සිම්සන් පවුල
From Wikipedia, the free encyclopedia
සිම්සන් පවුල යනු The Simpsons සජීවීකරණ ටෙලි කථාමාලාවේ ප්‍රබන්ධ කථාවෙන් පැමිණෙන ප්‍රධාන චරිතයන්ගේ එකතුවයි. සිම්සන්ස් යනු න්‍යෂ්ටික පවුලකින් සමන්විත වන අතර එහි විවාහ යුවල වන්නේ හෝමර් සිම්සන් හා මාර්ග් සිම්සන් සහ ඔවුන්ගේ දරුවන් වනුයේ බාර්ට් සිම්සන්,ලීසා සිම්සන් සහ මැගී සිම්සන්ය. ඔවුන් ජීවත් වනුයේ එක්සත් ජනපදය නම් රටෙහි ස්ප්රින්ග්ෆිල්ඩ් නගරයේ අංක 742 එවර්ග්‍රීන් ටෙරේස් හි වන අතර ඔවුන් නිර්මාණය කරනු ලැබුවේ කාටුන් ශිල්පී මැට් ග්රොනින් විසින්ය.
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
ආදර්ශය | ප්‍රබන්ධ පවුල |
---|---|
නිර්මාතෘ | මැට් ග්රොනින් |
මුලාරම්භය | The Tracey Ullman Show ලෙස |
ආරම්භක දිනය | 1987 |
අවසන් දිනය | වර්තමානය |
පළමු දර්ශණය | "Good Night" (The Tracey Ullman Show) |
ලිපිනය | අංක 742 එවර්ග්‍රීන් ටෙරේස්, ස්ප්රින්ග්ෆිල්ඩ්, එක්සත් ජනපදය |
|
ඔහුට මෙම සංකල්පිත අදහස ගෙන ඇත්තේ ප්‍රධාන ශාලව වු ජේම්ස් එල්.බෲක්ස්ගේ කාර්යාලයේදී කල්පනා කර සිටියදීය.මෙම චරිත ඔහු නම් කර ඇත්තේ තමාගේම් පවුලේ සාමාජිකයන්ගේ නම් සහ තම නම බාර්ට් ට ආදේශ කලේය. සිම්සන් පවුලේ පළමු දර්ශනය 1987 අප්‍රේල් 19 දින කෙටි නිර්මාණයක් ලෙස The Tracey Ullman Show නමින් "short "Good Night"" කථාංගය ඉදිරිපත් වු අතර පසුව ඔවුන්ගෙම කථාමාලාවක් ලෙසින් 1989 දෙසැම්බර් 14 දින ඉදිරිපත් විය.
ප්‍රධාන පවුලේ සාමජිකයන් අතුරින් ප්‍රධාන සහ අනු චරිතද මෙයට ඇතුලත් වී සිටී. පවුලේ චරිත අතුරින් හෝමර්ගේ පියා වු ඇබ්‍රහම් සිම්සන්, මාර්ග්ගේ සහොදරියන් වු පැටී සහ සෙල්මා බූවියර් සහ පවුලේ සුරතලුන් දෙදෙනා වන සැන්ටාස් ලිට්ල් හෙල්පර් හා ස්නොවුබොල් අනු චරිත ලෙස නැවත නැවත කථා මාලාවේ යෙදි සිටී. වෙනත් පවුලේ සාමාජිකයන් අතුරින් හෝමර්ගේ මව වන මොනා සිම්සන්, හෝමර්ගේ "වේගස් බිරිද" වු ඇම්බර්, මාර්ග්ගේ මව වන ජැක්ලන් බූවියර් සහ වෙනත් සුළු නැදෑයන් ද අනු චරිතයන්ට ඇතුලත් වේ.