ෂෑං රාජවංශය
From Wikipedia, the free encyclopedia
ෂෑං රාජවංශය (චීන: 商朝; පින්යින්: Shāng cháo) හෙවත් යින් රාජවංශය (殷代; Yīn dài), ක්‍රි.පු. 1600 සිට ක්‍රි.පු. 1100 වනතෙක් චීනයේ කහ ගං ඉවුරේ පැවති ලොව දෙවන චීන රාජවශය ලෙස හැදින්වේ. ෂැංග් රාජවශයේ සිටි චීන චරිත පිළිබද තොරතුරු සහ චීනයේ එම කාලවකවානුවේ දී භාවිතා කළ සෙක්සැනොරි වක්‍රය (Sexagenarian Circle) දිව්‍යමය නැටි (Heavenly Stems) සහ මානුෂික අතු (earthly branclees) පිළිබදව හැං රාජවංශය (Han Dynasty) ශිප් (Shijil)ග්‍රන්ථයේ දක්වා ඇත.
ෂෑං 商 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 1600 ප.–ක්‍රි.පූ. 1046 ප. | |||||||||
කහ ගංගා නිම්නයෙන් ෂෑං රාජවංශ යුගයට දිවෙන උසස් ස්තරීභූත සමාජයන්හි නටබුන් හමුවී ඇත. | |||||||||
තත්ත්වය | රාජධානිය | ||||||||
අගනුවර | යින් (නූතන ඇන්යැං) | ||||||||
පොදු භාෂාවන් | පැරණි චීන | ||||||||
ආගම | චීන ජන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
ඓතිහාසික යුගය | ලෝක යුගය | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 1600 ප. | ||||||||
• චෞ අභිභවනය | ක්‍රි.පූ. 1046 ප. | ||||||||
වර්ග ප්‍රමාණය | |||||||||
ඇස්ත. ක්‍රි.පූ. 1122[1] | 1,250,000 km2 (480,000 sq mi) | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය |
මෙම සෙක්සැජෙනාරි වක්‍රය, දිව්‍යමය නැටි සහ මානුසික අතු භාවිතා කිරිමෙන් චීනයේ එම කාලවකවානුවට අදාල දේශපාලනය, ආර්ථිකයථ සංස්කෘතිය , ආගම, භූගෝලීයද්යාව, තාරකා විද්‍යාව දින සටහන්, චිත්‍ර කලාව සහ ෙඖෂධ පිලිබද නිමිති ප්‍රකාශ කර ඇත. වර්තමානයේ අනියැංග් (Anyang) ලෙස හදුවන නගර අතීතයේ දී ෂැංග් ජනාවාසයේ ප්‍රධාන නගරයක් වන සිං ලෙස හදුනාගෙන තිබේ. මෙම ප්‍රදේශයේ සිදු කළ කැණිම් වලින් සිං රාජධානියේ රජවරුනේගේ යැයි සැළකිය හැකි සොහොන් 11 ක් රජමාලිගයක අඩිතාලමක් සහ විවිධ පුද පුජා සදහා භාවිතා කරන ලද යැයි සැළකිය හැකි පුජ භුමියක් ද සොයා ගන්නා ලදී. මෙම පුජා භුමියේ තිබි බිලි දිම සදහා යොදාගත් මනුෂ්‍ය සහ සත්ත්ව අස්ථි සොයාගෙන තිබේ. කැණිම් කටයුතු වලින් සොයාගත් ලෝකඩ, පාෂාණ, ජේඩ් සහ අස්ථි මෙවලම් වල ඇති ශිල්පිය නිවාස අනුව ඉතා උසස් ශිෂ්ඨාචාරයක් මෙම යුගයේ පැවති බව නිගමනය කළ හැකිය.