සුළඟ
විශාල වශයෙන් වාතය ගැලීම / From Wikipedia, the free encyclopedia
සුළඟ හෙවත් හුළඟ යනු විශාල ප්‍රමාණයෙන් වායුන්ගේ සිදුවන ගලා යාමයි. වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට වාතය ගලයි. පෘථිවිය මතුපිට සුළඟ සමන්විත වන්නේ වාතයේ සිදුවන් විශාල සංචලනයන්ගෙන්ය. සුළඟ සාමාන්‍යයෙන් වර්ග කරනු ලබන්නේ, අවකාශමය පරිමාණය,වේගය,සුළඟ මත ඇතිවන බලපෑම, සුළඟ හට ගන්නා ප්‍රදේශය සහ සුළඟේ ප්රථිඵලය යන කරුණු මතය. අපගේ සෞර ග්‍රහ මණ්ඩලය තුල ප්‍රබල වශයෙන් සුළං පවත්නා ග්‍රහලෝක වනුයේ, නෙප්චූන් සහ සෙනසුරු ය. සුළඟ විවිධාකාර ලක්ෂණයන්ගෙන් සමන්විතය,වැදගත් ලක්ෂණය වන්නේ සුළඟේ ප්‍රවේගයයි,තවද සුළඟේ සමන්විත වායු ඝනත්වය සහ සමන්විත ශක්ති ධාරිතාවද සැලකිල්ලට ගනී.
කාළගුණ විද්‍යාවේදී, සුළං බොහෝවිට කාණ්ඩ කරනු ලබන්නේ සුළං වල ශක්තිය මත සහ සුළං හමන දිශානතිය අනුවය.වේගයෙන් හමන කෙටි සුළඟ සුළං පහර වේ. කෙටි කාල පරතරයක් අතරතුර (මිනිත්තුවක් පමණ )හමන දැඩි සුළඟ හදිසි කුණාටුව වේ.විශාල කාල පරාසයක් තුල ඇති වන සුළං හැදින්වීමට විවිධාකාර නම් ඇත. එම නාමයන් නිර්මාණය කිරීමට සුළගේ සාමාන්‍ය ශක්තිය පදනම් කර ගනී. එම නාමයන් වන්නේ මඳ සුළඟ, චණ්ඩ මාරුතය, කුණාටුව,වා සුළිය (හරිකේන්) සහ ටයිපුන් වේ. විශාල පරිමාණයේ වායුගෝලීය සංරචනයන් ඇති වීමට හේතු කාරක වන්නේ සමකය සහ ධ්රැව අතර තාපය වෙනස් වීමේ අන්තරය සහ පෘථිවියේ පරිභ්‍රමණයයි.
පුරාණ මානව ශිෂ්ඨාචාරයන් හිදී , සුළඟ දේවත්වයෙන් පුද කරනු ලැබිය.එලෙසම ඈත අතීතයේ සිට වර්තමානය තෙක් සුළගේ ප්‍රයෝජන විවිධාකාර කටයුතු සදහා යොදා ගනී.එනම් , බල ශක්ති මුලාශ්‍රයක් ලෙස, විනෝද කටයුතු වලට, කාර්මික කටයුතු වැනි විවිධාකාර කටයුතු සදහා සුළඟ යොදා ගනී.