From Wikipedia, the free encyclopedia
වේල්සයෙහි චාලට් කුමරිය (චාලට් එලිසබෙත් ඩයනා;[1] උපත 2 මැයි 2015) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරු සහ, කැතරින්, වේල්සයෙහි කුමරියගේ දියණිය සහ, තෙවන චාල්ස් රජ සහ, ඩයනා, වේල්සයෙහි කුමරියගේ මිණිපිරියක් වෙයි. ඇයගේ පියාට සහ සොහොයුරාට පසුව, ඇයගේ සීයා, තෙවන චාල්ස් රජගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන තෙවැන්නා ඇය වන්නීය.
වේල්සයෙහි චාලට් කුමරිය | |||||
---|---|---|---|---|---|
උපත | 2 මැයි 2015 9 ක්) ශාන්ත මරියා රෝහල, ලන්ඩනය, එරා | (වයස year||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු | ||||
මව | කැතරින්, වේල්සයෙහි කුමරිය |
විලියම් කුමරු සහ කැතරින් මහත්මිය විසින් ඔවුන්ගේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, 2014 සැප්තැම්බර් 8 දිනදී ක්ලැරන්ස් හවුස් වෙතින් ප්‍රකාශයට පත් කෙරිණි. චාල්ස්, වේල්සයෙහි කුමරු සහ, ඩයනා, වේල්සයෙහි කුමරියගේ දෙවන මුණුපුරා/මිණිපිරිය සහ, දෙවන එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයාගේ පස්වන මී-මුණුපුරා/මිණිපිරිය වීමට මෙම දරුවා නියමිතව තිබුණි. පුවත්පත් නිවේදනයක් [2] සහ සමාජ මාධ්‍ය,[3] තුලින්, ක්ලැරන්ස් හවුස් වෙතින් සිදු කෙරුණු නිවේදනය සඳහා ජාත්‍යන්තර මාධ්‍ය ආවරණයද,[4][5] බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් වෙතින් සුබපැතුම් මෙන්ම,[6] මේ පිළිබඳ ඇතිවූ අවධාන මට්ටම සාධාරණ නොවන බවට විවේචනද ලඟා කර දුනි.[7]
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි චීන අධ්‍යයන කේන්ද්රයක්වූ, ඩික්සන් පූන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල චීන කේන්ද්‍ර ගොඩනැගිල්ල, සැප්තැම්බර් 8 දිනදී නිල වශයෙන් විවෘත කිරීමට, ආදිපාදවරයා සහ ආදිපාදවරිය නියමිතව තිබුණද, [8] උග්‍ර උදා ආබාධය (ගර්භණී අතිජර්දිය) හේතුවෙන් කෙන්සිංටන් මාලිගයේදී ආදිපාදවරියට ප්‍රතිකාර ලබා දෙමින් සිටි බැවින්,[9] විවෘත කිරීමේ උත්සවයට ආදිපාදවරයා සමග සහභාගී වීමට ඇයට නොහැකි විය. [9] ගර්භණී තත්තවය පිළිබඳ නිවේදනය එදිනම උදයෙහි සිදු කරන ලද්දේ ඇයගේ නොපැමිණීම පැහැදිලි කිරීමටය.[10]
2014 ඔක්තොම්බරයෙහිදී, කෙන්සිංටන් මාලිගය නිවේදනය කලේ, 2015 අප්‍රේල් මස වන විට දරුවා බලාපොරොත්තු වන බවයි. [11][12] දරුවා ප්‍රසූත කිරීමට ආදිපාදවරියට නියමිත දිනය අප්‍රේල් 23 බව වාර්තා වුවද, උපත සිදු වන දිනය දක්වා රාජකීය ලෝලීන් රෝහල පිටත කඳවුරු ලා ගෙන සිටි අතර, සමහරෙකුට පස්තෑල ලැබුනේ සමහරවිට ඔවුන්ගේ දිගු පොරොත්තුවට ත්‍යාගයක් වශයෙන් විය හැක. [13] අපේක්ෂණ කාලසීමාව හැඳින්වුනේ "මහා කේට් පොරොත්තුව" ලෙසින් වන අතර, කෙන්සිංටන් මාලිගයේ ට්විටර් පෝෂකය නිරික්ෂණය කලේ, එක් සතියක් තුල අනුගාමිකයන් 50,000 එක් වී, සම්පූර්ණ සංඛ්‍යාව අඩුම වශයෙන් 217,000 වී ඇති බවය. [14]
2015 මැයි 2 දිනදී, කෙන්සිංටන් මාලිගය සනාථ කලේ, ප්රසය වේදනාවන්හී මුල් අවදියෙහි ආදිපාදවරිය පසු වන බවයි. [15] ඇයගේ සැමියා සමග, කෙන්සිංටන් මාලිගයේ සිට ශාන්ත මරියා රෝහල, ලන්ඩනය වෙත ගමන් කල ඇය, 06:00 බ්රිසවේ (05:00 ග්රිසවේ) වේලාවට ඇතුලත් කර ගන්නා ලද අතර,[16] 08:34 බ්රිසවේ වේලාවට, 8 රාත්තල් 3 අවුන්ස (3.71 කිග්රෑ) බරැති දියණියකට උපත ලබා දුන්නාය. [17] කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා උපත සිදු වන වේලාවෙහි එහි රැඳී සිටියේය. ඇයගේ ප්‍රසූතයට වෛද්‍ය උපකාර සැපයූයේ, දෙවන එලිසබෙත් රැජින සඳහා ශල්‍ය වෛද්‍ය-නාරිවේදී වන ඇලන් ෆාර්තිං එෆ්ආර්සීඕජී (ප්‍රසව වෛද්‍යවරුන් සහ නාරිවේදීන් සඳහා රාජකීය සංගමයේ අධි සාමාජික) සහ, රාජකීය කුටුම්බය සඳහා ශල්‍ය වෛද්‍ය-නාරිවේදි හා අධි-ආපදා ගර්භණී තත්ත්වයන් පිළිබඳ විශේෂඥයෙක් වන ගයි තෝර්ප්-බීස්ටන් යන වෛද්‍යවරුන් විසිනි; මේ දෙදෙනාම 2013 වසරෙහි ජෝර්ජ් කුමරුගේ උපතෙහිදී වෛද්‍ය උපකාර සැපයූහ. විශ්‍රාම යෑම නිසා මෙම උපතෙහි නොසිටි ශ්‍රීමත් මාකස් සර්චෙල් වෙනුවට වෛද්‍ය ෆාර්තිං සහභාගි විය. [18] ඇයගේ උපත සමග ලද උරුමය පරිදී, පියාට සහ වැඩිමහළු සොහොයුරු වේල්සයෙහි ජෝර්ජ් කුමරුට පසුව, රැජිනගේ තනතුරට උරුමකම් කියන තෙවැන්නා ඇය වන අතර,[2][19] ඇයගේ නාමාභිධානය, ජෝර්ජ් කුමරුගේ ආකාරයට, රාජකීය උත්තමාවිය වේල්සයෙහි (මුල්නම) කුමරිය වනුවෙන් වනු ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.