![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/PrionochilusKeulemans.jpg/640px-PrionochilusKeulemans.jpg&w=640&q=50)
ශ්‍රී ලංකා පිළලිච්චා
කුඩා රිටිලගු පක්ෂියෙකි / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා පිළලිච්චා (Dicaeum vincens) යනුවෙන් හඳුන්වන්නේ කුඩා රිටිලගු පක්ෂියෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ ආවේණික නේවාසික සුවැදියෙකි. මෙම පක්ෂියා නම්කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු පක්ෂි විද්‍යාඥයකු වන විලියම් වින්සන්ට් ලෙග්ගේ නාමය ඇසුරෙනි.[2]
Quick Facts ශ්‍රී ලංකා පිළලිච්චා, සංරක්ෂණ තත්ත්වය ...
ශ්‍රී ලංකා පිළලිච්චා | |
---|---|
![]() | |
D. vincens විශේෂයේ පිරිමි සහ ගැහැනු පක්ෂීන් පහළින් දැක්වෙන Dicaeum melanoxanthum විශේෂය සමග සැසඳීමක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Dicaeidae |
ගණය: | ' Dicaeum ' |
විශේෂය: | D. vincens |
ද්වීපද නාමය | |
Dicaeum vincens (ස්ක්ලේටර්, 1872) | |
Close
ශ්‍රී ලංකා පිළලිච්චා වනාන්තර සහ උද්‍යාන ඇතුළු වෙනත් වනවැස්ම සහිත වාසස්ථානවල දක්නට ලැබෙන පක්ෂියෙකි. ගසක එල්ලා වැටෙන පරිදි තැනූ පසුම්බියක හැඩැති කැදැල්ල තුළ බිත්තර දෙකක් දමයි.