![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/ZootheraSpilopteraLegge.jpg/640px-ZootheraSpilopteraLegge.jpg&w=640&q=50)
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.
Quick Facts ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා, සංරක්ෂණ තත්ත්වය ...
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා | |
---|---|
![]() | |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා (දකුණේ) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Turdidae |
ගණය: | 'Zoothera' |
විශේෂය: | Z. imbricata |
ද්වීපද නාමය | |
Zoothera imbricata ඊ. එල්. ලෙයාර්ඩ්, 1854 | |
පර්යාය නාම(ය) | |
Zoothera dauma imbricata |
Close
Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය.[2] මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.