විලාසිතා සංදර්ශණ
From Wikipedia, the free encyclopedia
විලාසිතා සංදර්ශණයක් යනු විලාසිතා නිර්මාණකරුවෙකු මඟින් ඔහුගේ හෝ ඇයගේ නව ඇඳුම් විලාසිතාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා පවත්වනු ලබන උත්සවයකි. සාමාන්‍ය විලාසිතා සංදර්ශනයක දී නිරූපිකාවන් නිර්මාණකරුවන් මඟින් නිර්මාණය කරන ලද ඇඳුම් පැළඳ කැට්වොක් එක මත ඇවිදීම සිදු කරයි. ඉතා කලාතුරකින් විලාසිතා සංදර්ශණ වෙනස් ආකාර ද ගනී. එහිදී නිරූපිකාවන් තනන ලද පරිසරයක නිශ්චලව සිටගෙන හෝ වාඩි වී සිටී.