![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/2004_Indian_Ocean_earthquake_-_affected_countries.png/640px-2004_Indian_Ocean_earthquake_-_affected_countries.png&w=640&q=50)
සුනාමි
From Wikipedia, the free encyclopedia
ඇබොට් (Abbott) 1996 දී දක්වන ආකාරයට සුනාමි යනු ජපන් වචනයක් වන අතර එහි අදහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උසින් අඩු රළ වරායට පැමිණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උසින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ සුනාමි ලෙස හදුන්වති.
- රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ උදම් රළ වශයෙනි.
- ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩි උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/2004_Indian_Ocean_earthquake_-_affected_countries.png/640px-2004_Indian_Ocean_earthquake_-_affected_countries.png)
සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග ලෙසයි.