සර්පයෝ
From Wikipedia, the free encyclopedia
සර්පයින් වසර මිලියන සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති.ශ්‍රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්රවණේන්ද්රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්‍රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්‍රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව විශේෂයකි.
Quick Facts සර්පයෝ, විද්‍යාත්මක වර්ගීකරණය ...
සර්පයෝ | |
---|---|
Common garter snake, Thamnophis sirtalis | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
උපවංශය: | Vertebrata |
වර්ගය: | Reptilia |
ගෝත්‍රය: | Squamata |
උපගෝත්‍රය: | Serpentes Linnaeus, 1758 |
Infraorders | |
| |
World range of snakes (rough range of sea snakes in blue) |
Close
- සම්භවය : මීසොසොයික යුගය ක්‍රිටේසීය අවධිය
- රාජධානිය (kingdom) : Animalia
- වංශය (phylum): Chordata
- වර්ගය (class): Reptilia
- ගෝත්‍රය (order): Serpentes