සියඹලා
From Wikipedia, the free encyclopedia
සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන, අඟල් 3 - 4 ක් දිග, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය. ඇඹුල් රසැති එය කුළු බඩුවක් වශයෙන් පෙර දිග රට වල බහුලව භාවිතා කරනු ලැබේ.
Quick Facts සියඹලා (Tamarind), විද්‍යාත්මක වර්ගීකරණය ...
සියඹලා (Tamarind) | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
Division: | Magnoliophyta |
වර්ගය: | Magnoliopsida |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
උපකුලය: | Caesalpinioideae |
Tribe: | Detarieae |
ගණය: | ''Tamarindus'' |
විශේෂය: | T. indica |
ද්වීපද නාමය | |
Tamarindus indica L. | |
Close
අලංකරණයට, සෙවණ ශාකයක් වශයෙන් හා ආහාරයට ගන්නා කරල් ලබා ගැනීම සඳහාත් සියඹලා වගා කරනු ලබේ.