වෝල්ට් මීටරය
From Wikipedia, the free encyclopedia
වෝල්ට් මීටරය යනු අන්ත දෙකක් අතර විභව අන්තරය මැනීම සදහා භාවිතා කරන උපකරණයකි. ඇනලොග් වෝල්ට් මීටරය පරිපථයේ විභව වෙනසට සමානුපාත පරිමාණයක් පෙන්වමින් චලනය වන අතර ඩිජිටල් වෝල්ට් මිටරය, ඇනලොග් ඩිජිටල් පරිවර්තකයක ආධාරයෙන් සංඛ්‍යාත්මක දර්ශකයක් ලබා දේ.
වෝල්ට් මීටර පරිපථ තුලදී රවුමක් ඇතුලත වූ V අකුරකින් සංකේතවත් කරනු ලැබේ.
වෝල්ට් මීටර විවිධාකර රාශියකින් නිෂ්පාදනය කරයි. ප්‍රධාන වශයෙන් විදුලි හා ඉලෙක්ට්‍රෝනික් කටයුතු සදහා බාවිතා වන වෝල්ට් මිටර වර්ග දෙකකි. පැනලයක් මත සවි කරන ලද වෝල්ට් මිටර් මාදිලිය ජෙනේරේටර් හා වෙනත් උපකරණ අධික්ෂණය සදහා බාවිතා කරයි. එමෙන්ම ජංගම වෝල්ට් මිටර් මාදිලිය විභව අන්තරය මෙන්ම ධාරාව හා ප්‍රතිරෝධය මැනීම සදහා වූ මල්ටිමීටරයක් ලෙසින් දැකගත හැකිය. විභව අන්තරයක් බවට පරිවර්තනය කල හැකි ඕනෑම මිනුම් ඒකකයක් (පීඩනය,උෂ්ණත්වය) සුදුසු පරිදි ක්‍රමාංකනය කිරීමෙන් පසු වෝල්ට් මීටර දර්ශකයක් තුල දැක්විය හැකිය.
සාමාන්‍ය භාවිතයේ පවතින ඇනලොග් වෝල්ට් මීටරයක නිරවද්‍යතාව ප්‍රතිශතයක් ලෙස කුඩා අගයක් විය හැකිය. මේවා දශම අගයන්ගේ පවතින වොල්ටියතාවන්ගේ සිට දහස් සංඛ්‍යාත වෝල්ටීයතාවන් මැනීම සදහා භාවිතා කරයි. ඩිජිටල් වෝල්ට් මීටර් 1% වඩා ඉහළ නිරවද්‍යතාවකින් මිනුම් ඉදිරිපත් කිරීම සදහා භාවිත කල හැකි අතර විශේෂයෙන් ක්‍රමාංකනය කල උපකරණ ඉතා ඉහල නිරවද්‍යතාවක් පෙන්වයි. මෙසේ විශේෂයෙන් ක්‍රමාංකනය කල උපකරණ මගින් මිලියනයට කොටස් කිහිපයක නිරවද්‍යතාවකින් යුතුව මිනුම් ලබා ගත හැකි වේ. කාරකත්මක වර්ධක (amplifiers) යොදා ගනිමින් නිපදවා ඇති වෝල්ට් මිටර ඉතා කුඩා විභව, මයික්රෝවෝල්ට් පරාසයේ හෝ ඊට පහල විභව මැනීමට භාවිතා කල හැක.
නිරවද්‍ය වෝල්ට් මීටර සෑදීමට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ එය නිවැරදිව ක්‍රමාංකනය කිරීමයි. විද්‍යාගාර තුලදී සියුම් කටයුතු සදහා “වෙස්ටන් කෝෂ(Weston cell)” සම්මත වෝල්ටීයතාව ලෙස භාවිතා වේ. නිවැරදි වෝල්ටීයතාවන් ඉලෙක්ට්‍රෝණික පරිපථ පදනම් කරගෙන ලබා ගත හැකි වේ.