හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය
From Wikipedia, the free encyclopedia
හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය හෙවත් ඩ්ජෙසර්-ඩ්ජෙසරු ("ශුද්ධාතිශුද්ධ") යනු ඉහළ ඊජිප්තුවේ පුරාතන අවමංගල පූජාස්ථානයකි. හට්ෂෙප්සුට් පාරාවෝවරිය වෙනුවෙන් කැපකළ මෙය පිහිටා ඇත්තේ රජුන්ගේ නිම්නය අසල, නයිල් නදියේ බටහිර ඉවුරේ ඩේර් එල් බහරිහි ගිරිකුළුවලට පහළිනි. මෙම මතකාගාර දේවස්ථානය හිරු දෙවියන් වන අමූන් හට පූජා කොට ඇති අතර එය IIවන මෙන්ටුහොටෙප්ගේ මතකාගාර දේවස්ථානයට යාබදව පිහිටා ඇත. එම දේවස්ථානය හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය ඉදිකිරීමට සංකල්පනාව ඇති කරන්නට ඇති අතර, පසුව එය ගල් වැඩපළක් ලෙස භාවිතයට ගෙන ඇත. මෙම හට්ෂෙප්සුට් දේවස්ථානය "පුරාතන ඊජිප්තුවේ අසමසම ස්මාරකයක්"ලෙස සැලකේ.[1]
විකල්ප නම | ඩ්ජෙසර්-ඩ්ජෙසරු |
---|---|
පිහිටීම | ඉහළ ඊජිප්තුව |
මාදිලිය | මතකාගාර දේවස්ථානය |
අඩවි සටහන් | |
කැනීම් දින | yes |
තත්ත්වය | ප්‍රතිසංස්කරණය කළ |
වෝර්සෝහි පෝලන්ත විද්‍යා ඇකඩමිය මෙම දේවස්ථානයේ පේසා තුනෙහි අධ්‍යයනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරයි. 1995 තරම් මුල් කාලයේ දී, මෙහි පළමු මහල් දෙක බොහෝ දුරට සම්පූර්ණ කළ අතර, ඉහළ මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු වෙමින් පවතියි.[2]