සන්නාහ යුද්ධ රථ
From Wikipedia, the free encyclopedia
සන්නාහ යුධ වාහනයක් (AFV) යනු සන්නාහයකින් ආරක්ෂා වී ඇති අවි ආයුධවලින් යුක්ත යුධ වාහනයකි. බොහෝමයක් AFV රළු භූ විෂමතාවල ධාවනයට සුදුසු පරිදි සකසා ඇත.
සන්නාහ යුධ රථ සටන් බිමේ දී ඒවායේ යෙදී ඇති කාර්ය භාරය අනුව වර්ගීකරණය කෙරේ. මෙම වර්ගීකරණය යම් කිසි නියත ආකාරයක් නොවේ. විවිධ කාලවලදී විවිධ රටවල් එකම වාහනය විවිධ කාර්යයන් සඳහා යොදවනු ලැබේ. උදාහරණ ලෙස සන්නාහ පුද්ගල රැගෙන යන රථ පසුව පාබල යුධ රථ මඟින් ප්රතිස්ථාපනය විය. දෙකෙහිම කාර්ය භාරය එක වුවත් පසුව සඳහන් කරන ලද රථයේ මුල් රථයට වඩා හැකියාවන් අඩංගු වේ.
සාර්ථක පොදු කාර්යය සන්නාහ යුධ වාහන, විශේෂිත වාහනවල මුළු පවුලේම අඩිතාලම සේ ක්රියා කරයි. උදාහරණ ලෙස M 113 හා MT – LB වාහන හා Mowag Piranha AFV දැක්විය හැක.