියක් ලෙසින් තෝරාගැනීමෙන් හෝ කැමැත්තක් නොවිමසා තෝරාගැනීමකට ලක්වීමෙන් (හේවායනය) හෝ යුද්ධ හමුදාවකට හෝ වෙනත් හේවාපන්නයකට හෝ සේවාව සැපයීම වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ea/Conscription_map_of_the_world.svg/640px-Conscription_map_of_the_world.svg.png)
භෞතික හෝ මානසික ආබාධ හෝ ආගමික විශ්වාස වැනි විශේෂ තත්ත්වයන් හැරුණු විට, සියළු පුරවැසියන් විසින් කිසියම් නියමිත ප්‍රමාණයක හමුදා සේවයක යෙදීම සමහරක් දේශයන් (නිද., මෙක්සිකෝව) විසින් අවශ්‍යතාවයක් ලෙසින් සැලකෙයි. හේවායන ක්‍රමවේදයන් භාවිතා කරන බොහෝ රටවල් විසින් හේවායනයට ලක්කරනුයේ පිරිමින් පමණි; ස්වල්පයක් රටවල් විසින් ගැහැණුන්ද හේවායනයට ලක් කෙරෙයි. [1] නිදසුනක් ලෙසින් දක්වතොත්, නෝර්වේ, ස්වීඩනය, උතුරු කොරියාව, ඊශ්‍රායෙලය, සහ එරිත්‍රියාව විසින් පිරිමින් සහ ගැහැණුන් යන දෙවගයම හේවායනයට ලක් කරයි. කෙසේවෙතත්, පිරිමින් සහ ගැහැණුන් යන දෙවගයම හේවායනයට බඳුන් කරන අතර සමාන විධිමත් කොන්දේසි යටතේ සේවාව ලබාගන්නා ලිංගභේද-අපක්ෂග්‍රාහී හේවායන ක්‍රමවේදයක් භාවිතා කරන්නේ නෝර්වේ සහ ස්වීඩනය පමණි. [2] හේවායන ක්‍රමවේදයක් භාවිතා කරන සමහරක් රටවල් එය සඳහා බලනොකරති.
හමුදා සේවය සඳහා හේවායනය භාවිතා කරන දේශයන් සාමාන්‍යයෙන් එම ක්‍රමවේදය පවත්වාගෙන යෑම සඳහා, වෘත්තියක් ලෙසින් හමුදා බලකායයන්ට එක්වීමට රුචියක් දක්වන පුරවැසියන් මත යැපෙන බවද නිරික්ෂණය කල හැක. [3]
සන්නද්ධ බලකායන් පවත්වාගෙන යන්නාවූ සමහරක් දේශයන් එහි පුද්ගලයන් හේවායනය ඔස්සේ ලබා නොගනිති (නිද. බොහෝ නේටෝ සහ යුරෝපියානු සංගම් රාජ්‍යයන්). ඒ වෙනුවට, හමුදාමය වෘත්තීන් විසින් ඒවා සඳහා අළුතින් බඳවාගන්නන් යොමු කරවාගෙන ඔවුනතරින් සුදුසු අය තෝරාගනිති; හමුදාමය බඳවාගැනීම බලන්න.
සමහරක්, සාමාන්‍යයෙන් කුඩා, දේශයන් විසින් සන්නද්ධ හමුදා භාවිතා නොකරන අතර, සන්නද්ධ අභ්‍යන්තර ආරක්ෂක බලකායන් මත යැපෙති (නිද. පොලීසිය, වෙරළාරක්ෂක බලකාය).