ස්පන්දන් චතුර්වේදී
ඉන්දියානු නිළිය / From Wikipedia, the free encyclopedia
ස්පන්දන් චතුර්වේදි යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියානු රූපවාහිනී ළමා නිළියකි. චතුර්වේදි ඇගේ රංගන දිවිය ඇරඹූයේ 2012 රූපවාහිනී මාලා නාට්‍යයක් වූ ඒක් වීර් කි අර්දාස්...වීරා කතාමාලාව තුළිනි. අනතුරුව ඇය රූපවාහිනී දැන්වීම් කිහිපයක ද පෙනීසිටියා ය. පසුව ඇය සංස්කාර් - ධරෝහාර් අප්නොන් කි කතාමාලාවට සිය රංගන දායකත්වය සැපයූවා ය.ඉන් පසුව ඇය ද සුට් ලයිෆ් ඔෆ් කරන් ඇන්ඩ් කබීර්හි පසුබිම් චරිතයක් ද නිරූපණය කළා ය. 2014 පෙබරවාරි මස චතුර්වේදි විසින් කලර්ස් ටීවී නාළිකාවේ වැඩසටහනක් වූ මධුබාලා – ඒක් ඉෂ්ක් ඒක් ජුනූන් තුළ ලාබාල මධුබාලාගේ චරිතය නිරූපණය කරන ලදී. නමුත් 2014 අගෝස්තුවේ සිට 2016 පෙබරවාරි දක්වා වූ කාලය තුළ ඇය විසින් කලර්ස් ටීවී නාළිකාවේ උදාන් කතාමාලාවේ 'චාකොර්' චරිතය නිරූපණය කරන ලදී. මේ හේතුවෙන් ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර, සම්මාන කිහිපයක් ද හිමි කරගැනීමට සමත් වූවා ය. මේ අතරට හොඳම ළමා නළුවා සඳහා සී ස්වර්ණ සම්මානය ද වේ.
ස්පන්දන් චතුර්වේදි | |
---|---|
උපත | 25 අගෝස්තු 2007 (2007-08-25) (වයස 16) |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2012-වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උදාන්හි චාකොර් චරිතය නිසා |