From Wikipedia, the free encyclopedia
වෙබ් බ්‍රවුසරයක් යනු විශ්ව විසිරි වියමනේ ඇති වෙබ් පිටු වැනි සම්පත් ලබාගැනීමට, දර්ශනය කිරීමට සහ සොයා යෑමට සමත් මෘදුකාංගයකි. මෙම සම්පත් කරා ළඟා වීමට ඒකීය සම්පත් අනන්‍යකාරකය (URL) නමැති ලිපිනයන් භාවිතා වෙයි. මේවායේ ඇති සබැඳි අදාළ සම්පත් වෙත ගමන් කිරීම පහසු කරයි.
ලොව ප්‍රධානතම වෙබ් බ්‍රවුසර අතර ගූගල් ක්‍රෝම්, යැන්ඩේක්ස්,මොසිල්ලා ෆයර්ෆොක්ස්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ඔපෙරා සහ සෆාරි මුල් තැන ගනියි.[1]
ටිම් බර්නර්ස් ලී විසින් 1990 දී මුල්ම වෙබ් බ්‍රවුසරය නිර්මාණය කරන ලදී. මෙය WorldWideWeb නම් වුණු අතර පසුව Nexus ලෙසට වෙනස් කෙරිණ.[2]
වෙබ් බ්‍රවුසර ඉතිහාසයේ මීළඟ ප්‍රධාන සංධිස්ථානය වන්නේ 1993 දී මාක් ඇන්ඩර්සන් විසින් මොසේක් වෙබ් බ්‍රවුසරය නිර්මාණය කිරීමයි. පසුව නෙට්ස්කේප් ලෙස නම් කෙරුණු මෙය "ලොව ප්‍රථම ජනප්‍රිය වෙබ් බ්‍රවුසරය"[3] ලෙසින් හැඳින්වෙයි.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් 1995 දී මොසේක් ආභාෂය සහිත ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසරය හඳුන්වා දෙන ලදී. ඉක්මනින්ම එය ලොව වඩාත්ම භාවිතාවෙන වෙබ් බ්‍රවුසරය බවට පත් වූයේ 2002 දී 95%ක උපරිම පරිශීලකයන් ප්‍රමාණයක් වාර්තා කරමිණි.[4]
ඔපෙරා වෙබ් බ්‍රවුසරය 1996 දී නිකුත් වුණු නමුත් එහි භාවිතය තවමත් අඩු මට්ටමක පවතියි. ජංගම දුරකථන සඳහා එය නිකුත් කළ ඔපෙරා මිනි බ්‍රවුසරය ඉතා ඉහළ පරිශීලනයක් සහිත ජංගම බ්රවුසරයකි.
1998 දී නෙට්ස්කේප් සමාගම මොසිල්ලා පදනම ආරම්භ කළේ තරගකාරී විවෘත කේත වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි. එය විසින් ලොව ඉතා ජනප්‍රිය බ්‍රවුසරයක් වන මොසිල්ලා ෆයර්ෆොක්ස් 2004 දී නිපදවන ලදී.
ඇපල් සමාගම සිය සෆාරි වෙබ් බ්‍රවුසරයේ පළමු බීටා වෙළුම 2003 ජනවාරියේ දී නිකුත් කළේය. ඇපල් මෙහෙයුම් පද්ධති මත දුවන උපකරණ වැඩි ප්‍රමාණයක සෆාරි භාවිතා වෙයි.
මෑත දී බ්‍රවුසර වෙළෙඳපොළට පැමිණි ප්‍රධාන තරගකරු වන ගූගල් ක්‍රෝම් 2008 දී ගූගල් සමාගම විසින් නිකුත් කෙරිණි. වර්තමානය වන විට ලොව වැඩියෙන්ම භාවිතාවන වෙබ් බ්‍රවුසරය ලෙස සැළකුනත් සියලුම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සංස්කරන එකට ගත් කල තවමත් ක්‍රෝම් දෙවැනි තැන ගනියි.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.