ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්ස්‍ය, කකුළු, මොලුස්කා, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්රජාවකට නිවහන සපයයි.
ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.