![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Cis-2-butene.svg/langsi-640px-Cis-2-butene.svg.png&w=640&q=50)
සිස්-ට්‍රාන්ස් සමාවයවිකතාව
From Wikipedia, the free encyclopedia
කාබනික රසායන විද්‍යාවෙහි, සිස්/ට්‍රාන්ස් සමාවයවිකතාව (ජ්‍යාමිතික සමාවයවිකතාව, වින්‍යාස සමාවයවිකතාව, හෝ ඊ / ඉසෙඩ් සමාවයවිකතාව ලෙසින්ද හැඳින්වේ) යනු අණුවක් තුල ක්‍රියාකාරී කාණ්ඩයන්හී දිශානතිය විස්තර කෙරෙන ත්‍රිමාණ සමාවයවිකතා ස්වරූපයකි. සාමාන්‍ය වශයෙන්, එවැනි සමාවයවිකයන් වෙත, භ්‍රමණය විය නොහැකි, ද්විත්ව බන්ධන අඩංගු වන මුත්, බන්ධනයන්හි භ්‍රමණය අතිශයින් සීමා කෙරුණු, වලය ව්‍යුහයන් වෙතින්ද ඒවා පැන නැගිය හැක. කාබනික අණු සහ අකාබනික සමායෝජන සංකීර්ණයන් තුල සිස් සහ ට්‍රාන්ස් සමාවයවිකයන් ඇති විය හැක.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Cis-2-butene.svg/320px-Cis-2-butene.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1e/Trans-2-butene.svg/320px-Trans-2-butene.svg.png)
සිස් සහ ට්‍රාන්ස් යන පද බිඳී විත් ඇත්තේ ලතින් භාෂාවෙන් වන අතර, එහිදී සිස් යන්නෙහි අර්ථය "එකම පැත්තේ" යන්න සහ ට්‍රාන්ස් යන්නේ අර්ථය "අනෙක් පැත්තේ" හෝ "හරහා" යන්නයි. අයියූපීඒසී විසින් "ජ්‍යාමිතික සමාවයවිකතාව" යන පදය සැලකෙන්නේ "සිස් / ට්‍රාන්ස් සමාවයවිකතාව" සඳහා අභාවිත පර්යාය පදයක් ලෙසිනි. [1] සාමාන්‍ය ත්‍රිමාණ සමාවයවිකයතාව සඳහාද පර්යාය පදයක් ලෙස මෙය සමහර විට භාවිතා වෙයි (නිද. ප්‍රකාශ සමාවයවිකයතාව ජ්‍යාමිතික සමාවයවිකයතාව ලෙසින් හැඳින්වෙයි); ප්‍රකාශ-නොවන ත්‍රිමාණ සමාවයවිකයතාව සඳහා නිවැරැදි පදය වන්නේ පාරත්‍රිමාන සමාවයවිකතාව යන්නයි.