ලංකාවේ වෙසෙන සිංහල ජනතාවගේ භාෂාව මෙන්ම ශ්‍රී ලංකාවේ මව් භාෂාව ද වේ From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහල බසට බොහෝ දුරට සමාන භාෂාවකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි.
සිංහල | |
---|---|
සිංහල siṁhala | |
කලාපය | ශ්‍රී ලංකාව |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 20 (date missing) |
ඉන්දු-යුරෝපීය
| |
ලේඛන ක්‍රමය | සිංහල අබුගිඩා (බ්රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි) |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ශ්‍රී ලංකාව |
භාෂා කේත | |
ISO 639-1 | si |
ISO 639-2 | sin |
ISO 639-3 | sin |
ප්රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.සින්හල භාෂාවේ ස්වර 18 කි.
සිංහල යනු මධ්‍යම ඉන්දු-ආර්ය (එළු ) "සිහල" යන වචනයට අනුරූප සංස්කෘත පදය වේ. මෙය "සිංහ" යන සංස්කෘත වචනයේ ව්‍යුත්පන්නයක් වේ[1]. "භගවත පුරාණයෙ"හි සිංහලය, දිවයිනේ සංස්කෘත නාමය ලෙස සඳහන් කර ඇත. මෙම නම සමහර අවස්ථාවලදී "සිංහයන්ගේ වාසස්ථානය" ලෙසද හුවා දක්වා ඇත. මෙය අතීතයේ සිංහයන් බහුල වශයෙන් සිටින්නට ඇතැයි යන විශ්වාසය මත යෙදුනක් යැයි කිව හැක[2].
සිංහල බසෙහි උප භාෂා ලෙස තදින් බෙදීමක් දක්නට නොහැක. නමුත් ප්රදේශික වශයෙන් කතා කරන විලාශය හා ආවේනික වූ වචන හා යෙදුම් භාවිතයේ වෙනස්කම් දැකිය හැක. රජරට (උතුරු මැද පළාත), රුහුණ (දකුණු පළාත), ඌව (උව පළාත) මෙසේ වෙනස්කම් දැකිය හැකි පළාත් කිහිපයකි. නමුත් මෙම විශේෂිත යෙදුම් හා කතා විලාශ අනෙකුත් සිංහලයන්ට බොහෝ විට පහසුවෙන් තේරුම්ගත හැක.[3]
දකුණු ආසියාවේ බොහෝ භාෂාවල දක්නට ලැබෙන දෙදිව් වහර (කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) අතර ඇති පැහැදිලි වෙනස) සිංහල භාෂාවෙහිද විශේෂයෙන් දැකිය හැක.
කථික බස (කතා කරන බස) | ලිඛිත බස (ලියන බස) |
---|---|
මං ගෙදර යනවා. | මම ගෙදර යමි. |
අපි පන්සල් යනවා. | අපි පන්සල් යමු. |
එයා ඊයෙ හිටියා. | ඔහු ඊයේ සිටියේය. |
සිංහල ස්වර ශබ්ද නැගීමේ රටාව බොහෝ දුරට අනෙකුත් ඉන්දියානු භාෂා වලට සමගාමී වේ . නමුත් එම භාෂා හා සසඳන විට සිංහලයටම ආවේනික වූ ලක්ෂණ කීපයක් දැක ගත හැක. ඒවායින් සමහරක් නම් සඤ්ඤක අකුරු පෙළ එක් වීම, ඇ, ඈ ස්වර එක් වීම, මහා ප්‍රාණ අකුරු (සංස්කෘතයෙන් ආ වචන සඳහා) ඇති මුත් නොමුසු සිංහල බස සඳහා ඒවා ඇවැසි නොවීම ආදියයි.
සිංහල ස්වර ශබ්ද නැගීම
ස්වර | පූර්ව | කේන්ද්‍ර | පශ්ව | |||
---|---|---|---|---|---|---|
හ්‍රස්ව | දීර්ඝ | හ්‍රස්ව | දීර්ඝ | හ්‍රස්ව | දීර්ඝ | |
සංවෘත | ඉ (i) | ඊ (iː) | උ (u) | ඌ (uː) | ||
මධ්‍ය | එ (e̞) | ඒ (e̞ː) | අ (ə) | අ(ර්) (əː) | ඔ (o̞) | ඕ (o̞ː) |
අර්ධ-විවෘත | ඇ (æ) | ඈ (æː) | ||||
විවෘත | අ (a) | ආ (aː) |
සිංහල ව්‍යංජන ශබ්ද නැගීම
ඕෂ්ඨ්ය |
දන්ත්‍ය/ වර්ත්ස්ය |
මූර්ධන්ය |
තාලව්‍ය/ පශ්වර්ත්ස්ය |
කන්ඨ්ය |
ග්ලොටල් | ||
---|---|---|---|---|---|---|---|
නාසික්‍ය | ම (m) | න (n̪) | ණ (ɳ) | ඤ (ɲ) | ඞ (ŋ) | ||
ස්පර්ශ/ ස්පර්ශ-සංඝර්ෂ | අඝෝෂ අල්පප්‍රාණ | ප (p) | ත (t̪) | ට (ʈ) | ච (t͡ʃ) | ක (k) | |
අඝෝෂ මහාප්‍රාණ | ඵ (pʰ) | ථ (t̪ʰ) | ඨ (ʈʰ) | ඡ (t͡ʃʰ) | ඛ (kʰ) | ||
ඝෝෂ අල්පප්‍රාණ | බ (b) | ද (d̪) | ඩ (ɖ) | ජ (d͡ʒ) | ග (ɡ) | ||
ඝෝෂ මහාප්‍රාණ | භ (bʱ) | ධ (d̪ʱ) | ඪ (ɖʱ) | ඣ (d͡ʒʱ) | ඝ (ɡʱ) | ||
අර්ධානුනාසික්‍ය | ඹ (ᵐb) | ඳ (ⁿd̪) | ඬ (ᶯɖ) | ඦ (ᶮd͡ʒ) | ඟ (ᵑɡ) | ||
සංඝර්ෂ | අඝෝෂ | ෆ (f) | ස (s̪) | ෂ (ʂ) | ශ (ʃ) | ||
ඝෝෂ | ව (ʋ) | හ (ɦ) | |||||
අන්තස්ථ | ය (j) | ||||||
උත්ක්ෂිප්ත | ර (ɾ) | ||||||
පාර්ශ්වික අන්තස්ථ | ල (l) | ළ (ɭ) |
බොහෝ ඉන්දියානු අකුරු මාලා මෙන් සිංහල හෝඩිය ද පැරණි බ්රාහ්මී අක්ෂර මාලාව මත පදනම්වී ඇත. ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට මෙම පැරණි බ්රාහ්මීය අකුරු හැඳින්වී ඇති බව පුරාවිද්‍යාඥයන් පවසන නමුත් හෙළ හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල අකුරු පෙළ, දකුණු ඉන්දියානු ග්රන්ථ අක්ෂර මාලාවට සමීප සම්බන්ධයක් ඇති අතර, කාදම්බ අක්ෂර මාලාවෙන්ද ආභාෂය ලබා ඇති බව පෙනේ. [4][5]
සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල හෝඩි කීපයක් ඇත.
1. අමිශ්‍ර සිංහල හෝඩිය (අක්ෂර 30 කි). වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ.
2. මිශ්‍ර සිංහල හෝඩිය (අක්ෂර 54 කි). මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්ෂර).
3. නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) (අක්ෂර 60 කි). ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්ව 1989දී මෙම හෝඩිය සකස් කර ඇත. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ.
නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) පහත දැක්වේ.
|
|
සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය ඉන්දියානු භාෂාවල ඇති අබුගිඩා අක්ෂර විලාසය අනුගමනය කෙරේ. එනම් ශුද්ධ ස්වර සඳහා වෙනම අකුරු පෙලක්ද, ව්‍යංජන සඳහා වෙනම අකුරු පෙලක්ද , ව්‍යංජන ස්වර ආකාරයෙන් වෙනස් කර ගැනීම සඳහා ව්‍යංජන වලට පිලි යොදා ගැනීම ආදී වශයෙන් වේ.
නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත.
යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස (සිංහල යුනිකේත) ද ඇතුළත්ව ඇත [6]. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.
සිංහල භාෂාවේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය පහත සඳහන් අයුරු බෙදේ.
සිංහල පද වර්ග පහත පෙන්වා ඇති අයුරු බෙදේ.
අතීතයේ උපසර්ග පද මුලික පද වර්ගයක් ලෙස සැලකුවද වර්තමානයේ එසේ නොසැලකේ. විස්තාර පද මුලික පද වර්ගයක් ලෙස සැලකිය යුතු බව ආචාර්ය ජේ. බී. දිසානායකගේ වර්තමාන යෝජනාවකි.
පහත සඳහන් වන්නේ සිංහලයේ නව පද නිර්මාණය හෝ අරුත වෙනස් කිරීම සඳහා යෙදෙන විධි ය.
නාම පද මුලින් පමණක දී එහි අරුත වෙනස් (අඩු, වැඩි, විරුද්ධ ) කිරීමක් උපසර්ග පද වලින් කෙරේ. උපසර්ග පද තද අකුරින් දක්වා ඇත
පද කීපයක් විවිධාකාරයට එක වී දෙන අරුත දියහැකි ලෙස තනි වචනයක් ගැලපීම හෙවත් සාධනය සමාස නම් වේ. සමාස වර්ග 5කි. සමාස වූ පද තද අකුරින් දක්වා ඇත.
වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගින්, උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස අලුත් පද සැදීම සන්ධි කිරීම නම් වේ. සිංහල බසේ පද සන්ධිය බෙහෙවින් භාවිතා වේ. සිංහලයේ පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.
පද සන්ධි උදාහරණ;
සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී.
නමුත්, වර්තමානයේ ප්‍රස්තාව පිරුළු වැනි යෙදුම් භාවිතය බොහෝ දුරට පහත වැටී ඇත. ඉංග්‍රීසි භාෂාව මෙන් යෙදුම් භාවිතය පුළුල්ව පැතිර නැත.
උදාහරණ;
මේ යෙදුම් වල "මුතු, හා පැටවෙකු, නරියෙකු" යන පද "උපමා" වේ .
රූපක
මේ යෙදුම් වල "සඳකි, කිතුල් රෑන" යන පද "රූපක" වේ.
* ඇගේ මුහුන සඳකි.
* ඇගේ කෙස් කළඹ කිතුල් රෑනකි.
෴
සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට සිංහල අකුරු යොදාගනී.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
ක්‍රි.ව. 20 වන ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත් පතෙහි සිටි ප්‍රසිද්ධ කතුවරයෙකි)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.