![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/langsi-640px-Flag_of_Sri_Lanka.svg.png&w=640&q=50)
ශ්රී ලංකා ජාතික කොඩිය
National Flag of Sri Lanka / From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැදින්වෙන අතර එහි රත්රං පැහැති සිංහයෙක් කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ,මෙරූන් පැහැති පසුබිමක් තුළ බෝ කොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි. පසුබිම අසලම වන්නට කහ තීරුවක් ද ඇත. එසේම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි. සිංහයාගෙන් පෙන්නුම් කරනු ලබන්නේ ශ්රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර බෝ කොළ සතරෙන් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සතර බ්රහ්ම විහරණ පෙන්නුම් කරයි. තැඹිලි පැහැති තීරුවෙන් හා කොළ පැහැති තීරුවෙන් ශ්රී ලාංකිය මුස්ලිම්, දෙමළ ජනයා සහ මැලේ, බර්ගර් වැනි සුලු ජාතීන්. නියෝජනය වේ. තද රතු( ලේ වල වර්ණය) පැහැති පසුබිම තුලින් බහුතර මහජනයා වු සිංහල ජනයා ද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුල මෙවැනිම වු සිංහයකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/640px-Flag_of_Sri_Lanka.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Flag_of_Ceylon_%281951%E2%80%931972%29.svg/640px-Flag_of_Ceylon_%281951%E2%80%931972%29.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b1/Flag_of_the_King_of_Kandy_in_1815.svg/640px-Flag_of_the_King_of_Kandy_in_1815.svg.png)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b1/Flag_of_the_King_of_Kandy_in_1815.svg/1px-Flag_of_the_King_of_Kandy_in_1815.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/db/Flag_of_Ceylon_%281875%E2%80%931948%29.svg/640px-Flag_of_Ceylon_%281875%E2%80%931948%29.svg.png)
ශ්රී ලංකාවේ ප්රථම අග්රාමාත්යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවක නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කරවීය. 1978 වර්ෂයේ දී වර්තමාන ජාතික කොඩිය එළිදක්වන ලදී