From Wikipedia, the free encyclopedia
සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි . සමුද්‍ර මන්ථනය අමෘතයේ ආරම්භය පැහැදිලි කරයි .
ස්වර්ග රාජ්‍යයේ රජු වූ ඉන්ද්‍ර දෙවියන්ට දුර්වාස මුනිවරයා හමු වූ අතර, ඔහු තමාට ලැබුණු විසින් දෙන ලද විශේෂ මල්මාලයක් (සමහර මූලාශ්රවල එය ශිව දෙවියන් විසින් ලබාදෙන ලද පර නොවන මල් මාලයක් ලෙස සඳහන් වේ) ඉන්ද්‍ර දෙවියන්ට පිරිනැවීය.ඉන්ද්‍ර දෙවියන් මල් මාලය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා, එය ලබාගෙන තම වාහනය වූ ඓරාතව ඇතාට ලබාදුන් අතර ඓරාවත එය විනාශ කළේය.වහා කිපෙන සුළු සෘෂිවරයෙක් වූ දුර්වාස සෘෂිවරයා කෝපයට පත්විය.එතුමා ඉන්ද්‍ර ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු ශක්තිය, බලය සහ වාසනාව අහිමි වන ලෙස ශාප කළේය.
මෙම සිදුවීමෙන් පසු ඇති වූ සටන්වලදී, දේවයන් පරාජයට පත් වූ අතර , බලිගේ නායකත්වයෙන් යුත් අසුරයන් විශ්වයේ පාලනය ලබා ගත්හ .දෙවියන් විෂ්ණු දෙවියන්ගෙන් පිහිට පැතූ අතර එතුමාගේ උපදෙස් පරදි අමරණීයත්වයේ අමෘතය සඳහා සමුද්‍රය කැළඹීමටත් එයින් ලැබෙන සම්පත් බෙදා ගැනීමටත් දෙවියන් හා අසුරයන් අතර එකඟතාවක් ඇති කර ගත්තේය.
මන්දාර පර්වතය දණ්ඩක් සේ යොදා ගෙන ශිව දෙවියන්ගේ ගෙලවටා එතී සිටින වාසුකී නාග රාජයා කඹයක් සේ යොදා සාගරය කැළඹීය. මෙහිදි දෙවියන්ට වාසුකීගේ වලිගය කොටසත් අසුරයන් වාසුකිගේ හිස කොටසත් ලැබුණි. අසුරයන්ට හිස කොටස ලබා දීමට හේතුව මන්තනය අතරතුරදී වාසුකීගේ මුවෙන් විෂ පිටවීම නිසාය.
මන්දාර පර්වතය කිරි සයුරේ තැබූ විට එය ගිලෙන්නට පටන් ගත්තේය.දෙවිවරු විෂ්ණු දෙවියන්ගේ සහය පැතූ අතර විෂ්ණු දෙවියන් කුර්ම අවතාරය (කැස්බෑවෙකුගේ ස්වරූපයක්) ලබාගෙන මන්දාර පර්වතය දරා ගෙන සිටියේය.
1.නීලකණ්ඨ
සාගර මන්ථනයේදී ශිව දෙවියන් හලාහල විෂ පානය කල ලෝකයට යහපත සැලසීය. මෙහිදී මෙම මාරාන්තික විෂ ශිව දෙවියන්ගේ පාර්වතියගේ (සමහර ග්රන්ථ වලට අනුව තාරා දේවියගේ) උපකාරය හේතුවෙන් ශිව උගුරේ රැදුණු අතර එම සිදුවීමෙන් පසු ශිව දෙවියන්ට නීලකණ්ඨ යන නම ලැබුණි
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.