![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/72/Apollo_17_twilight_ray_sketch.jpg/640px-Apollo_17_twilight_ray_sketch.jpg&w=640&q=50)
සඳෙහි වායු ගෝලය
From Wikipedia, the free encyclopedia
බොහෝ ප්‍රායෝගික කටයුතු වලදී චන්ද්‍රයා වටවී ඇත්තේ රික්තයකින් බවට සැලකේ. පෘථිවියේ වායුගෝලයත් සමඟ සන්සන්දනය කරන විට සඳෙහි වායු ගෝලය ඉතා විරල සහ නොසැලකිය හැකි ප්‍රමාණයේ එකකි. සඳෙහි වායුගෝලයේ පවතින වායූන් සඳහා එක් මූලයක් වන්නේ සඳෙහි කබොල සහ ප්රාවරණය තුළ විකිරණශීලී ක්ෂය වීම මඟින් නිපදවෙන රේඩෝන් වැනි වායූන් වේ. මෙසේ වායූන් නිදහස් වීමේ ක්‍රියාවලිය නිර්වායුකරණය ලෙස හැඳින්වේ. සඳෙහි වායුගෝලය නිර්මාණය වීම සඳහා තවත් වැදගත් මූලයක් ලෙස පටපනය නම් ක්‍රියාවලිය හැඳින්විය හැකිය. ක්ෂුද්‍ර උල්කාෂ්ම සඳ මත පතිත වීම, සූර්ය සුළඟ සහ සූර්යාලෝකය මෙම ක්‍රියාවලියට අයත් වේ. මෙසේ නිදහස් වන වායූන් රැසකි, [2]
- චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් නැවත ප්රාවරණ පාෂාණ තුළට උරා ගැනීම හෝ,
- සූර්ය විකිරණ පීඩනය හේතුවෙන් අභ්‍යවකාශය තුළට විසිරී යාම හෝ යම් හෙයකින් වායූන් අයනීකරණය වී ඇත්නම් සූර්ය සුළඟෙහි චුම්භක ක්ෂේත්රය ඔස්සේ ඉවතට ගසා ගෙන යාම සිදු වේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/72/Apollo_17_twilight_ray_sketch.jpg/320px-Apollo_17_twilight_ray_sketch.jpg)