ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ කතෝලික සභාව රෝමයේ පාප්තුමාගේ අධ්‍යාත්මික නායකත්වය යටතේ ලෝක ව්‍යාප්ත කතෝලික සභාවේ කොටසකි. ශ්‍රී ලංකාව තුළ එක් අගරදගුරු පදවියක් ඇතුළුව රදගුරු පදවි 12ක් සමන්විත වේ. එහි මුළු ජනගහනයෙන් 6.1% ක් පමණ කතෝලිකයන් නියෝජනය කරන (2012 සංගණනයට අනුව) අතර එය මිලියන 1.2 ක් පමණ පිරිසක් වේ. [1]
1995 දී, කොළඹ පැවති උත්සවයකදී, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ, ශ්‍රී ලංකාවේ අපොස්තුළු තුමා ලෙස හඳුන්වනු ලබන, මෙරටට පැමිණි මුල් ගෝවාහී මිෂනාරිවරයෙකු වූ ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලදී. 2014 සැප්තැම්බර් 17 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුව සාන්තුවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඡන්දය ප්‍රකාශ කළහ. [2] ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 ජනවාරි 14 වන දින කොළඹ ගාලුමුවදොර පිටියේදී ජුසේ වාස් පියතුමා ශාන්තුවරයට පත් කළහ.