සමුද්‍රගුප්ත
From Wikipedia, the free encyclopedia
සමුද්‍රගුප්ත (රාජ්‍ය. ක්‍රි.ව. 335 පමණ - 380) යනුවෙන් හැඳින්වෙන්නේ ගුප්ත අධිරාජ්‍යයේ සිව්වන පාලකයායි. Iවන චන්ද්‍රගුප්ත රජුගේ පුත්‍රයා වූ ඔහුගේ රාජ්‍ය සමයේ අධිරාජ්‍යය ව්‍යාප්ත වූ අතර, යාබද රාජ්‍ය ආක්‍රමණය කොට අනතුරුව නැගෙනහිර සහ දකුණු දිග රාජධානි පරාජය කරන ලදී. සමුද්‍රගුප්ත රජුගේ යුධ ජයග්‍රහණ බොහෝමයක් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ අශෝක රජුගේ අලහබාද් ස්තම්භයේ ඇති ගුප්ත අධිරාජයාගේ ගුණ සහ වීරකම් පිළිබඳ සටහන් කොට ඇති ප්රශස්තියෙනි. මෙම ශිලාලේඛනය අනුව, ඉන්දියානු අර්ධද්වීපයේ විශාල ප්‍රදේශයක සිය අණසක ඍජුව මෙන්ම වක්‍රව පැතිරවීමට සමුද්‍රගුප්ත රජු සමත් විය. එහිදී උතුරින් නේපාලයේ සහ පන්ජාබයේ රාජධානි මෙන්ම අග්නිදිගින් කාංචිපුරම්හි පල්ලව රාජධානිය දක්වා ද ඔහුගේ අධිරාජ්‍යය ව්‍යාප්තව පැවති බව සඳහන් ය.[1]
සමුද්‍රගුප්ත | |
---|---|
මහාරාජාධිරාජ[1] | |
4වන ගුප්ත අධිරාජයා | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 335 – 380 පමණ |
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රගුප්ත I |
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රගුප්ත II හෝ රාමගුප්ත |
වල්ලභයා | දත්තදේවි |
දරුවන් | චන්ද්‍රගුප්ත II, රාමගුප්ත |
වංශය | ගුප්ත රාජවංශය |
පියා | චන්ද්‍රගුප්ත I |
මව | කුමාරදේවි |
සමුද්‍රගුප්ත යනු Iවන චන්ද්‍රගුප්ත රජුගේ සහ ලිච්ඡවි කුමරියක වූ කුමාරදේවිගේ පුත්‍රයායි. සමුද්‍රගුප්තට වැඩිමහල් සොයුරන් කිහිප දෙනකු සිටියත් ඔහුගේ පියා විසින් ඔහුව සිහසුනට උරුමකරු ලෙස නම්කරන්නට ඇතැයි සැලකේ. එම නිසා ඇතැමුන් විශ්වාස කරන්නේ Iවන චන්ද්‍රගුප්තගේ මරණින් පසු මාලිගයේ බල අරගලයක් පවතින්නට ඇති බවත් ඉන් ජයගන්නට ඇත්තේ සමුද්‍රගුප්ත බවත් ය. සමුද්‍රගුප්ත රජකමට පත්වූයේ සිය ප්‍රතිවාදියා වූ කාච නැමැති රාජවංශයේ අප්‍රකට කුමරකු පැරදවීමෙන් බව පැවසේ.[1]
සමුද්රගුප්තව ඔහුගේ කාසිවල "සටන්වලදී ඇති වූ තුවාල සියගණනක කැළැල් සහිත" ශක්තිමත් රණකාමියකු ලෙස මෙන්ම කවියකු හා සංගීතඥයකු ලෙස ද නිරූපණය කොට ඇත. ඔහුගේ යුගය ඉන්දියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගයන්ගෙන්[2] එකක් ලෙස සැලකෙයි. මෙකල ගුප්ත අනුග්‍රහය ලද කලාවන් සහ ගෘහ නිර්මාණ උච්චත්වයට පත් විය. ඔහුගේ පුත් IIවන චන්ද්‍රගුප්ත සමුද්‍රගුප්තගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකුණත්, සියවස් දෙකකට පමණ පසු ලියැවුණු දේවි-චන්ද්‍ර-ගුප්ත නැමැති නාට්‍යය අනුව පළමුව රාමගුප්ත සිහසුනට පත් වූ බවත්, අනතුරුව ඔහුගේ සොහොයුරු IIවන චන්ද්‍රගුප්ත විසින් ඔහුව සිහසුනෙන් නෙරපා රජ වූ බවත් පැවසේ.[1]