From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය යනු අඛණ්ඩව පවතින විශාල ප්රශ්නයකි. ශ්‍රී ලංකාව යනු, ආයුෂ අපේක්ෂාව, සාක්ෂරතා අනුපාතය සහ අනෙකුත් සමාජ දර්ශකයන් සැලකූ විට සංවර්ධිත රටවල් හා බෙහෙවින් සම වන ප්‍රමාණයක පවතින හා, දකුණු ආසියානු ප්‍රදේශය සඳහා උසස්ම අනුස්ථිති දක්වන විශේෂිත රටකි.[1] මෙම පෙන්නුම් කිරීම් සියල්ල සැලකූ විට, ශ්‍රී ලංකාව තුල ඉහළ ජීවන තත්ත්වයක් පැවතිය යුතු වුවද, මෑතක් වන තුරුම මානව සංවරධන දර්ශකයෙහි (HDI) මධ්‍යම ප්‍රවර්ගයෙහි එය අනුස්ථිතිය ලදි.[1] මෙම තත්ත්වය පවතින්නේ, 2006 සිට 2009 වසර දක්වා, දදේනි 5.5% වාර්ෂික සාමාන්‍යයකින් වර්ධනය වෙමින් මධ්‍යන වර්ධනයක් ශ්‍රී ලංකාව විසින් අත්විඳිමින් සිටියදීය.[2] මෙයට එක් හේතුවක් වන්නේ එහි සාපේක්ෂ වශයෙන් පහත මට්ටමක පවතින ඒක පුද්ගල දදේනි වෙයි; ලොව පහළම තුනෙන් එකක් තුල එය වර්තමානයේ අනුස්ථිතිය ලබා ඇත.[2] දරිද්‍රතාවය, විශේෂිත වශයෙන්, ග්‍රාමීය දරිද්‍රතාවය මෙයට හේතු වශයෙන් දැක්විය හැකිය. 2006 දි පැවැති 15.2% අගයයෙහි සිට 2010 දී 8.9% අගයයක් දක්වා දරිද්‍රතාවය අඩු කිරීමටද, නාගරික දරිද්‍රතාවය 6.7 සිට 5.3% දක්වා අඩු කරන අතර, ග්‍රාමීය දරිද්‍රතාවය 15.7 සිට 9.5% දක්වා අඩු කිරීමටද ශ්‍රී ලංකාවේ රජය සමත් ව ඇති අතර, අත්‍යන්ත දරිද්‍රතා කුසගින්න මුලිනුපුටා දැමීමේ වර්ෂ සහස්රක සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම වෙත සැලකිය යුතු ප්‍රගතියක් මෙම දේශය විසින් සාක්ෂාත් කර ගෙන ඇත.[3]
2010 වන විට, ජනගහණයෙන් 8.9% ක් දරිද්‍රතා සීමාවට පහළින් ජීවත් වෙති.[4] මෙයින් දක්වනුයේ අති දරුණු දරිද්‍රතාවය තවදුරටත් ප්‍රශ්නයක් නොවන නමුදු, තවදුරටත් පැතිර පවතින දරිද්‍රතාවය, ශ්‍රී ලංකාව තුල අභියෝගාත්මක ප්‍රශ්නයක් ලෙසින් තවමත් පවතින බවයි. වඩාත් අසහනකාරී වන්නේ, දුප්පතුන්ගෙන් 90% ජීවත් වන්නේ ගම්බද ප්‍රදේශ වල වීමත්, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 80% කට වඩා තවමත් ජීවත් වන්නේ ගම්බද වීමත්ය. එහෙත්, 2013 වසරෙහිදී, අනෙකුත් කිසිම ආසියානු රටකට වඩා එහි ආර්ථිකය වර්ධනයකට ලක්වී තිබුණි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.