ශ්‍රී ලංකා බටගොයා (Treron pompadora) යනුවෙන් හැඳින්වෙන්නේ Treron ගණයට අයත් පරෙවි විශේෂයකි. ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් පොම්පදෝරු බටගොයා සහ පිටරතු බටගොයා යන නම්වලින් ද හඳුන්වයි.[2] මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හමු වේ. බොහෝ අධිකාරීන් විසින් මෙම විශේෂය පොම්පදෝරු බටගොයා සංකීර්ණයෙන් බෙදා වෙන්කර ඇත.
ශ්‍රී ලංකා බටගොයා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Columbiformes |
කුලය: | Columbidae |
ගණය: | 'Treron' |
විශේෂය: | ''T. pompadora'' |
ද්වීපද නාමය | |
Treron pompadora (ග්මෙලින්, 1789) | |
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා බටගොයා හැසිරෙන්නේ තනි වශයෙන් හෝ කුඩා කන්ඩායමක් වශයෙනි. පියාසැරිය සාමාන්‍යයෙන් පියාසැරිය වේගවත් සහ ඍජු ය. පියාසැරියේ දී වේගවත් අත්තටු සැලීමේ දී ක්රමානුකූල රිද්මයෙන් යුතුව අත්පොලසන් හඬක් වැනි ශබ්දයක් නැගේ. මෙය සාමාන්‍යයෙන් පරෙවීන්ට ලාක්ෂණික ලක්ෂණයකි. මෙම පක්ෂියා ශාක ගණනාවක ඇට වර්ග සහ ඵල මත යැපේ. ගසක් මත කෝටු කැබලි ආධාරයෙන් තනන කැදැල්ලේ සුදු පැහැ බිත්තර දෙකක් දමයි.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.