From Wikipedia, the free encyclopedia
වගා කළ මාංශ යනු, සතුන් ඝාතනය කරනවා වෙනුවට, ජීවී හෝ ස්වාභාවික පසුබිමක් තුළ නොවන පාලනයේ පවතින පර්යේෂණාත්මක පරිසරයක සත්ව සෛල වගා කරනු ලැබීමයි (vitro cell culture). මෙය සෛලීය කෘෂිකර්මාන්තයේ ආකාරයකි.[1]
සාම්ප්‍රදායිකව පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන පටක ඉංජිනේරු ශිල්පීය ක්රමම මෙහිදී භාවිතා කරනු ලැබේ[2]. වගාකළ මාංශ පිළිබඳ සංකල්පය 2000 දශකයේ මුල් භාගයේදී ජේසන් මැතනි (Jason Matheny) විසින් ජනප්‍රිය කරන ලදි[3]. වගා කළ මාංශ පිළිබඳව පත්‍රිකාවක් සම-රචනා කිරීමෙන් පසුව ඔහු මෙම විෂයෙහි පර්යේෂණ සඳහාම කැපවූ මේ සම්බන්ධයෙන් ලොව පළමු ලාභ නොලබන සංවිධානය වන "New Harvest" නිර්මාණය කළේය[4].
2013දී මාස්ට්‍රික්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මාක් පෝස්ට් (Mark Post), සෛල වගාවෙන් නිර්මාණය කළ පළමු බර්ගර් පෙත්ත නිර්මාණය කරමින් මෙම සංකල්පය සනාථ කළ ප්‍රථමයා බවට පත්විය. එදා පටන්, සෛල වගාවෙන් නිර්මාණය කළ මාංශ මූලාකෘති කිහිපයක්ම මාධ්‍ය අවධානය දිනාගෙන ඇත. කෙසේ නමුත්, සීමිතව කැපවූ පර්යේෂණ ක්‍රියාකාරකම් නිසා, වගාවන් කිහිපයක්ම වර්තමානයේ සිදුවුවද, මේවා තවමත් වාණිජකරණය වී නොමැත. "Memphis" සහ "Supermeat" ආයතන කියා සිටින්නේ 2020වන විට විද්‍යාගාරවල වැඩුණු මස් වෙළඳපොළට ගෙන ඒමට හැකි බවයි.[5] මෙලෙස වගා කළ මස් වාණිජමය වශයෙන් තවමත් ලබාගත නොහැකි බැවින් පාරිභෝගිකයන් මෙම නිෂ්පාදන පිළිගනීද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැත.[6]
මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට තවමත් විශාල ඉඩක් ඇති අතර එය විවිධ සමාගම් යටතේ ඉදිරියට ගොස් ඇත[7]. සාම්ප්‍රදායික මස් හා සැසඳීමේදී මේවායේ භාවිතයේදී සදාචාරාත්මක, සෞඛ්‍ය, පාරිසරික, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් සළකා බැලීමට ලක්විණි.[8]
"Cultured meat" යන්න වෙනුවට, "slaughter-free meat"[9], "in vitro meat", "vat-grown"[10], "lab-grown meat"[11], "cell-based meat"[12], "clean meat"[13], "cultivated meat"[14] සහ "synthetic meat"[15] භාවිතා වේ.
2016 සිට 2019 දක්වා කාලය තුළ "clean meat" යන පදය අවධානය දිනාගත්තේ ඇතැම් වාර්තාකරුවන්, ක්‍රියාකාරීන් සහ මෙයට සහය දක්වන සංවිධාන විසින් මෙම පදය නිරන්තරයෙන් භාවිතයට ගත් නිසයි. "Good Food Institute (GFI)"ය 2016දී මෙම පදය නිර්මාණය කොට[16], 2018දී පර්යේෂණයක් සම්බන්ධයෙන් කියා සිටියේ "clean", "cultured" සහ "in vitro"ට වඩා නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කළ අතර, ගූගල් සෙවුම් වාර ගණනින්ද ඉහළින් සිටි බවයි.[17] එසේ වුවත්, ඇතැම් කර්මාන්ත පාර්ශවකරුවන්ගේ මතය වූයේ මෙම පදය සාම්ප්‍රදායික මස් නිෂ්පාදකයින් අනවශ්‍ය ලෙස කොන් කර ඇති අතර, ඔවුන් මධ්‍යස්ථ විකල්පයක් ලෙස සෛල මත පදනම් වූ මස්වලට වැඩි කැමැත්තක් දක්වන බවයි.[18][19]
2019 සැප්තැම්බර් මාසයේදී GFI විසින් නව පර්යේෂණයක ප්රථිඵලයක් ලෙස නිවේදනය කරන ලද්දේ, වගා කරන ලද මස් යන පදය ප්‍රමාණවත් තරම් තරම් විස්තරාත්මක ගතියකින් හා පැහැදිලිබවකින් යුක්ත වන අතර, ඉහළ මධ්‍යස්ථභාවයක් පෙන්වන මෙය පාරිභෝගික ආකර්ෂණය ඉහළ මට්ටමකින් දිනාගෙන සිටින බවයි.[20][21]
කාර්මික පසුබිමක මස් වැඩීමේ න්‍යායාත්මක හැකියාව දිගු කලක් තිස්සේ මහජන පරිකල්පනය ග්‍රහණය කරගෙන තිබේ. 1931 දී වින්ස්ටන් චර්චිල් යෝජනා කළේ :"මෙම කොටස් සුදුසු මාධ්‍යයක වෙන වෙනම වගා කිරීමෙන්, කුකුළු ළය කොටස හෝ පියාපත් කොටස කා දැමීම වෙනුවෙන් සම්පූර්ණ කුකුළෙකු වඩන විකාරයෙන් අපට මිදිය හැකියි."[22]
1971 පමණ ඈත අතීතයේදී රසෙල් රොස්(Russell Ross) විසින් මාංශ කෙඳි පාලනයේ පවතින පර්යේෂණාත්මක පරිසරයක වගා කරනු ලැබිණි. එහි සාරාංශය වූයේ:
ගිනිපිග් සත්වයාගේ නොමේරූ මහාධමනියෙන් ලබාගත් සිනිඳු මාංශපේශිය සෛල මාධ්‍ය තුළ සති 8ක් වගා කෙරිණි. සෛල වර්ධනයේ සෑම අදියරයකදීම මාංශ පේශිවල සුමට ආකාරය එලෙසම දක්නට ලැබිණි. එම පෙට්රි දීසියේ උපරිමය දක්වා වගාවෙන් අනතුරුව ඒවා එකිනෙකට අතිච්ඡාදනය වන ස්ථර කිහිපයක් වශයෙන් වර්ධනය විය. 4වන සතිය වන විට, සෛල ස්ථර අතර ඇති අවකාශයන් තුළ මයික්රොෆයිබ්රිල් (microfibril) (110 A) දර්ශනය විය. සෛලවලට යාබදව පාදම (membrane) වැනි ද්‍රව්‍ය ද දර්ශනය විය. මයික්රොෆයිබ්රිල් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ඒවාට අඛණ්ඩ ප්‍රත්‍යස්ථ තන්තුවල මයික්රොෆයිබ්රිලර් ප්‍රෝටීන (microfibrillar protein) වලට සමාන ඇමයිනො අම්ල සංයුතියක් ඇති බවයි. මෙම පරීක්ෂණ හා බාහිර සෛලීය ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට හා ස්රාවය කිරීමට මහාධමනියේ මාංශ පේශිවලට ඇති හැකියාව පිළිබඳ විකිරණශීලී නිරීක්ෂණ මඟින් පෙන්නුම් කරන්නේ මෙම සෛලය සම්බන්ධක පටක කෘතීම සෛලයක් බවයි.
1998දී එක්සත් ජනපදයේ ජෝන් එෆ්. වෙයින් (John F. Vein) විසින් මිනිස් පරිභෝජනය සඳහා පටක වලින් තැනූ මස් නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රයක් (US 6,835,390 B1) ලබාගත් අතර, හරක් මස්, කුකුළු මස් සහ මාළු වැනි ආහාර නිර්මාණය කිරීම සඳහා මෙහි මාංශ පේශි සහ මේද සෛල ඒකාබද්ධ ආකාරයකින් වගා කෙරේ.[23]
2001දී ඈම්ස්ටඩෑම් විශ්ව විද්‍යාලයේ චර්ම රෝග විශේෂඥ Wiete Westerhof, වෛද්‍ය Willem van Eelen සහ ව්‍යාපාරික Willem van Kooten ප්‍රකාශ කළේ සෛලවලින් මෙලෙස මස් වගා කිරීමේ ක්‍රියාවලියක් සඳහා ලෝක පේටන්ට් බලපත්‍රයක් ඉල්ලා සිටින බවයි. මෙම ක්‍රියාවලියේදී, කොලැජන් මාධ්‍යයේ මාංශ සෛල වගාකළ පසු, එය පෝෂණ ද්‍රාවණයකින් සෝදා, විභාජනය වීමට පොළඹවනු ලැබේ[24]. ඈම්ස්ටඩෑම්හි විද්‍යාඥයින් වගා කරනු ලබන මාධ්‍යය අධ්‍යයනය කරන අතර, උට්රෙක් විශ්වවිද්‍යාලයේ (University of Utrecht) පර්යේෂකයින් සෛල ප්‍රගුණනය අධ්‍යයනය කරනු ලබන අතර, ඓන්හොවන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ජෛව ප්‍රතික්‍රියාකාරක අධ්‍යයනය කරනු ලැබේ.[25]
NASA ආයතනය 2001 සිට අත්හදා බැලීම් කරමින් සිටින අතර, මුලින්ම ඔවුන් කළුකුම් පක්ෂීන්ගේ (turkey) සෛලවලින් මස් වගා කරනු ලැබීය[26].[27] මේවා අභ්‍යවකාශයේ වගාකිරීම මඟින් දිගුකාලීන ගගනගාමීන්ට සංචාරයේදී ගබඩාවක් ගෙන යාමෙන් තොරව, මස් වගාකරගැනීමට හැකිවේ.[28]
2002දී, NSR/Tuoro Applied BioScience Research Consortiumට ගෝල්ඩ්ෆිෂ් සෛලවලින් මාළු ෆිලට් වැනි නිෂ්පාදනයක් වර්ධනය කිරීමට හැකිවිය.[29][30][31]
2003දී, Tissue Culture and Art Projectහි Oron Catts සහ Ionat Zurr සහ Harvard Medical School විසින් ගෙම්බෙකුගේ ප්‍රාථමික සෛලවලින් වැඩූ, සෙන්ටිමීටර කිහිපයක් පළල ස්ටෙක් (steak) විශේෂයක් Nantesහි ප්‍රදර්ශනය කරනු ලැබූ අතර එය පිස අනුභව කරන ලදි.[32]
රසායනාගාරයක වැඩුණු මස් පිළිබඳව සම-සමාලෝචනය කරන ලද පළමු ලිපිය 2005දී "Tissue Engineering"හි පළවිය.[33]
2008දී PETA විසින්, 2012වන විට රසායනාගාරයක වැඩුණු කුකුළු මස් 2012 වන විට පාරිභෝගිකයන් වෙත ගෙන එන පළමු සමාගමට ඩොලර් මිලියනයක ත්‍යාගයක් වෙන් කළේය.[34] ත්‍යාගය ලැබීමට පෙර තරඟකරුට කාර්යන් දෙකක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය: "සැබෑ කුකුළු මස් වලින් වෙන්කොට හඳුනාගත නොහැකි කුකුළු මසක් නිෂ්පාදනය කරන්න" සහ "අවම වශයෙන් ප්‍රාන්ත 10ක් තුළ තරඟකාරී ලෙස විකිණීම සඳහා ප්‍රමාණවත් තරම් විශාල ප්‍රමාණයක නිෂ්පාදනයක් කරන්න". තරඟය, 2014 මාර්තු 4 දක්වා දීර්ඝ කරන ලදි. 2008දී, මෙම අභියෝගය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කළ දා සිට ලොව පුරා පර්යේෂකයින් මෙලෙස රසායනාගාරවල මස් වගාකිරීමේ සැළකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇත. ජයග්‍රාහකයෙකු නොමැතිව මෙම තරඟය කල් ඉකුත් වූ නමුත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාතෘකාව විද්‍යාඥයින් තුළට ගැඹුරින් කාවැදුණි.[35]
මෙලෙස විද්‍යාගාරවල මස් වගාකිරීම සම්බන්ධ පර්යේෂණ වෙනුවෙන් ලන්දේසි රජය ඩොලර් මිලියන 4ක් යොදවා ඇත.[36] මෙම තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන ජාත්‍යන්තර පර්යේෂකයින් විසින් පිහිටුවන ලද "In Vitro Meat Consortium" වාණිජමය හැකියාවන් සාකච්ඡා කිරීම සඳහා 2008 අප්‍රෙල් මාසයේදී නෝර්වේහී ආහාර පර්යේෂණ ආයතනය විසින් සත්කාරකත්වය සපයන ලදුව වගා කරනු ලබන මස් සම්බන්ධයෙන් පළමු ජාත්‍යන්තර සමුළුව පවත්වන ලදි.[37] 2009දී Time සඟරාව, වගා කරනු ලබන මාංශ යන සංකල්පය "50 breakthrough ideas of 2009" යන්නෙන් එකක් ලෙස ප්‍රකාශයට පත් කළේය[38]. 2009 නොවැම්බරයේදී නෙදර්ලන්තයේ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ පණ තියෙන ඌරෙකුගේ සෛල භාවිතා කරමින් රසායනාගාරයේ මස් වගා කිරීමට තමන් සමත් වූ බවයි.[39]
2012 වන විට ලොව පුරා විද්‍යාගාර 30ක් මෙම පර්යේෂණ සඳහා වැඩ කරන බවට ප්‍රකාශ කර ඇත.[40]
මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාක් පෝස්ට් විසින් නිර්මාණය කරන ලද පළමු වගාකරන ලද හරක් මස් බර්ගර් පෙත්ත 2013 අගෝස්තුවේ ලන්ඩනයේ පැවති මාධ්‍ය එළිදැක්වීමකදී අනුභව කරන ලදි.[41] එය සාදා තිබුණේ තුනී මාංශ පේශී පටක කෙඳි 20000කට අධික ප්රමාණයකිනි.[42] මෙය නිර්මාණය කිරීම සඳහා මහාචාර්ය පෝස්ට ඩොලර් 300,000ක් සහ වසර දෙකකට වැඩි කාලයක් වැය විය. තවත් සමාගම් දෙකක් මස් වගාකිරීමට පටන්ගෙන තිබේ; [43]ඇමෙරිකාවේ Memphis Meats සහ ඊශ්‍රායලයේ SuperMeat.[44]
2019 ජූලි මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2021 වන විට මෙලෙස වගා කළ මස් යෙදූ බර්ගරයක් සැදීමට යන වියදම ඩොලර් 10ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. Mosa Meat සහ Biotech Foods වැනි සමාගම් කිහිපයක්ම මෑත වසරවල මේ සම්බන්ධයෙන් පර්යේෂණවලට ආයෝජනය කොට ඇත. Mosa Meats වෙතින් එළිදැක්වූ පළමු වගා කළ මස් බර්ගරයට ගිය වියදම ඩොලර් 280,000කි.[45]
. 2013 අගෝස්තු 5වන දින ලොව ප්‍රථම විද්‍යාගාරයේ වැඩුණු බර්ගරය ලන්ඩනයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර පිසින ලදි. මහාචාර්ය මාක් පෝස්ට්ගේ නායකත්වයෙන් යුතුව, නෙදර්ලන්තයේ මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින්, ගවයෙකුගේ ප්‍රාථමික සෛල ගෙන ඒවා මාංශ පේශී තීරු බවට වර්ධනය කර පසුව බර්ගර් සැදීමට කටයුතු කළහ. Cornwallහි Polperroහි Couch's Great House Restaurantහි සූපවේදී Richard McGeown මෙම බර්ගරය පිසින ලද අතර ජොෂ් ස්කෝන්වොල්ඩ් හා Future Food Studioහි හැනී රූස්ලර් යන පර්යේෂකයින් එහි රස බැලීය.[46] රූස්ලර් ප්‍රකාශ කළේ,
"ඇත්තෙන්ම, එයට රසයක් තිබේ. දුඹුරු පැහැය සමඟ රසයක් තිබේ. එහි මේදය නොමැති බව මම දනිමි, එමනිසා කොතරම් දුරට එහි ඉස්මක් තිබේදැයි මම දැන නොසිටියෙමි, නමුත් එයට දැනෙන රසක් තිබේ; එය මස්වලට සමීපයි, එතරම් ඉස්ම සහිත නොවේ, නමුත් අනුකූලතාව පරිපූර්ණයි. මට නම් මෙය මස් වේ... රස බැලිය යුතුයි මෙය. පෙනුමෙන් මෙය මසට තරමක් සමාන යැයි මම සිතමි."
රුස්ලර් වැඩිදුරටත් කියා සිටියේ ඇස් වසා කරනු ලබන පරීක්ෂණයකදී පවා මෙය සෝයා නිෂ්පාදනයක් නොව මස්ම බවට ඇය සිතනු ඇති බවයි.[47]
වගා කළ මාංශ පේශී පටක තුනී තීරු 20,000ක් භාවිතා කරමින් 2013 මැයි මාසයේදී ලන්ඩන්හි පෙන්වීම සඳහා පටක වගා කරන ලදි. මේ සඳහා යූරෝ 250,000ක පමණ නිර්නාමික අරමුදලක් ලැබුණි. පසුව හෙළිවූයේ ඒ Sergey Brin බවයි.[48] පෝස්ට් සඳහන් කළේ "එය ලාභදායී නොවීමට හේතුවක් නැත... අපට ගෝලීය herd මිලියනවාරයකින් අඩු කළ හැකි නම්, මම සතුටු වෙමි."[49]
මෙය තව සුළු කාලයකින් සිදුවනු ඇත, මට එය ඒත්තු ගැන්වී ඇත. අපගේ සිද්ධියේදී, කුඩා පරිමාණයෙන් වෙළඳපොළට ඇතුළුවීමට අපට වසර 3ක කාලයක් ගතවනු ඇති බවට මම අනුමාන කරමි, මහා පරිමාණයෙන් නම් වසර 5ක් පමණ... ඔබ මගෙන් ඇසුවොත් 'වගා කළ මාංශ කෙළවරේ ඇති වෙළඳසැලේ දක්නට ලැබෙන්නේ කවදාද?' කියා මට සිතෙන විදිහට එයට පිළිතුර වසර 5ට වඩා වසර 10ට ආසන්න වනු ඇත". -Mosa Meatහි පීටර් වර්ස්ට්රේට්-
මහාචාර්ය පෝස්ට් විසින් 2013දී පළමු වගා කළ මස් බර්ගරය සාර්ථකව නිෂ්පාදනය කළ බැවින්, මෙය සංවර්ධනය කිරීම හෝ ඉදිරියට ගෙන යාම සඳහා කැපවූ ඇරඹීම් හා ආරම්භක සංවිධාන ඇත. 2015දී මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලය විසින් වගා කළ මස් පිළිබඳව පළමු ජාත්‍යන්තර සමුළුව පවත්වන ලදි.[50] ක්ෂේත්රය වර්ධනය වෙත්ම, ලාභ නොලබන New Harvest[51] සහ The Good Food Institute[52] වැනි සංවිධාන කර්මාන්ත නායකයින්, විද්‍යාඥයින්, ආයෝජකයින් සහ විභවයක් ඇති සමාන්තර කර්මාන්තවල සහයෝගීතාකරුවන් කැඳවීමට වාර්ෂික සම්මන්ත්රණ පැවැත්වීම ආරම්භ කරන ලදි. 2018දී ජෙසී රීස් ඇන්තිස් (Jacy Reese Anthis) විසින් රචිත "The End of Animal Farming" නම් ග්‍රන්ථය තර්ක කරන්නේ වගා කළ මස් සහ ශාක පදනම් කරගත් ආහාර විසින්, සාම්ප්‍රදායික සත්ව නිෂ්පාදනය 2100වන විට විස්ථාපනය කරනු ඇති බවයි.[53] 2019 වන විට වගා කළ මස් සම්බන්ධයෙන් දුසිම් දෙකකට අධික පණගැන්වුම් සංඛ්‍යාවක් හෙළි වී ඇත.[54]
සිලිකන් වැලීහි හෘද රෝග විශේෂඥයෙකු විසින් ආරම්භ කරන ලද "Memphis Meats" විසින් 2016 පෙබරවාරි මාසයේදී එහි වගා කරන ලද හරක් මස් මීට් බෝල්ස් පෙන්වන වීඩියෝවක් එළිදැක්වීය.[55][56] [57]2017 මාර්තු මාසයේදී එය කුකුළු මස් ටෙන්ඩර් සහ duck a l'orange, පළමු වගාකළ කුකුළු මස් ආහාර ජනතාවට ප්‍රදර්ශනය කළේය.[58][59][60]
SuperMeat නම් ඊශ්‍රායල සමාගම වගා කළ කුකුළු මස් වෙනුවෙන් කරනු ලබන කර්තව්‍යය සඳහා 2016දී ඉතා ප්‍රසිද්ධ වූ අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක් දියත් [64]කරන ලදි.[61][62][63][64][65]z
විද්‍යාගාරවල වගාකරනු ලබන මත්ස්‍ය මාංශ ඉලක්ක කරගෙන, සැන් ෆ්රැන්සිස්කෝහි Finless Foods 2016දී ආරම්භ කරන ලදි. 2017 මාර්තු මාසයේදී එය රසායනාගාර මෙහෙයුම් ආරම්භ කළ අතර වේගයෙන් ඉදිරියට ගියේය. මෙහි අධ්‍යක්ෂක මයික් සෙල්ඩන් (Mike Selden) 2017 ජූලි මාසයේදී පැවසුවේ මත්ස්‍ය නිෂ්පාදන වසර දෙකක් තුළ (2019 අවසාන වන විට) වෙළඳපොළට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි[66]
2018 මාර්තු මාසයේදී, JUST, Inc. (2011දී සැන් ෆ්රැන්සිස්කෝහි ආරම්භ වන විට මෙහි නාමය Hampton Creek විය) කියා සිටියේ 2018 අවසන් වන විට වගා කළ මස් නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කළ හැකි බවයි. මෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොෂ් ටෙට්රික් පවසන පරිදි ඒ සඳහා තාක්ෂණය දැනටමත් පවතින අතර ඉතිරිව ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමේ කාරණය පමණි. JUSTහි සේවකයන් 130ක් පමණ සිටින අතර විද්‍යාඥයින් 55කුගෙන් යුත් පර්යේෂණ දෙපාර්තමේන්තුවක් සිටියි. එහි විද්‍යාගාරවල කුකුළු මස්, ඌරු මස් හා හරක් මස් නිපදවනු ලැබේ. ශාක සම්පත් පමණක් ඇති ප්‍රාථමික සෛල පෝෂණය කිරීමේ ගැටලුව ඔවුන් මෙලහකටත් විසඳා තිබෙනු ඇත. JUSTට අනුග්‍රාහකත්වය සපයන අය අතර චීන ප්‍රකෝටිපතියෙකු වන ලී කා-ෂිං, Yahoo! සම නිර්මාතෘ ජෙරී යැං සහ ටෙට්රික්ට අනුව Heineken International වේ.[67]
Krijn de Nood, Daan Luining, Ruud Out, Roger Pederson, Mark Kotter සහ Gordana Apic යන අයගෙන් සමන්විත ලන්දේසී පණගැන්වුමක් වන "Meatable" 2018 සැප්තැම්බර් මාසයේදී වාර්තා කළේ සතුන්ගේ පෙකණි වැලේ "pluripotent" සෛල භාවිතයෙන් මස් වගා කිරීමට සමත් විය. එවැනි සෛල සමඟ වැඩ කිරීම අසීරු බව වාර්තා වුවද, අවශ්‍ය පරිදි මාංශ පේශී සෛල හෝ මේද සෛල බවට ඒවා පත් කරවීමට, විවිධ තාක්ෂණ යොදාගනිමින් හැකිබව Meatable කියා සිටියේය. මෙහි ඇති ප්‍රධාන වාසිය නම්, මෙම තාක්ෂණය fetal bovine serum මඟහැරීමයි, එනම් මෙහිදී මස් නිෂ්පාදනය සඳහා කිසිදු සතෙකු මරා දැමිය යුතු වන්නේ නැත. වාර්තාවල දැක්වෙන්නේ එමස අලුතෙන් වගා කළ මස් සම්බන්ධ ඇරඹුම් සංඛ්‍යාව 30ක් පමණ වන බවයි. 2018 සැප්තැම්බර් 26වන දින, ආරම්භක ව්‍යාපාර 3ක සහ සිවිල් උනන්දුවක් දක්වන කණ්ඩායම් 4ක නියෝජිතයන් සමඟ වූ A Dutch House of Representatives Commission රැස්වීමකදී සාකච්ඡා කෙරුනේ වගා කරන මාංශ පිළිබඳව පර්යේෂණ කිරීම, මෙම ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සහ හඳුන්වාදීම සඳහා රජයේ සහය ලබාදීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳවයි.
වගා කරනු ලබන මස් සහ මුහුදු ආහාර සඳහා වෙළඳපොළට මාවතක් එළිකර දීම වෙනුවෙන් රජයේ නියාමකයින් සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන සන්ධානයක් වන Alliance for Meat, Poultry and Seafood Innovation (AMPS Innovation) පිහිටුවීමට 2019 අගෝස්තු මාසයේදී ආරම්භක ව්‍යාපාර 5ක් එක්විණි.[68] මෙහි ආරම්භක සාමාජිකයන්ට JUST Inc., Memphis Meats, Finless Foods, BlueNalu සහ Fork & Good ඇතුළත් වේ[69]
. 2019දී සමාගම් තුනක එකතුවක් (Peace of Meat, Solina සහ Nauta) සහ ලාභ නොලබන ආයතන තුනක එකතුවක් (University KU Leuven, Flanders Food සහ Bio Base Europe Pilot Plant) එකතුව "The Foieture Project" දියත් කෙරිණි. 2019 දෙසැම්බරයේදී Peace of Meat කියා සිටියේ අනෙක් අයගේ සහාය ඇතිව 2020දී සිය සංකල්පය සනාථ කිරීම, 2022දී එහි පළමු මූලාකෘතිය නිෂ්පාදනය කිරීම සහ 2023දී වෙළඳපොළට පිවිසීම යනාදිය ඔවුන් බලාපොරොත්තු වන බවයි.[70] එම මාසයේදී the Foieture Project, "The Innovation and Enterprise Agency of the Flemish Government" විසින් යූරෝ මිලියන 3.6කට ආසන්න පර්යේෂණ ආධාරයක් ලැබුණි. 2020 මැයි මාසයේදී Peace of Meatහි ඔස්ට්‍රියානු සම්භවයක් ඇති සමනිර්මාතෘ සහ විද්‍යාත්මක පර්යේෂක Eva Sommer කියා සිටියේ ආරම්භයේදී යූරෝ 300ක වියදමින් මේදය 20gක් නිපදවීමට හැකි වූ බවයි. ඉලක්කය වූයේ 2030වන විට මිළ, කිලෝග්රෑමයකට යූරෝ 6ක් දක්වා අඩු කිරීමයි. [71]Peace of Meat ඉක්මණින්ම Port of Antwerpහි රසායනාගාර දෙකක් ඉදිකරනු ඇත.[72]
2019 දී පළමු වරට මස් අභ්‍යවකාශයේ සාර්ථකව වගා කරන ලදී. Aleph Farms හරහා, ස්වාභාවික සම්පත් වලින් ඈත්ව පෘථිවියට සැතපුම් 248 ක් (කි.මී. 399) දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මස් වගා කරන ලදී. [73]
Name | Type | Founded | Area | Focus | Recent costs | Prototype | Pilot plant | Market entry |
---|---|---|---|---|---|---|---|---|
Aleph Farms | Company | 2017 | Israel | Beef | Over $3,000/kg (Nov 2019 claim)[74] | 2018 | Planned for 2021 (April 2020 claim) | 2023 (Nov 2019 claim) |
Good Food Institute | Non-profit | 2016 | United States | – | Rather than producing, GFI advocates and researches cultured meat | |||
Finless Foods | Company | 2016 | United States | Fish | $19,000/lb (Dec 2017 claim)[75] | [76] | ||
Foieture project (6 companies/non-profits) |
Mix (3 c, 3 np) |
2019 | Belgium | Foie gras | €15,000/kg (May 2020 claim)[77] | 2020 (Dec 2019 claim) | 2022 (Dec 2019 claim)[78] | 2023 (Dec 2019 claim) |
Future Meat Technologies |
Company | 2018 | Israel | Meat | $10/lb (Feb 2020 goal by 2022)[79] | Constructing since Oct 2019[80][81] | 2022 (Oct 2019 claim)[82] | |
IntegriCulture, Inc. | Company | 2015 | Japan | Meat, fish and poultry (foie gras as first target) | ¥20,000/kg (July 2019 claim)[83] | 2021 (July 2020 claim) | ||
Just, Inc. | Company | 2011 | United States | Meat | C. €50/nugget (Jan 2020 claim)[84] | Dec 2017[85] | Constructing since mid-2019 (Jan 2020 claim) | Unknown (certification required as of Jan 2020) |
Meatable | Company | 2017 | Netherlands | Pork | 2020 (Jan 2020 claim) | 2022 (Jan 2020 claim) | ||
Memphis Meats | Company | 2015 | United States | Poultry | $1,700/lb (Feb 2018 claim)[86] | Feb 2016[87] | Constructing since Jan 2020 | Around 2020 (Feb 2017 claim) |
Mosa Meat / Maastricht University |
Mix (1 c, 1 np) |
2015 | Netherlands | Beef | €60/kg (Feb 2017 goal by 2020) | Aug 2013 (UM)[88] | 2022 (Feb 2020 claim)[89] | |
New Harvest | Non-profit | 2004 | United States | – | Rather than producing, NH finances research into cultured meat | |||
SuperMeat | Company | 2015 | Israel | Poultry | around 2020 (Feb 2017 claim)[90] |
වගාකල මස් නිෂ්පාදනයේ අදියර තුනක් ඇත: ආරම්භක සෛල තෝරා ගැනීම, වර්ධන මාධ්‍යයේ සැතපවීම සහ පලංචිය.[91][92][93]
ReplyForward |
වැඩෙන සංස්කෘතික මස්වල ආරම්භක අදියර වන්නේ වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් (ඉහළ සෛල ප්‍රජනන අනුපාතය) ඇති සෛල එකතු කිරීමයි. එවැනි සෛල වලට කළල ප්‍රාථමික සෛල, වැඩිහිටි ප්‍රාථමික සෛල, මයෝසැටලයිට් සෛල හෝ මයෝබ්ලාස්ට් ඇතුළත් වේ. වැඩිම වේගයෙන් ප්‍රසාරණය වන්නෙ ප්‍රාථමික සෛල වන නමුත් නිශ්චිත වර්ගයේ සෛලයක් කරා සංවර්ධනය ආරම්භ කිරීමට ඊට හැකියාවක් නොමැත. එම නිසා සෛල බෙදීමේ හා ඒවා යම් නිශ්චිත ආකාරයකින් වර්ධනය වීමේ ගැටලුවක් පැන නඟියි. පූර්ණ ලෙස වර්ධනය වූ මාංශ පේශි සෛල ,මාංශ පේශි ලෙස දැනටමත් සංවර්ධනය අවසන් කර ඇති නමුත් ඒවා කිසිසේත්ම වර්ධනය නොවේ. එමනිසා, මයෝසැටලයිට් සහ මයෝබ්ලාස්ට් සෛල වැනි සෛල බොහෝ විට භාවිතා කරනුයේ ඒවා තවමත් පිළිගත හැකි වේගයකින් වර්ධනය වන නිසාත් අනෙකුත් සෛල වලින් අවශ්‍ය පරිදි වෙනස් වන නිසාත් ය.[94]
පටක වර්ධනයට අනුබල දෙන ද්‍රාවණයක් යෙදීමෙන් මෙම සෛලවලට ප්‍රතිකාර කරනු ලැබේ.එය වර්ධන මාධ්‍යයක් ලෙස හැඳින්වේ. මෙම මාධ්‍යයන්හි අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා සුදුසු වර්ධන සාධක අඩංගු විය යුතුය. ඉන්පසු ඒවා ජෛව ප්‍රතික්‍රියාකාරකයක් තුල වූ වගා මාධ්‍යයක තැන්පත් කරන අතර එමඟින් සෛලවලට අවශ්‍ය ශක්තිමය අවශ්‍යතා සපුරාලනු ලබයි.[95]
ත්‍රිමානව මස් වගා කිරීම සඳහා, සෛල පලංචියක් මත වැඩෙන අතර එය එහි ව්‍යුහය හා පිළිවෙල මෙහෙයවන අංගයකි.මෙම පලංචිය ආහාරයට ගත හැකි බැවින් මස් ඉවත් කිරීමට අවශ්‍ය නොවේ. එසේම,එය වරින් වර වර්ධනය වන මාංශ පේශි දිගු කිරීමට පියවර ගන්නා අතර එමඟින් සාමාන්‍ය ශරීරයේ සත්ව ශරීරය අනුකරණය කරයි. වර්ධනය වන මයෝටියුබ් (මුල් මාංශ පේශි තන්තු) වලින් වෙන් නොවී පවතීම සඳහා පලංචිය නම්‍යශීලී බව පවත්වා ගත යුතුය. පලංචිය,මාංශ පේශි වල සාමාන්‍ය වර්ධනය සඳහා සනාලීකරණයට (රුධිර නාල සෑදීමට) ඉඩ දිය යුතුය.[96][97]
2019 ඔක්තෝම්බර් මාසයේදී MDPI විසින් Extracellular Heme Proteins Influence Bovine Myosatellite Cell Proliferation and the Color of Cell-Based Meat යන මාතෘකාව යටතේ ලිපියක් ප්‍රකාශයට පත් කරන ලද අතර මිනිස් පරිභෝජනය සඳහා සෛල මත පදනම් වූ මස් නිෂ්පාදනය කිරීම සඳහා අස්ථි මාංශ පේශි පටක ඉංජිනේරු විද්‍යාව යොදා ගත හැකි බව එහි කියැවුනි. මයෝග්ලොබින්, මාංශ පේශි චන්ද්‍රිකා සෛලවල ව්‍යාප්තිය හා පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි කළ බව වාර්තා විය. මයෝග්ලොබින් හෝ හිමොග්ලොබින් එකතු කිරීම මඟින් නිෂ්පාදනයේ වර්ණය සාම්ප්‍රදායික හරක් මස් වලට වඩාත් සමීප වර්ණයක් දක්වා වෙනස් කරගත හැකි බවද දැක්විණි.
ReplyForward |
ස්වාභාවික නිෂ්පාදනයට වඩාත් සමාන වන පරිදි වගාකළ මස්වල වයනය වැඩි දියුණු කිරීම සඳහා ත්‍රිමාණ මුද්‍රණ ක්‍රම භාවිතා කිරීමට ඊශ්‍රායල සමාගමක් වන මීටෙක් යෝජනා කරයි. [98]
පලංචිය පාදක වූ නිෂ්පාදන ශිල්පීය ක්‍රම නිසි ලෙස භාවිතා කළ හැක්කේ අස්ථි රහිත හෝ බිම් මාංශ වල පමණි (සැකසූ). මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වන්නේ හැම්බර්ගර් හෝ සොසේජස් වැනි මස් ය. වඩාත් ව්‍යුහාත්මක මස් සෑදීම සඳහා, (නිදසුනක් ලෙස ගවමස්)මාංශ පේශි පටක සකස් කළ යුත්තේ සෘජු හා ස්වයං-සංවිධානාත්මක ආකාරයකින් හෝ දැනටමත් පවතින මාංශ පේශි පටක ව්‍යාප්ත කිරීමෙනි. මීට අමතරව, ගුරුත්වාකර්ෂණ, චුම්බක, තරල ප්‍රවාහ සහ යාන්ත්‍රික ආතති ක්ෂේත්‍ර තිබීම මාංශ පේශි සෛලවල ප්‍රගුණන අනුපාතයට බලපායි. දිගු කිරීම සහ ලිහිල් කිරීම වැනි ආතතිය පාදක වූ ක්‍රියාවලීන් මාංශ පේශි සෛල අතර වෙනස වැඩි කරයි.
මෙම ක්‍රියාවලිය ආරම්භ කළ පසු, ජීවියෙකුගෙන් නව සෛල හඳුන්වා නොදී දින නියමයක් නොමැතිව මස් නිෂ්පාදනය කිරීම න්‍යායාත්මකව කළ හැකිය. [99]
වගාකල මස් නිෂ්පාදනයේදී, වැඩෙන මස් බැක්ටීරියා සහ යීස්ට් සහ අනෙකුත් දිලීර වලින් ආරක්ෂා කිරීම සඳහා සෝඩියම් බෙන්සොයිට් වැනි කල් තබා ගන්නා ද්‍රව්‍යයක් භාවිතා කරයි. මෙම ක්‍රියාවලියේදී කොලජන් කුඩු, සැන්තන් ගම්, මැනිටෝල් සහ කොචීනියල් විවිධ ආකාරවලින් භාවිතා කළ හැකිය.[100]
තාක්ෂනික දියුණුවත් සමඟ සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැනි වෙළඳසැල් වල වගාකල මස්වල මිල මධ්‍යම පන්තික පාරිභෝගිකයින් “පහසු මිල” යැයි සලකන මට්ටම දක්වා අඩු විය හැකිය.[101]
මාංශ වගා කිරීම යනු පටක ඉංජිනේරු විද්‍යාව නමින් හැඳින්වෙන ජෛව තාක්ෂණ ක්ෂේත්රයේ වර්ධනයකි.මාංශ පේශි ඩිස්ට්‍රොෆි ඇති පුද්ගලයින්ට උපකාර කිරීම සහ බද්ධ කිරීමේ අවයව සංවර්ධනය කිරීම යන යෙදීම් සමගම මෙම තාක්ෂණයද කරට කර සංවර්ධනය වෙමින් පවතියි.[102][103]එය සාර්ථක කරගැනීමට නම්, ජය ගැනීමට බාධක කිහිපයක් තිබේ; මේ මොහොතේ, වඩාත්ම කැපී පෙනෙන ඒවා වන්නේ පරිමාණය සහ පිරිවැයයි.[104][105]
ReplyForward |
මීට අමතරව, සෛලීය කෘෂිකර්මාන්තය සහ එහි සංවර්ධනය සඳහා විශේෂිත විද්‍යාත්මක පර්යේෂණ විනයක් නොමැත. සෛලීය කෘෂිකර්මාන්තය පිළිබඳ අතීත පර්යේෂණයන් එකිනෙකාගෙන් හුදෙකලා වූ අතර ඔවුන්ට සැලකිය යුතු අධ්‍යයන උනන්දුවක් නොලැබුණි. එය දැනට පැවතුනද, දිගුකාලීන උපාය මාර්ග සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදල් සපයන්නේ නැති අතර ප්‍රමාණවත් තරම් පර්යේෂකයන්ද නොමැත. [115]
මහා පරිමාණයෙන් මස් වගා කිරීමේදී, කෘතීම වර්ධක හෝමෝන එකතුකිරීම අවශ්‍ය විය හෝ නොවිය හැක.
පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ ඔමෙගා-3 මේද අම්ල සෞඛ්‍ය සම්පන්න ප්‍රසාද දීමනාවක් [116]ලෙස වගා කරනු ලබන මස්වලට එකතු කළ හැකි බවයි. ඒ හා සමානවම, සාම්ප්‍රදායික මස්වල ඔමෙගා-3 මේද අම්ල අන්තර්ගතයද සතුන් පෝෂණය කරන දේ වෙනස් කිරීමෙන් වැඩි කළ හැකියි. ටයිම් සඟරාවේ කලාපයක යෝජනා කොට ඇත්තේ සෛල මඟින් මස් වගාකිරීමේදී මස බැක්ටීරියා සහ රෝගවලට නිරාවරණය වීමේ හැකියාව අඩුවන බවයි. [117]
දැඩි ලෙස පාලනයේ පවතින හා පුරෝකථනය කළ හැකි පරිසරය හේතුවෙන්, විද්‍යාගාරයේ සිදුකරනු ලබන මස් වගාව, සිරස් ගොවිතැන සමඟ සංසන්දනය කර ඇති අතර, එහි සමහර යෝජකයින් අනාවැකි පළකර ඇත්තේ පළිබෝධනාශක හා දිලීර නාශක වැනි භයානක රසායනික ද්‍රව්‍යවලට, දරුණු තුවාල සහ වන ජීවීන්ට නිරාවරණය වීම අඩු කිරීම සම්බන්ධයෙන්ද ඒ හා සමාන ප්රතිලාභ ලැබෙනු ඇති බවයි[118]
පශු සම්පත් සහ පශු සම්පත්වලින් ලබාගත් මස් (පක්ෂි උණ, ඇන්ත්රැක්ස්, සූකර උණ සහ ලෙස්ටීරියෝසිස් ඇතුළු රෝග) රෝග පැතිරීමේ ප්‍රධාන ප්‍රභවයක් ලෙස සැළකීම සහ දිගු කාලීනව සකසන මස් වැඩිවන හෘද රෝග, ආහාර ජීර්ණ පිළිකා සහ type 2 දියවැඩියාව සමඟ ඈඳී තිබීම නිසා පශු සම්පත් සඳහා ප්‍රතිජීවක ප්‍රතිරෝධ වර්ධනය කිරීම සම්බන්ධයෙන් වත්මනේදී අවධානය යොමුව ඇත. වගාකරනු ලබන මස් සම්බන්ධයෙන් ගත් කල, දැඩි පාරිසරික පාලනය සහ පටක අධීක්ෂණය හේතුවෙන් ආරම්භයේ සිටම මෙවැනි ආසාදනය වීම් වළක්වා ගත හැකි අතර පාරිභෝගිකයන්ට නැව්ගතකිරීමට පෙර ඕනෑම ආසාදනයක් හඳුනාගත හැක. [119]
රෝග වැළැක්වීම සහ රෝගවලින් තොරවීමට අමතරව සහ ප්‍රතිජීවක හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීමට අමතරව, මේවා පෝෂ්‍ය පදාර්ථවලින් ඉහළ කරනු ලැබීම සහ තනි තනිව සැකසූ සෛලීය හා අණුක සංයුතිය හා ප්රශස්ත පෝෂණ පැතිකඩ ඇතුළු ජෛව තාක්ෂණික විධි වලින් වැඩි දියුණු කළ හැකිය. මේ සියල්ලම පශු සම්පත්වලින් ලබාගත් මස්වලට වඩා සෞඛ්‍ය සම්පන්න වේ. [120]
මේවා සැබෑ මාංශ පේශී සෛල, මේද හා ආධාරක සෛල මෙන්ම රුධිර වාහිනීවලින්[121] සමන්විත වන සැබෑ මස් වන අතරම සාම්ප්‍රදායික මස්වලට සමාන වුවද ඇතැම් පාරිභෝගිකයන්ට අධිතාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලිය අප්‍රසන්න යැයි හැඟේ. වගා කළ මාංශ ව්‍යාජ මාංශ හෝ "Frankenmeat" ලෙස විස්තර කොට ඇත. හෝමෝන, ප්‍රතිජීවක, ස්ටෙරෝයිඩ, බෙහෙත් සහ GMOවලින් තොරව පිරිසිදු මස් නිෂ්පාදනය කළ හැකිය. [122]
රසායනාගාරයේ වගා කරනු ලබන මස් නිෂ්පාදනයක් පෙනුම, රසය, සුවඳ, වයනය හෝ වෙනත් සාධකවලින් වෙනස් නම්, එය සාම්ප්‍රදායිකව නිපදවනු ලබන මස් සමඟ වාණිජමය වශයෙන් තරඟකාරී නොවිය හැකියි. අස්ථි හා හෘදවාහිනී පද්ධතිය නොමැතිවීම සූපවේදයේදී අවාසියක් විය හැක. එනමුත්, ඇටකටු සහ/හෝ රුධිරය නොමැතිකම buffalo wings වැනි සාම්ප්‍රදායික මස් සැකසීම් කුඩා දරුවන්ට වඩා රසවත් කරයි. තවද, රුධිරය හා අස්ථිද අනාගතයේදී නිපදවිය හැකියි.[123] [124][125]
වර්ධනය වන ලෝක ජනගහනය සඳහා සාම්ප්‍රදායික මස් නොකඩවා නිෂ්පාදනය කිරීම එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වී ඇත. ආහාර සඳහා සත්ව නිෂ්පාදනය වාතය/ජල දූෂණය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එක් හේතුවකි.[126] සාම්ප්‍රදායික කර්මාන්තයට, මස් සඳහා ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමට සරිලන ලෙස මස් සැකසීමට හැකි වේද යන්න පිළිබඳව සැකයක් ඇති හෙයින් බොහෝ ව්‍යවසායකයන් සහ පර්යේෂකයන්, මෙයට විකල්පයක් ලෙස රසායනාගාරවල වගාකරනු ලබන මස් නිෂ්පාදනය සංවර්ධනයට අත දෙයි.[127] එම නිසා මේවා සාම්ප්‍රදායික මස් නිෂ්පාදනයට පාරිසරික වශයෙන් සවිඥානික විකල්පයක් සපයන බව පෙනේ. [128]
රසායනාගාර මස්වල පාරිසරික බලපෑම සාමාන්‍යයෙන්, ඝාතනය කර ලබාගන්න ගව මස්වලට වඩා සැළකිය ලෙස අඩුවනු ඇතැයි පර්යේෂණවලින් හෙළි වී තිබේ.[129] සිරස් ගොවිතැන සහ/හෝ රසායනාගාර මස් නිෂ්පාදනය සඳහා භාවිතා කරන සෑම හෙක්ටයාරයක් මගින්ම, හෙක්ටයාර 10ත් 20ත් අතර ඇති භූමි ප්‍රමාණයක් සාම්ප්‍රදායික කෘෂිකර්ම භාවිතයෙන් නැවත සාමාන්‍ය තත්වයට පරිවර්තනය කළ හැකිය[130]. සිරස් ගොවිපළවල් (රසායනාගාර මස් පහසුකම්වලට අමතරව) මීතේන් ජීර්ණවල (methane digesters) උපරිම වාසිය ගතහොත් විදුලි අවශ්යතාවයෙන්ද සුළු කොටසක් උත්පාදනය කළ හැකිය. මෙම ස්ථානයේ ජනනය වන කාබනික අපද්‍රව්‍ය මෙතේන් 65%කින් සහ අනෙකුත් වායුන්ගෙන් සමන්විත ජීව වායුව බවට පරිවර්තනය කිරීමට methane digesters තැනිය හැක. හරිතාගාරයට හෝ ජෛව ප්‍රතික්‍රියා මාලාවක් සඳහා විදුලිය උත්පාදනය කිරීමට මෙම ජීව වායුව පුළුස්සා දැමිය හැක. [131]
Oxford සහ Amsterdam විශ්ව විද්‍යාලවල පර්යේෂකයින් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ රසායනාගාර මාංශ "වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී" විභවයකින් යුක්ත බවත් හරිතාගාර වායු විමෝචනය 4%ක් පමණක් ජනනය කරන බවත් මස් නිෂ්පාදනයේ බලශක්ති අවශ්‍යතා 45% දක්වා අඩු කරන බවත් ගෝලීය මස්/පශු සම්පත් කරන භූමියෙන් 2%ක් පමණක් අවශ්‍ය වන බවත්ය. පේටන්ට් බලපත්‍ර හිමිකරු William Van Eelen, වාර්තාකරු Brendan I. Koerner, සහ Oxford විශ්වවිද්‍යාලයේ PhD ශිෂ්‍ය Hanna Tuomisto විශ්වාස කරන්නේ එහි අඩු පරිසර බලපෑමක් ඇති බවයි. [132]
The Union of Concerned Scientistsහි Margaret Mellon අනුමාන කරන්නේ මහා පරිමාණ රසායනාගාර මස් නිෂ්පාදනයේ බලශක්ති හා පොසිල ඉන්ධන අවශ්‍යතාවය භූමියෙන් පිටත ආහාර නිෂ්පාදනය කරනවාට වඩා පාරිසරික වශයෙන් විනාශකාරී විය හැකි බවයි. [133]ඒ කෙසේවෙතත් S. L. Davisගේ අනුමානය වන්නේ නාගරික ප්‍රදේශවල සිරස් ගොවිතැන සහ රසායනාගාර මස් පහසුකම්වල ක්‍රියාකාරීත්වය යන දෙකම සාපේක්ෂව අවට ජීවීන්ට සුළු හානියක් විය හැකි බවයි.[134] Dickson Despommier අනුමාන කළේ මේ දෙක නිසා ස්වාභාවික සම්පත් ක්ෂය වීම වළක්වා ගත හැකි අතර ඒවා අධික ජනගහනයක් සහිත ලෝකයට සුදුසු තාක්ෂණයන් වනු ඇති බවයි.[135] සාම්ප්‍රදායික ගොවිතැන මඟින් සෑම වසරකම හෙක්ටයාරයකට සතුන් දස දෙනෙකු මරා දමන බව එක් අධ්‍යයනයකින් හෙළි වී තිබේ[136]
ජාන ඇතුළත් කිරීම (insertion), මකා දැමීම (deletion), නිශ්ශබ්ද කිරීම (silencing), සක්‍රීය කිරීම (activation) හෝ විකෘති කිරීම (mutation) වැනි ජාන ඉංජිනේරු ක්‍රම මෙහිදී අවශ්‍ය නොවේ. සිදුවන්නේ සාමාන්‍යයෙන් සත්වයෙකු තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සත්වයා නොමැතිව සිදුවීමට ඉඩ සැළසීමයි. දැඩිව පාලනයේ පවතින කෘතිම පරිසරයක වගා කෙරෙන බැවින් සමහරු ප්‍රකාශ කර ඇත්තේ රසායනාගාර මස් GMO එළවළුවලට වඩා hydroponic එළවළුවලට සමීප බවයි. [137]
රසායනාගාර මස් පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකෙරෙන අතර, මේවා නිෂ්පාදනයට ජාන ඉංජිනේරු ශිල්පීය ක්‍රම අවශ්‍ය නොවුවද, ගුණාත්මකබව සහ තිරසාරබව වැඩි දියුණු කිරීම සඳහා එවැනි ක්‍රමවේදයන් භාවිතා කිරීම පිළිබඳව පර්යේෂකයින් අතර සාකච්ඡා පවතියි. ප්‍රයෝජනවත් මේද අම්ල වැනි පෝෂ්‍ය පදාර්ථවලින් මෙම මස් ඉහළ කිරීම ජාන වෙනස් කිරීම තුළින් නිෂ්පාදනය වැඩිදියුණු කළ හැකි ආකාරයකි. වගා මාධ්‍යයේ තත්ව වෙනස් කිරීමෙන්ද මෙය කළ හැකියි. මාංශ පේශී සෛල ප්‍රගුණනය කිරීමේද ජාන වෙනස් කිරීම භූමිකාවක් ඉටුකරයි[138]. මාංශ පේශී සෛල තුළට myogenic නියාමන සාධක, වර්ධන සාධක හෝ වෙනත් ජාන නිෂ්පාදන මාංශ පේශී සෛලවලට හඳුන්වාදීමෙන් සාම්ප්‍රදායික මස්වල එම ධාරිතාවට වඩා ඉහළ ධාරිතාවක් එකතුකළ හැකියි. [139]
Fetal bovine හෝ horse serum වෙනුවට ප්‍රභාසංස්ලේෂක ඇල්ගී සහ සයනොබැක්ටීරියා යොදාගැනීම වගා මාධ්‍ය නිෂ්පාදනයට යෝජනා කොට ඇත්තේ, සත්ව නිෂ්පාදනවලින් තොර වීමටයි. ඇතැම් පර්යේෂකයන් යෝජනා කරන්නේ වගා මාධ්‍යය නිෂ්පාදනය කිරීමට ඇල්ගි සහ සයනොබැක්ටීරියාවලට ඇති හැකියාව ජාන ඉංජිනේරු තාක්ෂණය වැනි තාක්ෂණයන් යොදාගෙන වැඩිදියුණු කළ හැකි බවයි. [140]
ඕස්ට්‍රේලියානු ජෛව විද්‍යාඥ Julian Savulescu පැවසූවේ "කෘතිම මස් සතුන් කෙරෙහි කුරිරුකම් නතර කරයි,පරිසරයටද වඩා හොඳ වන අතර ආරක්ෂිත , කාර්යක්ෂම හා සෞඛ්‍ය සම්පන්න විය හැකි බවයි. මේ ආකාරයේ පර්යේෂණවලට සහාය වීමට අප සදාචාරාත්මකව බැඳී සිටියි. සත්ව සුභසාධන කණ්ඩායම් සාමාන්‍යයෙන් මෙයට කැමති වන්නේ රසායනාගාර මස්වල ස්නායු පද්ධතියක් නොමැති බැවින් වේදනාවක් නොදැනෙන නිසායි.[141][142][143] මේවා කෙරේ නිර්මාංශිකයන්ගේ අදහස් විවිධ වේ: සමහරු සිතන්නේ 2013 අගෝස්තු මාසයේ මහජනයාට ඉදිරිපත් කළ රසායනාගාර මස් නිෂ්පාදනයේදී calf serum භාවිතා කළ නිසා ඒවා නිර්මාංශ නොවන බවයි.[144] කෙසේවෙතත්, එතැන් සිට මේවා bovine serum යොදා නොගෙන වගා කරනු ලැබිණි.[145] ඇමෙරිකානු දාර්ශනික කාලෝ අල්වාරෝ තර්ක කරන්නේ මස් මාංශ අනුභව කිරීමේ සදාචාරය පිළිබඳ ප්රශ්නය සාකච්ඡා කර ඇත්තේ පහසුව අනුව පමණක් බවයි. අල්වාරෝ යෝජනා කරන්නේ ගුණධර්ම නැඹුරු ප්‍රවේශයක් වන අතර, ගැටලුවේ අවදානයට ලක් නොවුණ තැන් එහිදී හමුවන බව ඔහුගේ මතයයි. රසායනාගාරයෙන් වැඩුණු මස් නිෂ්පාදනය කිරීමට ඇති මුරණ්ඩුකම අශෝභන චේතනාවන්ගෙන් පැන නගින බවට වන යෝජනාව වැනි, එනම්, "මිනිසාගේ සමෘද්ධිමත් වීමේදී, ආහාරයේ කාර්යභාරය වරදවා වටහා ගැනීම". [146]
රසායනාගාර මස් සඳහා ප්‍රමිති මට්ටමක් නිර්මාණය කිරීම සඳහා ඇතැම් රජයන් විසින් ස්වාධීන විමසීම් ආරම්භ කළ හැකිය. මෙම නවතම ආහාර නිෂ්පාදනයට අනුවර්තන වීමට රසායනාගාර මස් නිෂ්පාදන නිසි ලෙස නිර්මාණය කිරීම පිළිබඳ නීති හා රෙගුලාසි නවීකරණය කළ යුතුයි. "ජනතාවගේ යහපත" සඳහා රසායනාගාර මස් නිෂ්පාදනය අවහිර කිරීමට සමහර සමාජයන් තීරණය කළ හැකිය, ඇතැම් රටවල එහි නීත්‍යානුකූලභාවය සැක සහිත කාරණයක් බවට පත් කරයි. [147]
රසායනාගාර මස් සඳහා තාක්ෂණිකව නවීන නිෂ්පාදන ක්‍රම අවශ්‍ය වන අතර ප්‍රජාවන්ට ආහාර ස්වයංපෝෂිතව නිෂ්පාදනය කිරීම දුෂ්කර වන අතර ගෝලීය ආහාර සංස්ථා මත යැපීම වැඩි කළ හැකිය[148].
රසායනාගාර මස් වඩා පිරිවැය කාර්යක්ෂම වූ පසු, මෙම නිෂ්පාදනවල ආරක්ෂාව සහ ප්රමිතිකරණය නියාමනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම අවශ්‍ය වේ. විකිණීමට පෙර යුරෝපීය සංගමය සහ කැනඩාව අනුමත කළ ආහාර අයදුම්පත් ඉල්ලයි. මීට අමතරව, යුරෝපා සංගමයේ නම් රසායනාගාර මස් නිෂ්පාදනය සහ නිෂ්පාදන 2018 ජනවාරි 1දා සිට බලපැවැත්වෙන අනුමත සමාගම් යෙදුමකින් ආරක්ෂාව සනාථ කළ යුතු බවයි. [149]
එක්සත් ජනපදය තුළ, FDA (Food and Drug Administration) සහ USDA (United States Department of Agriculture) ඒකාබද්ධව රසායනාගාර මස් නියාමනය කිරීමට එකඟ වී ඇත. ගිවිසුම යටතේ, FDA විසින් සෛල එකතුකිරීම, සෛල බැංකු සහ වර්ධනය සහ අවකලනය අධීක්ෂණය කරන අතර, USDA සෛල වලින් මිනිසුන් වෙනුවෙන් කළ නිෂ්පාදනයවල, නිෂ්පාදනය හා ලේබල් කිරීම අධීක්ෂණය කරයි. [150][151]
රසායනාගාර මස්, කොෂර්ද (kosher- යුදෙව් ආහාර නීතිවලට අනුව පරිභෝජනය කළ හැකි ආහාර) යන්න පිළිබඳව යුදෙව් රබ්බිවාදී (rabbinical) බලධාරීන් එකඟ නොවෙයි. කෙසේවෙතත් බොහෝ රබ්බිවරුන් එකඟ වන්නේ කොෂර් සතෙකුගෙන් මුල් සෛල ලබාගත්තේ නම් මේවාද කොෂර්වනු ඇති බවයි. සමහරුන් සිතන්නේ ඌරන් වැනි කොෂර් නොවන සතුන්ගෙන් මෙන්ම සජීවී සතුන්ගෙන් වුවද එය කොෂර් වනු ඇති බවයි. සමහරුන් ඊට එකඟ නොවෙයි. [152]
ඉදිරි වසරවලදී රසායනාගාර මස් විශාල පරිමාණයේ නිෂ්පාදනයක් ලෙස වර්ධනය වීමත් සමඟ ඉස්ලාමීය ඇදහිල්ලේ ශක්‍යතාවන් පිළිබඳ උත්සුකයන් වඩ වඩාත් වැදගත් වෙමින් පවතියි. කැලිෆෝනියාවේ The Islamic Institute of Orange County, කලලරූපී ප්‍රාථමික සෛලවලින් වගා කළ මස් පරිභෝජනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ "මේ ආකාරයේ වගා කළ මස් අනුභව කිරීමට කිසිදු විරෝධයක් නොපෙනේ"[153] ලෙසයි. ඊට අමතරව, International Islamic Fiqh Academyහි Abdul Qahir Qamar උපුටා දක්වමින්, රසායනාගාර මස් "සජීවී සතුන්ගේ මස් ලෙස නොසැළකෙන නමුත් වගා කළ මස් වනු ඇත" ලෙස කියා සිටියේය. ඌරන්, බල්ලන් සහ වෙනත් හලාල් තහනම් සතුන්ගෙන් ලබාගත් සෛල හැරුණු විට මස් ශාකමය ලෙස සළකනු ලබන අතර "යෝගට් හා පැසුණු අච්චාරුවලට සමාන" බව ඔහු පවසයි.[154]
රසායනාගාර මස්, හින්දූන් පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විවාදයේදී ස්ටෙක් (steak) සහ බර්ගර් ප්‍රධාන වශයෙන් බැහැර කරයි. හින්දු මහා සභාවේ සභාපති චන්ද්‍ර කෞෂික් වාර්තා කරන්නේ "එය කිසිදු ආකාරයකින් වෙළඳපොළක වෙළඳාම් කිරීම හෝ වාණිජමය කටයුත්තක් සඳහා භාවිතා කිරීම පිළිගන්නේ නැත" ලෙසයි. [155]
රසායනාගාර මස් නිෂ්පාදනය දැනට මිළ අධික කර්තව්‍යයකි. 2008දී එම හරක් මස් 250gක් ඩොලර් මිලියනයක් පමණ විය. මහා පරිමාණ නිෂ්පාදනයකට මාරුවීමට සැළකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වේ. කෙසේවෙතත් In Vitro Meat Consortium විසින් ඇස්තමේන්තු කර ඇත්තේ වර්තමාන තාක්ෂණය වැඩිදියුණු වීමත් සමඟ මේවායේ මිළ සැළකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි. ඔවුන් ඇස්තමේන්තු කර ඇත්තේ €3500/tonne (2008 මාර්තු මාසයේදී $5424/tonne) ට එය නිෂ්පාදනය කළ හැකි බවයි. එය සාම්ප්‍රදායික නොවන යුරෝපීය කුකුළු මස් නිෂ්පාදනයේ වියදම මෙන් දෙගුණයක් පමණ වේ.
2015 මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ ABC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Mark Post කියා සිටියේ තම කණ්ඩායමේ බර්ගර්වල මුල් ආන්තික පිරිවැය ඩොලර් 250,000, දැන් ඩොලර් 8ක් බවයි. තාක්ෂණික දියුණුව මඟින්, නිෂ්පාදනය, සාම්ප්‍රදායිකව ලබාගත් හරක් මස් සමඟ පිරිවැය-තරඟකාරීවීමට වසර 10ක් තුළ ඉඩ සලසන බව පවසයි[156]. 2016දී ආහාර තාක්ෂණ සමාගමක් වන Memphis Meats සඳහා රසායනාගාර හරක් මස් සඳහා වැයවූ මුදල රාත්තලකට ඩොලර් 18000 විය[157]. 2017 ජූනි මස වන විට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය රාත්තලකට ඩොලර් 2400ක් විය. 2018 පෙබරවාරි මාසයේදී එය රාත්තලකට ඩොලර් 1700ක් විය. [158]
රසායනාගාර මස් ඉදිරි වර්ෂවලදී ගෝලීය පරිමාණෙන් මහජනතාවට නිරාවරණය වනු ඇති අතර එමනිසා නිෂ්පාදනය සම්බන්ධයෙන් පාරිභෝගික පිළිගැනීම වැදගත් වේ.[159] මේවා වෙළඳපොළට ඒම පාරිභෝගිකයන් පිළිගන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවතියි. චීනය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රසායනාගාර මස්වලට ඇති පිළිගැනීම පිළිබඳව කරන ලද පර්යේෂණයකදී හෙළි වූයේ, ලොව පුරා ජනාකීර්ණම රටවල් තුනෙහි පිරිසිදු මස්වලට ඇති පිළිගැනිම ඉහළ බවයි. [160]
මේවායේ පාරිභෝගික පිළිගැනීමට හේතු විය හැකි සාධක කිහිපයක් හඳුනාගෙන ඇත. සෞඛ්‍ය, ආරක්ෂාව, පෝෂණ ලක්ෂණ, තිරසාර බව, රසය සහ අඩු මිළ යන සියල්ලක්ම වැදගත් සාධක වේ. [161]එක් අධ්‍යයනයකින් හෙළිවූයේ රසායනාගාර මස් පැහැදිලි කිරීම සඳහා ඉහළ තාක්ෂණික භාෂාවක් පැහැදිලි කිරීම, මේ කෙරේ සෘණ මහජන ආකල්පයක් ඇතිවීමට හේතු වූ බවයි.[162] ඒ හා සමානවම, නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවට අවසාන නිෂ්පාදනය පැහැදිලි කිරීමද පිළිගැනීම වැඩිකරගත හැකි ක්‍රමයක් ලෙස යෝජනා කෙරේ.[163] මහලු ජනගහනයෙන් රසායනාගාර මස් පිළිගන්නේ අඩු ප්‍රතිශතයක් බව හෙළි වී ඇත. හරිත ආහාර ආහාරයට ගැනීමේ හැසිරීම, අධ්‍යාපන තත්වය සහ ආහාර ව්‍යාපාරය මෙම ජනගහනය සඳහා වඩාත් වැදගත් සාධක ලෙස දක්වා ඇත.[164]
ප්‍රමිතිගත විස්තර භාවිතා කිරීම මඟින් රසායනාගාර මස්, පාරිභෝගිකයා පිළිගැනීමේ ආකාරය පිළිබඳ අනාගත පර්යේෂණ වැඩිදියුණු කරනු ඇත. සමාන ජනගහන සමීක්ෂණවලට ලක්කර තිබියදීත් වර්තමානයේ වෙනස් අනුපාතයන් ඇතැම්විට දක්නට ලැබේ. රසායනාගාර මස් පිළිබඳ පාරිභෝගික පිළිගැනීමේ අධ්‍යයනයන් සඳහා වඩාත් සැසඳිය හැකි පර්යේඅනාගත ඉලක්කයක් ලෙස සැළකේ. [165]
ලෝක ව්‍යාප්ත වෙළඳපොළවලට සංස්කෘතික මස් ලැබෙන්නේ කෙසේද යන්න දැනට නොදනී. වර්තමානයේ පාරිභෝගික පිළිගැනීම තීරණය කිරීමට සහ මෙම අගය වැඩි දියුණු කිරීමේ ක්‍රම හඳුනාගැනීමට විශාල අධ්‍යයන ප්‍රමාණයක් උත්සාහ කරයි. රසායනාගාර මස් සඳහා වාරිකයක් ගෙවීමට කැමැති පාරිභෝගිකයන් සිටින බව අධ්‍යයනයකින් හෙළි වී ඇතත්, නොදන්නා දේ සම්බන්ධයෙන් පිළිතුරු රහිතබවක් පවතියි. [166][167][168][169][170][171]
රසායනාගාර මස් විද්‍යා ප්‍රබන්ධවල බොහෝ විට දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් මුල්ම සඳහන Kurd Lasswitzගේ Two Planets (1897) හි විය හැක. එහී කෘතිම මස් යනු අඟහරු ජීවීන් විසින් පෘථිවියට හඳුන්වා දුන් කෘතිම ආහාරවලින් එකකි. කෘතිම මස් ගැන සඳහන් කරන තවත් කැපී පෙනෙන පොත් අතර René Barjavelගේ "Ashes,Ashes" (1943); Frederick Pohl සහ C. M. Kornbluthගේ "The Space Merchants" (1952); Douglas Adamsගේ "The Restaurant at the End of the Universe" (1980); Jacques Lob සහ Jean-Marc Rochetteගේ "Le Transperceneige (Snowpiercer)" (1982); William Gibsonගේ "Neuromancer" (1984); Margaret Atwoodගේ "Oryx and Crake" (2003); Jeffrey Thomasගේ "Deadstock" (2007); Charles Strossගේ "Accelerando" (2005); Rudy Ruckerගේ "Ware Tetralogy"; Veronica Rothගේ "Divergent" (2011); සහ Lois McMaster Bujoldගේ "Vorkosigan Saga" (1986-2018) වේ.[තහවුරු කර නොමැත] [ උපුටා දැක්වීම අවශ්‍යයි ] Giulio Questiගේ 1968 ටෙලි නාට්‍ය "La Morte Ha Fatto I'uovo (Death Laid An Egg)" සහ Claude Zidiගේ 1976 හාස්‍ය ටෙලිනාට්‍යය "L'aile Ou La Cruisse (The Wing or Thigh)" හි කෘතිම මස් සඳහන් වේ. David Lynchගේ 1977 සර්රියල්වාදී (surrealist) "Eraserhead"හිද "මිනිසා සැදූ" කුකුළන් දක්නට ලැබේ. ඉතා මෑතකදී, එය "Antiviral" (2012) චිත්‍රපටයේ කේන්ද්‍රීය තේමාව ලෙසද කැපී පෙනුනි.[තහවුරු කර නොමැත]
[ උපුටා දැක්වීම අවශ්‍යයි ] "Star Trek" කතාමාලාවේ හමුවන "The Starship Enterprise" විසින් කාර්යමණ්ඩලයට[172] කෘතීම හෝ වගා කළ මස් ආහාර ප්‍රභවයක් ලෙස සපයනු දක්නට ලැබේ.[තහවුරු කර නොමැත]
[ උපුටා දැක්වීම අවශ්‍යයි ] ABCහි "Better Off Ted"හි (2009-2010), "Heroes" කොටසේ ෆිල් (Jonathan Slavin) සහ ලෙම් (Malcolm Barrett) ගවමස් වගා කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. [තහවුරු කර නොමැත] [ උපුටා දැක්වීම අවශ්‍යයි ] "Project Eden" නම් වීඩියෝ ගේමයේ ක්‍රීඩක චරිත විසින් Real Meat නම් මස් වගා කරනු ලබන සමාගමක් විමර්ශනය කරයි.[තහවුරු කර නොමැත]
[ උපුටා දැක්වීම අවශ්‍යයි ] "GalaxyQuest" චිත්‍රපටයේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර, ටිම් ඇලන්ගේ චරිතය, ඔහුගේ ස්ටෙයික් "නියම අයෝවා හරක් මස්" සේ රසවත් යැයි පවසයි. [තහවුරු කර නොමැත] [ උපුටා දැක්වීම අවශ්‍යයි ] "The Expanse"හි සැබෑ මස් ආනයනය කිරීමේ අධික පිරිවැය හේතුවෙන් පෘථිවියෙන් පිටත පිහිටි අභ්‍යාවකාශ නැව්/මධ්‍යස්ථානවල ජීවත්වන ජනතාව පෝෂණය කිරීම සඳහා "vat-grown" මස් නිෂ්පාදනය කෙරේ. [තහවුරු කර නොමැත] [ උපුටා දැක්වීම අවශ්‍යයි ]
රසායනාගාරවල වගා කළ මස් 2009 මාර්තු 17වන දින Colbert Reportහි කථාංගයක් විය.[173]
2014 පෙබරවාරියේදී, Bitelabs නම් ජෛව තාක්ෂණික පණගැන්වුමක් ලෙස ප්‍රසිද්ධ චරිතවල පටක සාම්පල වලින් සාදන ලද මස් වලින් artisanal salami සාදා මහජන සහයෝගය ජනනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය. මෙම ව්‍යාපාරය twitterහි ජනප්‍රිය වූ අතර වෙබ් අඩවියේ පරිශීලකයන් ප්‍රසිද්ධ චරිතවලට පේශී සෛල පරිත්‍යාග කරන ලෙස ඉල්ලා පණිවිඩ යැවීය.[174] මෙයට මාධ්‍ය ප්‍රතික්‍රියා දැක්වූයේ ප්‍රසිද්ධ චරිත යන සංස්කෘතිය[175] හා පණගැන්වුම් සංස්කෘතිය[176] හාස්‍යට ලක්කිරීමක්, එසේත් නැත්නම් ජෛව විද්‍යාත්මක අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීම හාස්‍යට ලක් කිරීමක් ලෙසයි. සර්ජි බ්‍රින්ගේ බර්ගරයේ සාර්ථකත්වයෙන් ඔවුන් උනන්දු වූ බව BiteLabs පැවසූවත්, සමාගම සැබෑ ව්‍යාපාරයකට වඩා විවේචනාත්මක නිර්මාණ සඳහා උදාහරණයක් ලෙස සළකනු ලැබේ.[තහවුරු කර නොමැත] [ උපුටා දැක්වීම අවශ්‍යයි ] 2016 අගභාගයේදී, CBSහි "Elementary"හි "How The Sausage is Made" කොටසට රසායනාගාර මස් සම්බන්ධ විය.[තහවුරු කර නොමැත]
ReplyForward |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.